Ads 468x60px

.

වරකාපොල බස්‌-ලොරි ගැටුමෙන් 37 කට තුවාල

කොළඹ නුවර මහාමාර්ගයේ වරකාපොල නගරයේ ක්‍රීඩාපිටිය ඉදිරිපිට පෙරේදා (10 දා) රාත්‍රියේ පෞද්ගලික බස්‌ රථයක්‌ හා වැලි ලොරියක්‌ මුහුණට මුහුණලා ගැටීමෙන් බස්‌ රථයේ සිටි 35 දෙනකු, ලොරි රථයේ රියෑදුරු හා ලොරි සහායක තුවාල ලබා වරකාපොල හා කෑගල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති බව වරකාපොල පොලිසියේ රථවාහන අංශය කියයි.

අනතුරට පත් බස්‌ රථයේ ගමන් කළ පිරිස පානදුර සිට අනුරාධපුර වන්දනාවේ ගොස්‌ ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බව තුවාලකරුවෝ පවසති.

තුවාලකරුවන්ගෙන් බරපතළ තුවාලලත් පිරිස කෑගල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර සුළු තුවාල ලත් අය වරකාපොල රජයේ රෝහලට ඇතුළත්කොට තිබේ.

වරකාපොල පොලිසියේ ස්‌ථානාධිපති නිමල් කුලතුංග මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails