Ads 468x60px

.

සෑම තත්පරයකටම දරුවන් තිදෙනෙක්

ලොව කුමන හෝ ස්ථානයක සෑම තත්පරයකටම දරුවන් තිදෙනෙකු උපදින බව නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙන අතර එය වසරකට මිලියන 93ක් බව එම වාර්තාව වැඩිදුරටත් සනාථ කරන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. අතිරේක ලේකම්වරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේට (11) යෙදී තිබුණු ලෝක ජනගහන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය. 
ශ්‍රී ලංකාව තුළ වසරකට දරුඋපත් 385,000ක් සිදුව අතර අප රටේ තරුණ ජනගහනය මිලියන 05ක් වනබවත් වෛද්‍ය ඉතිහාසයේ පැවැති වැඩිම සංඛ්‍යාව මෙය බවත් පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ ආයුඅපේක්‍ෂාව වැඩිම පුද්ගලයින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අඩුම ආයුඅපේක්‍ෂිත පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කයේ ද ජීවත්වන බව සමීක්‍ෂණයකින් හෙළිව ඇතැයි ද අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් කීය.
 
Related Posts with Thumbnails