Ads 468x60px

.

නෙළුම් පොකුණ රඟහලට පැය දෙකකට රුපියල් ලක්ෂ 4 ක්

පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකර ඇති මෙය නෙලුම් පොකුණ ජාතික ප‍්‍රසාංගික කලා රඟහල යනුවෙන් නම්කිරීමට කලින් යෝජනාවී තිබුනත් පසුව එය "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල" යනුවෙන් වෙනස්කොට ඇත.
කොළඹ හත නොමෑන්ඞ්ස් පිටියේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම රඟහල ලෙසින් සැළකෙන ජාතික ප‍්‍රසාංගික කලා රඟහල මේ මස පහළොස්වනදා විවෘත කිරීමට සැළසුම් කර ඇත. 
මහල් පහකින් සමන්විත රංග ශාලාව නිර්මාණය කර ඇත්තේ සැලසුම් ශිල්පී මහාචාර්ය නිමල් සිල්වා මහතා අතිනි.මෙහි ප‍්‍රධාන ශාලාවේ වේදිකාව දිගින් මීටර් 16 කි. පළල මීටර් 09 කි. නිර්මාණයන්ට උචිත වන ආකාරයට වේදිකා විදුලි බලයෙන් උස් පහත් කිරීමටද හැකියාව ඇත. සවිකර ඇති සුව පහසු ආසන සංඛ්‍යාව 1288 කි.

මෙහි ඉහළ මාලයේ විවෘත රංග ශාලාවක් නිර්මාණයකර ඇති අතර ප‍්‍රධාන පිවිසුමද එළිමහන් වේදිකාවක් ලෙස භාවිතයට ගැනීම සඳහාද පහසුකම් සලසා තිබේ. මෙයට අමතරව ප‍්‍රදර්ශන ශාලා දෙකක්, ඇඳුම් මාරු කිරීම සඳහා කාමර දහතුනක්, රැස්වීම් ශාලාවක්, පුහුණුවීම් ශාලාවක්, භෝජනාගාර ඇතුලූ තවත් අංශ ගණනාවක් සඳහාම මෙහි පහසුකම් ඇත.මුළු රංග ශාලාවටම වායුසමීකරණ පද්ධතියක් හා කැමරා පද්ධතියක් සවිකොට ඇත. චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉදි කෙරුණු මෙම රංඟ ශාලාවේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 3080 කි. එයින් 75% ආධාර වශයෙන් ලබාදී තිබුණු අතර, ඉතිරිය දේශීය අරමුදල් වලිනි.

කෙසේනමුත් මේ සියලු සැපපහසුකම් වලින් සපිරි මෙම ශාලව සඳහා ගෙවිය යුතු මිල ගණන්ද ඉහල අගයක් ගෙන ඇතැයි වාර්තා වේ.ඒ අනුව මෙම රංග ශාලාව පැය දෙකක් වැනි කාලයක් සඳහා ලබාගැනීමට රුපියල් ලක්ෂ 4 ක් පමණ වැයවනු ඇතැයි නිල නොවන ආරංචිමාර්ග සඳහන්කර සිටි.
මේ අතර 15 වනදා පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් විශාල මුදලක් කඩා ගැනීමට දේශපාලනීකරණය වූ කලාකරුවෝ පිරිසක් පිඹුරුපත් සකසමින් සිටි.ඒ අනුව සමාරම්භක උත්සවයට වැයවන මුදල ලෙස ගණන් බලා ඇති මුදල දෙකෝටි අසුපන් ලක්ෂයකි.

මෙම මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දීරයේදී ඊයේ විවෘත කළා. නමුත් www.lotuspond.lk ලෙස නම් කැර ඇති මෙම වෙබ් අඩවියට පිවිසියද මේ වනතුරු එහි කිසිවක් දක්නට ලැබෙන්නේ නැත.

















 
Related Posts with Thumbnails