Ads 468x60px

.

මට ආදරේ කරන කොල්ලෙක් හම්බ වුනොත් හෙටම බඳිනවා - උදයන්ති

ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි කියල හිතෙනවා...

ආදරේ කලා හෝ වෙන දෙයක් කළා කියලා මේ තරම් මඩ ගහන්න හොඳ නැහැ...

කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම හිටියේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මේ දවස්වල මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව.

ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ. මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා."


නමුත් වසර දෙකකට පමණ පසු කාලයත් සමඟ ඇය එම අදහස වෙනස් කරගන තිබෙන අතර දැන් ඇය පවසන්නේ "ඇත්තටම මට ආදරේ කරන කොල්ලෙක් හම්බ වුනොත් හෙටම බඳිනවා" යනුවෙනි.

ආදරේ ගැන හිතන විදිහ?
මේ මොහොතේ ඇතිවෙලා මේ මොහොතේ නැතිවෙනවා. ඒක හැඟීමක්.

විඳලා තියනවද?
විඳලා තියනවා. ආදරේ සතුට දුක දෙකම විඳලා තියනවා

මේ දවස් වල?
මේ දවස් වල ආදරේ විරහව විඳිනවා. දැන් මම කැමති නැහැ විරහවට.

හේතුව?
හේතුවක් කියලා නැහැ. ආදරේ ඉතින් ස්ථිර හැඟීමක් නෙවේ. ඒක වෙනස් වෙනවා.

කෙනෙක් ඉන්නවද?
තාම එහෙම කෙනෙක් ලැබිලා නැහැ. ලැබුනොත් හෙටම බඳිනවා. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ලැබුනොත් විවාහ වෙනවා.

ඇයි ඔබව කවුරු හරි රැවැට්ටුවද?
රවට්ටලා නම් නැහැ. යෝජනා ගොඩාක් එනවා. ඒත් ගැලපෙන කෙනෙක් හමුවෙලා නැහැ. ගැලපෙනව නම් විවාහ වෙනවා.

ගැලපෙනව කියන්නේ?
ගැලපෙනවා කියන්නේ අදහස්, ගතිගුණ හැම අතකින්ම. සල්ලි තිබුනටවත් වැඩක් නැහැ. එහෙම අය ගොඩාක් කතා බහ කරද්දී දැනෙනවා අදහස් වලින් හරි මෝඩයි කියලා. ඒ වගේ අයට මම කැමති නැහැ. මට ගැලපෙන්නේ නැහැ.

ක්ෂේත්‍රය ගැන කියන කතා බොරුද?
නලු නොළියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. එයාලා ආදරේ කලා හෝ වෙන දෙයක් කළා කියලා මේ තරම් මඩ ගහන්න හොඳ නැහැ. අර ක
තාවක් තියනවනේ ඵල ඇති රුකටලු ගල් ගහන්නේ කියලා. ඒ වගේ දෙයක්.


ජනප්‍රිය නිළියක වන උදයන්ති කුලතුංග විසින් මීට පෙර පවසා තිබුනේ ඇය කිසිදාක විවාහ නොවෙනා බවයි.










 
Related Posts with Thumbnails