Ads 468x60px

.

‘දුමින්දගේ’ පවුලටම හමුදා ආරක්‍ෂාව

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව, ‘දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ පවුලේ සියලූ දෙනාටම හමුදා ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.ඒ අනුව, ‘දුමින්දගේ’ සොයුරු, ABC මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි රේනෝද සිල්වාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබා දී ඇති අතර ඔහුගේ මවට, පියාට හා නැගණියටද විශේෂ හමුදා ආරක්‍ෂාවක් ලබා දී ඇත.


මීට අමතරව, ABC මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන කාර්යාලයට හා සන්නිවේදන කුළුණුවලට හමුදා ආරක්‍ෂාවක් ලබාදීමට තීරණය කර ඇතත්, රේනෝද සිල්වා මහතා එය ප‍්‍රතික්‍ෂේප කොට ඇත්තේ එමගින් ආයතනයේ කාර්ය මණ්ඩලය හා ගණුදෙනුකරුවන් බියට පත්වෙතැයි සඳහන් කරමිනි.

කෙසේ වුවද, ABC මාධ්‍ය ආයතනයේ වාහන සියල්ලෙහිම ඊට අයත් නාලිකාවන් පිළිබඳ ස්ටිකර් ගලවා දමන ලෙසද රේනෝද සිල්වා මහතාට උපදෙස් දී තිබේ.ABC මාධ්‍ය ජාලයට අයත් හිරු එෆ්.එම්. නාලිකාව විසින් කොළොන්නාව ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කර තිබූ දැන්වීම් කිහිපයකට භාරත ලක්‍ෂ්මන් මහතාගේ ඝාතන සිද්ධියෙන් පසු කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබිණ.
 
Related Posts with Thumbnails