Ads 468x60px

.

බ්‍රිතාන්‍ය සුරූපිනියන් මදිවට ලංකාවේ තරුණියන් දෙන්නෙකුත් කොදෙව්වන්ගේ කාමරේට රිංගලා.

කි‍්‍රඩකයන්ගේ හෝටල් කාමරයේ පාන්දර වෙනකන්ම ඉඳලා...

මොවුන් දෙදෙනාගේ පැහැයද කොදෙව්වන්ට සමානයිලු...

එක් තරුණියකප‍්‍රබල කී‍්‍රඩකයකු සමග සම්බන්ධයකුත් තිබිලා...

පසුගියදා අපට අසන්නට ලැබුනේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට ඇතුළුවී සිටි බ්‍රිතාන්‍ය ජාතික සුරූපී තරුණියන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතකුයි.

ඊට අමතරව ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින කොදෙව් කණ්ඩයම පසුගියදා පල්ලේකැලේ පැවැති තරගවලට සහභාගිවී සිටියදී ඔවුන් නැවතී සිටි හෝටල් කාමරවලට ලංකාවේ තරුණියන් දෙන්නෙකුත් රිංගා ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට තොරතුරක් ලැබී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

එසේම ඔවුන් කොදෙව් කි‍්‍රඩකයන්ගේ

සාදයකට එක්වී හිමිදිරිය වන තෙක්ම එහි සිට ඇතැයිද එම ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.අදාල කාන්තාවන් දෙදෙනා මෙම තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා එක්වී සිටින දෙදෙනෙකු බවද පැවසෙනවා.

මොවුන් දෙදෙනාගේ පැහැයද කොදෙව්වන්ට සමාන බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මින් එක් කාන්තාවකට කොදෙව්වන් මීට පෙර ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවක ඔවුන්ගේ ප‍්‍රබල කී‍්‍රඩකයකු සමග සම්බන්ධයක් පැවැත්වූ බවට ද චෝදනා එල්ලවී තිබුනා.




===================//====================


කොදෙව්වන්ගේ හෝටල් කාමරයෙන් ඇල්ලූ බ්‍රිතාන්‍ය සුරූපිනියන්...


ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකුත් එක්ක තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් ඉඳලා...

ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවෙන්න බැරිලු...


සුරුපිනියන් තුන් දෙනා අත්අඩංගුවට ගැනිමෙන් පසු ක්‍රිස් ගේල්ට මල පැනලා...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට ඇතුළුවී සිටි බ්‍රිතාන්‍ය ජාතික සුරූපී තරුණියන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ 03 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොදෙව් කණ්‌ඩායමේ ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකු සමග මෙම තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිසිය පවස
නවා.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීතිවලට අනුව ක්‍රිකට්‌ තරගාවලියක්‌ සඳහා පැමිණෙන ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවිය නොහැක.


එම නීති රීති උල්ලංඝනය කරමින් මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් කොදෙව් ක්‍රීඩකයන් සමඟ සිටිනු දුටු පොලිස්‌ නිලධාරීන් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසියට රැගෙන ගොස්‌
තිබෙනවා.

පසුව කොදෙව් කණ්‌ඩායම භාර නිලධාරීන් පිරිසක්‌ මැදිහත්වී
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්නය සමථයකට පත්කරගෙන තිබෙනවා.

එම නිලධාරීන් තම ක්‍රීඩකයන්ට අවවාද කරන බව පවසා අත්අඩංගුවේ සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් මුදාහරින ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ඉල්ලීමක්‌ කර
තිබෙනවා.



ඒ අනුව එම බ්‍රිතාන්‍ය ජාතික තරුණියන්ට තදින්ම අවවාද කර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කර
තිබෙනවා.


 
Related Posts with Thumbnails