Ads 468x60px

.

වෛද්‍යවරයකුගේ අනුදැනුම නැතිව බෙහෙත් ගන්නේ බලාගෙනයි

දින කිහිපයක් තුළදී පෙනුමෙන් වසර 50කින් පමණ වයස්ගත වූ කාන්තාවක් පිළිබඳව වියට්නාමයෙන් වාර්තා වේ.23 වියේ රූමත් යුවතියක්සිටි වෙන්-ටී-ෆුන් නම් ඇය එක් දිනකදී ආහාර අසාත්මිතවයකින් පෙළී ඇති අතර, නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමට ආර්ථික ශක්තියක් නොපැවති හෙයින් ඇගේ සැමියා විසින් එක්තරා බෙහෙත් ශාලාවකින් ඇයට ඖෂධ ගෙනවිත් දී තිබේ.


මෙම ඖෂධ ගැනීමෙන් අනතුරුව දැඩි කුෂ්ඨ රෝගයකට ලක් වූ ඇය වහාම දේශීය ප‍්‍රතිකාර වල සරණ පතා ඇති අතර, මාස 6ක් දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකිරීමෙන් පසුව කුෂ්ඨ රෝගය සුව වුවද, ඇගේ සම වයස්ගත කාන්තාවකගේ මෙන් දිස්වී ඇත.කෙසේ වෙතත් ඇගේ හිසකෙස්, කටහඬ හා ශරීර ඉන්ද්‍රීයයන් වල කි‍්‍රයාකාරීත්වය තවමත් තරුණ කතකට සමාන බව වාර්තා වේ.
2009 දී සිදුවූ මෙම සිද්ධියත් සමග ඇය සිය මුහුණ ආවරණය කර සිටියි.

මෙම පුවත සැලවීම සමග ඇයව නොමිලේ පරීක්‍ෂා කිරීමට වෛද්‍යවරුන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ඇගේ රෝග තත්ත්වය නිෂ්චිතව හඳුනගෙැනීමට වැඩිදුර පරීක්‍ෂණ සිදුකරමින් පවතින බව වියට්නායම මාධ්‍ය වාර්තා කරයි.කෙසේ වෙතත් මේ සියළු කරදර මධ්‍යයේ සිය සැමියාගේ නොසැලෙන ආදරය තමාට විශාල ශක්තියක් වූ බව ඇය පවසයි.අසනීප වීමට පෙර හා අසනීප වීමෙන් පසුව වෙන්-ටී-ෆුන් ගේ පෙනුම වෙනස් වී ඇති අයුරු පහත ඡායාරූපයෙන් දැක්වේ.

 
Related Posts with Thumbnails