Ads 468x60px

.

යතුරු පැදියේ ගැටී මිය ගිය වැල්ලවීදිය සිසුවාගේ මරණය ගැන. මීගමු පොලියෙන් නිහඩ පිලිවෙතක්. ප‍්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා

මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව හුන් 17 හැවිරිදි ඩිල්ෂාන් මිය යන විට වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු සහ ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයෙකු විය. එදින දේවස්ථානයේ සිට මිතුරන් තිදෙනෙකු සමඟ පාපැදි වලින් ( පාපැදි 03 කින් ) සිය නිවස දෙසට යමින් සිටියදී එනම් ලූවිස් ප‍්‍රදේශයේ කී‍්‍රඩාංගනය අසලදී පසුපසින් පැමිණුන යතුරු පැදියේ ඩිල්ෂාන් පැමිනි පාපැදිය ගැටී තිබේ. එහිදී ඇති වූ අනතුර සමඟ මීගමුව රෝහලටත් ඉන් පසු ස්කෑන් වාර්තාවක් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලටත් ඩිල්ෂාන්ව යැවුනු අතර කොළඹ සිට ආපසු මීගමුව රෝහලට එන ගමනේදී ඔහු මිය ගොස් තිබීනි.

ඩිල්ෂාන් සමඟ පාපැදි වලින් ඉදිරියෙන් පැමිණි මිතුරන් පවසන පරිදි යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා මෙම අනතුර සිදු වන අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කොට තිබුණු අතර ඒ අවස්ථාවේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව මේ අනතුර සිදු වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කල යුතු අදාල නීතිමය කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමී හා අක‍්‍රමවත් ලෙසින් බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරති.
මිය ගිය ඩිල්ෂාන් ධීවර වෘත්තියේ නිරත වැල්ලවිදියේ පදිංචි ජුඞ් රොදිගු යුවලගේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ 02 වන දරුවායි . ඔහුට තවත් වැඩිමහල් සහ බාල සහෝදරියන් දෙදෙනෙකි. පවුලේ එකම පිරිමි දරුවා වු හෙයින් දෙමව්පියන්ගේ මෙන්ම සහෝදරියන්ගේද නිරන්තර ආදරයට ලක් වූ ඩිල්ෂාන් පාසලේ ගුරු මහත්ම මහත්මාවීන්ගේද නොමද කරුණාව ආදරය දිනාගත් දීප්තිමත් ශිෂයෙකි. අධ්‍යාපනය ලැබීමට දක්ෂයෙකු වූ ඔහු කී‍්‍රඩාවටද එකසේ දස්කම් පෑ අයෙකි. කෙටි දුර ධාවන කී‍්‍රඩකයෙක් වූ ඔහු මීටර් 100 , 200 සහ එම ඉසව් දෙකේ සහය දිවිමේ කී‍්‍රඩකයෙකු විය. එමෙන්ම දුර පැනිමේ ඉසව්වටද ඔහු සුවිශේෂි ලෙස දස්කම් පෑ අයෙකි. පාපන්දු සහ වොලිබෝල් වැනි කන්ඩායම් කී‍්‍රඩා සඳහාද ඔහු ඉතා දක්ෂය.

මේ සියළු අංශ සඳහා ඔහු ඉදිරිපත් වු තරඟ වලින් ලද ජයග‍්‍රහන වලට ලැබුණු සහතික පත් , කුසලාන සහ පදක්කම් ඒ සඳඳහා සාක්ෂි සපයයි. එලෙසම ඉංගී‍්‍රසි භාෂාව හා බටහිර ගීත ගායනයට ද ඔහු ඉතා හොද දස්කම් ප‍්‍රකට කිරීමෙන් ඔහුට ඒ සදහාද වටිනා සහතික පත් කිහිපයක්ම හිමි වී තිබේ. පසුගිය වතාවේ පැවති සාමන්‍ය පෙල විභාගයෙන් හොදින් සමත් වී උසස් පෙල කිරීමට ඔහු මහත් බලාපොරොත්තු තබා සිටියේය. පාසලත්, ගමත් එලිය කරමින් රටට යහපත් පුරවැසියෙකු වීමට සිහින මැවු ඔහු ඉතා අවසනාවන්ත ලෙස මෙලෙස හදිසි අනතුරකට ලක් වී මරණයට පත් වීමට සිදු වුවත් කල් නොහැර නීත්‍යානුකූලව ඔහු වෙනුවෙන් සාධරනය ඉෂ්ඨ කල යුතු ව ඇත. ඔහුගේ මරණයට සම්බන්ධිත පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කල යුතුව ඇත. මිය ගිය ඩිල්ෂාන් ගේ මව්පියන්ද මීගමුව පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම මිය ගිය එකම පුතු වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි. මේ මිය ගිය ඩිල්ෂාන්ගේ මවගේ ඉල්ලීමයි. ….. ‘‘ අපිට තියෙන දුකටයි වේදනාවටයි ඇඩුවා කියලා අපේ පුතාට අයේ පන එන්නේ නැහැ. ඒ වුනත් අපේ පුතාව බීලා වෙරියෙන් හිටපු දෙන්නෙක් ආපු මෝටර් සයිකලයකට තමයි හැප්පිලා මැරුණේ. මෙතනදී මගේ පුතාගේ කිසිම වැරැුද්දක් තිබිලා නැහැ. කිසිම වරදක් නොකල මගේ පුතාව තමයි මේ විදිහට හැප්පිලා මැරුනේ. ඉතින් මගේ පුතා වෙනුවෙන් පොලිසිය හරි විදිහට සාධරනය ඉෂ්ඨ කරන්න ඕනේ. මාගේ පුතා මැරුනත් අඩුම තරමින් මේ වාගේ තවත් පුතාලා මේ විදිහට හැප්පිලා මැරෙන එකෙන් අපි ඒ පුතාලාවවත් බේරගන්න ඕනේ. අපේ මැරිච්ච පුතාගේ නාමෙන් එයා වෙනුවෙන් අපිට දැන් කරන්න තියෙන්නේ එච්චරයි ’’ .
 
Related Posts with Thumbnails