Ads 468x60px

.

මිනීමරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මා මේ ශරීරයෙන් අයින් වෙනවා දියණිය ආරූඪයෙන් කියයි...

වැස්‌සේ එතැනට ආපු හතර දෙනෙක්‌ මාව වටකරගෙන ගැහුවා...

ගේයි ඉඩමයි දුන්නේ නැතිනම් මාව එල්ලනවා කිව්වා...

අම්මා මගේ බිරිඳට උදව් උපකාර කළේ ආදරේට නෙමෙයි...


පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා පානදුර ගොරකානේ සොහොන් භූමිය අසලදී මියගිය තිදරු පියකුගේ අභිරහස්‌ මරණය ගැන සියලු විස්‌තර මියගිය අයගේ බාලම දියණිය විසින් ආරූඪයෙන් මෙන් ප්‍රකාශ කර තිබෙනවා.

තොරතුරු අනාවරණය වන අන්දමට අභිරහස්‌ ලෙස මෙසේ මියගොස්‌ ඇත්තේ පානදුර ගොරකානේ පදිංචිව සිටි සමන් සිරි පීරිස්‌ (පාලිත) නමැති 43 ක්‌ වයසැති තිදරු පියෙකි.

මොහුගේ අභිරහස්‌ මරණය පිළිබඳව සියලු තොරතුරු කියනුයේ ඔහුගේ බාලම දියණිය වන තිළිණි ඉෂාරා නමැති 11 හැවිරිදි දැරියකි. ඇය 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබ
නවා.

ඇය ආරූඪයෙන් මෙන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.


මගේ (පියාගේ) රැකියාව පොහොර නිෂ්පාදනය කර අලෙවි කිරීමයි. එදා හවස මම පොහොර ගෙන එන්න ගොරකානට ගියා. එදා හරියට වැස්‌ස. විදුලි කොටනවා. මම හිටියේ හරක්‌ මඩුවක. ඒ වැස්‌සේ එතැනට ආපු හතර දෙනෙක්‌ මාව වටකරගෙන ගැහුවා. මේ ගහනකොට උන් මගෙන් ඇහුවා උඹේ බිරිඳයි, දරුවන් තිදෙනාවයි විනාශ කරන්නද නැත්නම් උඹේ ගේ දෙනවද කියලා. එහෙම අහලා මට හොඳටම පහර දුන්නා.

මගේ ගේ දුන්නම අපි ඉන්නේ කොහෙද කියලා මා ඇහුවා. ඒව අහන්නේ නැතිව උන් කිව්වේ ගේයි ඉඩමයි දුන්නේ නැතිනම් මාව එල්ලනවා කියලයි. උන් මගේ ඇස්‌ දෙක බැන්දා බෙල්ලට ලණුවක්‌ දැම්මා. මම හයියෙන් කෑගැහුවා. මගේ හඬ ප්‍රදේශය පුරා පැතිර යන්න ඇති. නමුත් කවුරුවත් මිනිස්‌සු ආවේ නැහැ. 


ත්‍රීවීල් එකක කකුල් හප්පලා මගේ කකුල් කැඩුවා. දරුවන්ගේ භාරය ඔප්පු කරන්න සිරිපාදේ යන්න රුපියල් 16,000 ක්‌ කැබිනට්‌ එකේ තිබ්බා. ඒවත් උන්ගත්තා. බැංකුපොත් ටිකත් ගත්තා. ත්‍රීවීල් එකේ ණය ගෙවන්න තිබූ සල්ලිත් උන් ගත්තා.

මේ හැම දේම වෙලා ගෙදර අය පොලිසියට ගියත් වැඩක්‌ වුණේ නැහැ. පොලිසියේ අය ගෙදර අයව පන්නා ගන්නවා. පොලිසියේ අය උන්ගේ පැත්තමයි ගන්නේ.

උන් මට ගහලා එතැන අරක්‌කු බීලා ඉතිරි අරක්‌කු මගේ ඇඟේ හැලුවා. අරක්‌කු බීලා මම එල්ලුනා කියලා පෙන්වන්නයි ඒක උන් කළේ. මගේ අම්මා මගේ බිරිඳට උදව් උපකාර කළේ ආදරේට නෙමෙයි. මගෙන් ගේ දෙනවද කියලා ඇහුවේ සුසිල්. මට ගැහුවේ කරුණගේ හා සුනිල්ගේ පුත්තුයි. මේ මිනීමරුවන්ට නිසි දඬුවම් දෙන්න. එතකොට මේ ශරීරයෙන් මම අයින් වෙනවා.

දැරියගේ මේ ප්‍රකාශය පිළිබඳව පවුලේ ඥාතීන් පොලිසියට දැනුම් දී තිබේ. මේ පවුලේ සියලු දෙනා ආරක්‌ෂාව පතා ප්‍රදේශයෙන් ඉවත්ව ගොස්‌ වෙනම පදිංචිව සිටි
නවා.
 
Related Posts with Thumbnails