Ads 468x60px

.

දුමින්දගේ මොලයට ලොකු හානියක් නැලු

දුමින්දගේ හිසට වැදුණු වෙඩි පහරවල් නිසා බරපතල හානියක් මොලයට සිදුව නැතැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. මේ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ලවී ඇති අතර එක වෙඩි පහරක් නළලින් ඇතුල් වී ඔලුව පිටුපසින් ඉවත්වී ගොස් ඇත.

අනෙක්පසින් ඇතුළුවූ උණ්ඩයේ කැබලි තවමත් සුෂුම්නාව සම්බන්ධවන ස්ථානය ආසන්නයේ ඉතිරිව ඇත.මෙම කරුණ නිසා අනාගතයේ මන්ත්‍රීවරයාට බරපතල හිසේ රුදාවක් ඇතිවියහැකි බව වෛද්‍යවරු මත පළකරනවා.


දුමින්ද සිල්වාගේ සිහිය පිලිබඳ සිදුකල පරීක්ෂණ වලදී උපදෙස්වලට ප්‍රතිචාර දැක්වීම,වාක්‍ය ඛණ්ඩ වලට ප්‍රතිචාර දැක්වීම යහපත් මට්ටමක පැවතියත් ගැඹුරු වේදනාවක් දැනිමේදී ප්‍රතිචාර දැක්වීම ඉතා අඩු බව වෛද්‍යවරු සොයාගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails