Ads 468x60px

.

නයි නළඟන පොලිසියෙන් ලක්‍ෂ 20ක වන්දියක්‌ ඉල්ලලා

වග විභාගයක්‌ නැතිව පොලිසිය අසභ්‍ය
වචනයෙන් බැණවැදී පොලිසියට ගෙන ගියා...

ඇගේ පියාත් නයි නටවනවලු...

ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුනා.

ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරුනා
.

රාත්‍රි සමාජ ශාලාව තුළ නයෙක්‌ තුරුළු කරගෙන නිදාගෙන සිටි මෙම
තරුණිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව වගඋත්තරකාර පොලිස්‌ නිලධාරීන් සියලු දෙනාම උසාවි කැඳවා ඒ පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට තීරණය කෙරුනා.

නිමල් ගාමිණී අමරතුංග, එස්‌. අයි. ඉමාම්, චන්ද්‍ර ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. දන්තුරේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න හෙවත් දිලානි මෙහි පෙත්සම්කාරියයි.

පෙත්සමේ සඳහන් අන්දමට ඇය ක්‌ලියෝපැට්‌ට්‍රා නමැති රාත්‍රි සමාජ ශාලාවේ රැකියාවට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය. ඇය එහි කළ රාජකාරිය රැඟුම් ඉදිරිපත් කිරීමය. රාත්‍රි සමාජ ශාලාව සවස 6.30 ට පමණ ආරම්භ කර අලුයම දක්‌වා විවෘතව පවතින අතර ඒ කාලය තුළ ඇය හත් වතාවක්‌ ප්‍රේක්‍ෂකයන්ට සිය රංගනය ඉදිරිපත් කරයි.

කුඩා කල සිට ඇය නයින්ට ඇලුම් කරන්නියකි. ඇගේ පියාද නයි නැටවීම කර ඇති අතර නයි තිදෙනෙක්‌ ඔහු සතුව සිට ඇත.ඇගේ පියා ආර්. එම්. විමලරත්න බෞද්ධයෙක්‌. මව ඉන්දියානු ජාතික හින්දු කාන්තාවකි. පෙත්සම්කාර තරුණිය දරු තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයාය. මේ වන විට ඇගේ වයස අවුරුදු 21 කි.

දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඇය අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිට සියලුම විෂයන් උසස්‌ ලෙස සමත් වී ඇති නමුත් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට යොමු වී නැත. රංගන ශිල්පය ඇගේ ප්‍රියතම විෂය ය,ඇගේ ජීවනෝපාය ලෙස තෝරාගෙන ඇත. ඇය ළඟ සිටි නයා කුඩා කාලයේදීම තුඹසකින් අල්ලා ගෙන විත් ළඟ තබාගෙන සාත්තු සප්පායම් කරමින් ආදරයෙන් හදා වඩා ඇති අතර වේවැල්වලින් තැනූ පෙට්‌ටියක දමාගෙන යන සෑම තැනකම ගෙන ගොස්‌ ඇත.

රාත්‍රි සමාජ ශාලාවට පොලිසිය පැමිණි දිනයේ ඈ ළඟ සිටි නයා පොලිසියට පෙන්වා ඇති අතර ඊට පසුව වග විභාගයක්‌ නැතිව පොලිස්‌ නිලධාරීන් ඇයට අසභ්‍ය වචනයෙන් බැණවැඳී ඇයත්, නයාත් පොලිසියට ගෙන ගොස්‌ ඇත. පසුව ඇය මානසික රෝගයකින් පෙළෙන බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එතැනින් උසාවි නියෝගයක්‌ මත රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ඇය පෙත්සමෙන් කියා සිටින්නේ බලෙන් අත්අඩංගුවට ගැනීමට තරම් නීති විරෝධී ක්‍රියාවක්‌ හෝ වරදක්‌ නොකළ බවයි. සත්ව හිංසා හා ආරක්‍ෂණ පනත යටතේ වරදක්‌ කර ඇති බව පවසමින් තමා අත්අඩංගුවට ගත් බව පොලිසිය උසාවියට වාර්තා කර තිබුණත් නයාට කිසිදු හිංසාවක්‌ තමා නොකළ බවද ඇය කියා සිටී.

කොල්ලුපිටියේ තමා සේවය කළ රාත්‍රි සමාජ ශාලාවට කඩා පැන වැටලීමක්‌ කිරීමට එරෙහිව එහි අයිතිකරු වන තෝමස්‌ පෙරේරා විසින් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්aඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක්‌ පැවරූ නිසා ඒ තරහට ඔහුගෙන් පළිගැනීමට පොලිසිය තමාව අත්අඩංගුවට ගත් බවද ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

කොල්ලුපිටිය පොලිසියේ සේවය කරන පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන රුවන්, ජයසුන්දර, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් සුනේත්‍රා, පොලිස්‌ ස්‌ථානාධිපති මංගල දෙහිදෙනිය, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 11, 12 (1), 13 (1), 13 (2), 14 (1) ජී යන වගන්තිවලින් සහතික කර ඇති තම මූලික අයිතීන් පොලිසිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙසත් තමාට කළ හිරිහැරයට පොලිසියෙන් රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ අයකර දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
Related Posts with Thumbnails