Ads 468x60px

.

ජිනා මැඩම්ට ඇප නෑ

කොල්ලූපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයක මහල් කිහිපයක් කුලියට ගෙන ගණිකා නිවසක් පවත්වාගෙන ගියේ යැයි කියන රෝස්මරි ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම් නමැත්තිය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පසුගියදා නියෝග කළේය.

අදාළ ගණිකා නිවස පානදුර වලාන දිසා දූෂණ මර්දන අංශය මගින් වටලන අවස්ථාවේදී සැකකාරිය සිය සගයන් සමඟ රහස් දොරටුවකින් පිටවී පලාගොස් තිබිණි.

පසුව ඇය කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී පොලිස් දැලට හසු වූවාය.

එම ගණිකා නිවසේ ආරක්ෂිත කැමරා සවිකොට දැඩි රැුකවල් යොදා තිබූ බවද පැවසේ.

මෙම සැකකාරියට එරෙහිව 2007 වසරේ ඔක්තෝබර් 24 වැනිදා කාන්තාවක ගණිකාවක් බවට පත් කිරීමේ චෝදනාවක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබේ.
ඇය මෙම නඩුව මඟ හරින් සිටි බවත්, එබැවින් ඇයට අධිකරණය මගින් වරෙන්තු නිකුත්කොට තිබිණි.

සැකකාරිය අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, මහාධිකරණ විනිසුරු දීපාලී විෙඡ්සුන්දර මහත්මිය ඇය ජුලි 08 වැනිදා දක්වා රක්ෂිත භාරයේ තැබීමට නියෝග කොට තිබිණි.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ මිරන්ත වරලියද්ද යන මහත්වරු විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.
 
Related Posts with Thumbnails