Ads 468x60px

.

කිරි කලයට ගොම බින්දුවක් - ජනාධිපති

පසුගිය 08 වැනිදා පැවති පළාත් පාලන ඡුන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර එයට සහභාගී වී සිටි සන්ධාන නායකයින් සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රිවරුන් හමුවේ ජනාධිපතිවරයා
 ‘‘කරතොත් කරපන් හරියට - බැරිනම් පලයන් අහකට’’ යන්න තමන් විශ්වාස කරන ආත්තෝපදේශය බව අවධාරණය කර සිටින අතර  ඒ අනුව තමන් කටයුතු කරන බවද අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානීන් හමුවේ අවධාරණය කළේය.

තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇතත්, එම ආරක්ෂාව සපයන්නේ කෙසේ ද යන්න තීරණය කරන්නේ තමා විසින් බවත් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට කිසිවකුට හෝ අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී දැඩිව ප‍්‍රකාශ කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සන්ධානයට අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමි වුවද භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනය හමුවේ බරපතළ කළු පැල්ලමක් ඇති වූ බවද කියා සිටි ජනාධිපතිවරයා, භාරත ලක්‍ෂ්මන් ඝාතනය තුළින් ජයග‍්‍රහණය නැමති කිරි කලයට ගොම බින්දුවක් වැටුණු බවද සඳහන් කළේය.
කෙසේවුවද වෙනත් පක්ෂවලින් ආ අය කොන්කිරීමට හෝ හුදෙකලා කිරීමට තමා ඉඩ නොදෙන බව දැඩි ලෙස ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, තමාට 2/3 බලයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට එක්වූ කිසිවකු හෝ එලවා නොදමන බවද ඒ කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින් හමුවේ අවධාරණය කර සිටියේය.
නිල්, කොළ, කහ ආදී සෑම වටුවෙකුම එක හා සමානව ජයග‍්‍රහණයේ දැල ඔසවා යාමට උර දුන් බව සියලූ දෙනාම තරයේ සිහි තබා ගත යුතු බව කියා සිටි ජනාධිපතිවරයා, මින් ඉදිරියට කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙස දැඩිව ප‍්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails