Ads 468x60px

.

සදේශ්ගේ චිත‍්‍රපටයේ නටන්න පණිවුඩ පිට පණිවුඩ යැවූවත් ජැකලින් තුට්ටුවකට ගනන් අරගෙන නෑ.

ජැකලින්ට ඉල්ලන ඕනෑම මුදලක් ලබාදීමට සදේශ් සූදානම්ලු ...

මෙහි රගපාන්නේ නොමිලේ බව මීට පෙර ජැකලයින් ප‍්‍රසිද්ධියේ පවසා තිබුනා...

එහෙත් දැන් එය තුට්ටුවකට ගනන් ගන්නේ නැති බවයි වාර්තා වන්නේ...

2006 දී ශී‍‍්‍ර ලංකා රූ රැජින සහ ජනපි‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ‘සුපර් සික්ස්’ නිෂ්පාදක සදේශ් කුමාරගේ ප‍්‍රවේගය චිත‍්‍රපටයේ ගීතමය දර්ශනයකට එක්වන බව පවසා ඊට සහාගී නොවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ජැකලින්ගේ නැටුමට ගීත නිර්මාණය කිරීමට ලක ලැහැස්ති වී සිටියේ භාතිය හා සංතුෂ් යුවල බවද පැවසෙනවා.මේවන විට ප‍්‍රවේගය සිනමා සිත්තමේ සියලු වැඩ අවසන්ව ඇති බවත්, එහි ජැකලින් රග නොපාන බවත් වාර්තා වෙනවා.

මේ අතර, ජැකලින්ට ඉල්ලන ඕනෑම මුදලක් ලබාදීමට තමා සූදානම් බව පවසමින් සදේශ් පණිවුඩ පිට පණිවුඩ යැවූවද ඇය එයද තුට්ටුවකට ගනන් ගෙන නොමැති බවද පැවසෙනවා.

කෙසේවුවද අදාල සිංහල සිනමා සිත්තමේ
තමා රගපාන්නේ නොමිලේ බව මීට පෙර ජැකලයින් ප‍්‍රසිද්ධියේ පවසා තිබුනා.ප‍්‍රවේගය දමිල චිත‍්‍රපටයක් වන ‘පොල්ල දාවන්’ චිත‍්‍රපටය කොපි කරමින් කරන ලද නිෂ්පාදනයකි.

මෙහි ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට හේමාල් රණසිංහ පණ පොවයි.අදාල දමිල චිත‍්‍රපටය ආශ‍්‍රයෙන් මෙහි තිර රචනය සකස්කර ඇත්තේ මහේෂ් රත්සර මද්දුමආරච්චි විසිනි.

කොළිවුඩ් සිනමාවේ අද්විතීය රංගධරයෙකු සේ සැලකෙන රජිනි කාන්ත්ගේ බෑනා වන ධනුෂ් දෙමළ චිත‍‍‍්‍රපටයේ ප‍‍‍්‍රධාන චරිතය සඳහා පණ පොවනු ලැබීය.එහි ප‍‍‍්‍රධාන නිළිය ලෙස රම්‍යා හෙවත් දිව්‍යා ස්පන්දනා චරිත මැවීය.

වසර 2007 දී මෙය දකුණු ඉන්දියාවේ තිරගත වූ අතර, ධනුෂ් මෙහි ‘ප‍‍‍්‍රභු’ ලෙස රගපෑවේය.එහි හේමාල්ගේ අයියාගේ චරිතයට ප‍‍‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි පණපෙවීමට නියමිතය.උදාරි රණසිංහ නම් වූ තවත් නිළියක රිදී තිරයට පැමිණීමට නියමිත බව ද මේ අතර වාර්තා වේ.

ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න, මොරින් චාරුණී, ටිරෝන් මයිකල්, ජනිත වික‍්‍රමගේ, හේමන්ත ඊරියගම, සමන් හේමරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ජෙග ජෙයින් ඇතුළු පිරිස සෙසු චරිතයන් රඟති.

මෙහි රූගත කිරීම් කොළඹ, ගාල්ල සහ නුවරඑළිය යන ප‍‍්‍රදේශවල සිදු කර තිබේ.පොල්ලධාවන් යන්නේ සිංහල තේරුම නරුමයා යන්නය.
 
Related Posts with Thumbnails