Ads 468x60px

.

ඉන්දියාවේ වඳුරු මඟුලක්

වඳුරන් දෙදෙනෙකු අතර සිදුකළ විවාහයක් පිළිබඳව ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
මෙම අපූරු විවාහයේ මනමාළයා වී ඇත්තේ රාජු නම් වඳුරෙකි.
වසර තුනකට පෙරදී සිහිසුන් වී සිටි රාජු 38 හැවිරිදි රාජේෂ් නම් ත‍්‍රීරෝද රථ රියදුරකු විසින් දරුකමට හදාගත් වඳුරෙකු බවත් රාජේෂ් සමග ආහාර ගැනීම, දුම්බීම, නිදාගැනීම සිදුකරන මෙම සත්ත්වයා එම ප‍්‍රදේශයේ ගම්වැසියන් අතර මහත් ප‍්‍රසිද්ධියක් ලබාසිටි බව පැවසේ.

මෙලෙස සිය දරුවෙකු මෙන් ඇතිදැඩි කළ රාජු හට විවාහයක් කරදීමට පසුගියදා රාජු තීරණය කළ අතර, නුදුරින් පිහිටි ගමක පූජකවරයෙකු විසින් ඇතිදැඩි කරමින් සිටි චින්කි නම් වැඳිරියක් හා රාජු ගේ විවාහය සිදුකිරීමට තීන්දු කෙරිණි.
මෙම විවාහය සඳහා ආරාධනාපත් සියගණනක් මුද්‍රණය කර තිබුණු අතර, මීට අමතරව ගැමියන් සියල්ලටම විවෘත ආරාධනයක් ලැබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව කණවැකුණු රාජස්තාන් ප‍්‍රාන්තයේ වන සංරක්‍ෂණ නිළධාරීන් මීට එරෙහි වී ඇත.
ඉන්දියාවේ වඳුරන් එරට රජයේ දේපළ ලෙස සංරක්‍ෂණය කර ඇති හෙයින් ඔවුන්ව සුරතල් කිරීම, පුහුණු කිරීම හෝ ඇතිදැඩි කිරීම එරට නීතියෙන් තහනම් වේ.
මේ හේතුවෙන් වඳුරන් දෙදෙනෙකු මෙලෙස විවාහ කරදීමනීතිවිරෝධී බව පවසමින් මංගල උත්සවයට සහභාගී වන සියළු දෙනා අත්අඩංගුවට ගන්නා බව වන සංරක්‍ෂණ නිළධාරීන් අනතුරු අඟවා තිබුණි.
විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ දිනයේදී ආරක්‍ෂක නිලධාරීන් 200ක් පමණ එම ප‍්‍රදේශයට යවා තිබූ අතර, මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ ජනයා පොලිස් නිළධාරීන් සමග කුපිත වී ඇත.
කෙසේ වෙතත් මෙම විවාහය රහසිතව වනාන්තරයේදී සිදුකර ඇති බව පසුව සැලවිය.
මෙම පුවතත් සමග මෙම සතුන් සොයාගිය වන සංරක්‍ෂණ නිළධාරීන් හට විවාහක හින්දු කතුන් සංකේතවත් කරන නළලේ සින්දූර් සහිත චින්කිහා රාජුව හමුවී ඇත.
චින්කි හා රාජු වනයට නිදහස් කරන බව නිලධාරීන් පැවසුවද මොවුන් දෙදෙනා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි රාජු හැඟීම්බරව පවසයි.
 
Related Posts with Thumbnails