Ads 468x60px

.

T20 නර්තන ශිල්පිනියන් කැපෙයි..!

චියර් ලීඩර්ස්ලා විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක්ලු..

නර්තන ශිල්පිනියන් ගැන ක්‍රීඩා ලෝලීන්ගේ අප්‍රසාදය...

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලාන තරගාවලියේ රැඟුම් දක්වන ශිල්පිනියන්ගේ නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන 'චියර් ලීඩර්ස්' (Cheerleaders ) නමින් හැඳින්වෙන මෙවැනි ශිල්පිනියන්ගේ රංගන ද අයිපීඑල්, එස්එල්පීඑල් ඇතුළු විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා
.

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය වැනි තරඟ පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකාව දේශීය සංගීතය හා නර්තන ක්‍රම යොදාගත් බවත්, ඒ අවස්ථාවල ක්‍රීඩා ලෝලීන් පිනවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදීමටත් ශ්‍රී ලංකාව සමත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පවසනවා
.

මෙම විවේචන හමුවේ,  එම නර්තන ශිල්පිනියන්ගේ  පුහුණුකරු සුදේව් අබේසේකර මහතා   'හින්දුස්තාන් ටයිම්ස්' පත්‍රයට ප්‍රකාශ කොට තිබුනේ,  විස්සයි විස්ස ජගත් කුසලානයේ ක්‍රීඩා ලෝලීන් පිනවන නර්තන ශිල්පිනියන් පුහුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබුන බවත්, අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් ඔවුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීයමය ශිල්පීන් එයට සහභාගි කරගත නොහැකි වූ බවත්ය.

කෙසේ නමුත් තමන් එවැන්නක් මාධ්‍යවලට නොකී බව 'බිබිසි සංදේශය' කළ විමසීමකදී සුදේව් අබේසේකර මහතා පැවසිය.

පැනනැගී තිබෙන ගැටලුව පිළිබඳව 'ඩේලි මිරර්' පුවත්පතට  අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා තිබුනේ, මෙම නර්තනය සඳහා තරුණියන් තෝරා ගැනීම සහ ඔවුන් පුහුණුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

එසේ තම උපදෙස් පැතුවේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබුණි.


156641 450973504954738 812808578 nSL CL 570px-12 10 04391630 485795398105129 1638
 
Related Posts with Thumbnails