Ads 468x60px

.

මගේ පවුලට අනවශ්‍ය ප්‍රචාර එපා – නාමල්

රාජ්‍ය මාධ්‍ය තම පවුල පිළිබඳ අනවශ්‍ය ප්‍රචාර ලබාදීමෙන් වැළකිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා  අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පවුලේ නාලිකා මෙරට තුල ක‍්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු වේ පැවති ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
ඇතැම් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා පවුලේ නාලිකා ලෙස මතයක් ඇතිවී තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු ලෙස මන්ත‍්‍රීවරයා එසේ ප‍්‍රකාශ කර තිබේ.



පවුලේ නාලිකාව ලෙසින් හදුන්වන නාලිකාවක් ජනාධිපතිතුමාගේ පවුලේ නාලිකාව බවට පත්ව ඇති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ එය සත්‍යයක් බවත් එමගින් සිය පවුලේ සාමාජිකයන් අපහසුතාවයට පත්වන බවයි. 

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 


"ගයන්ත මන්ත්‍රීතුමා කිව්වා රජයේ පවුලේ නාලිකාව කියලා..ඇත්තටම මම ඔබතුමාත් සමග එකඟ වෙනවා..අපි බලාපොරොත්තු වෙනවා..
විශේෂයෙන්ම රජයේ මාධ්‍යය.. 

පසුගිය කාලයේ මමයි ජනාධිපතිතුමයි අපේ අම්මයි මල්ලිලා දෙන්නයි නිව්ස් බලනකොට පලවෙනි නිව්ස් එක ජනාධිපතිතුමා ගැන,දෙවෙනි නිව්ස් එක කතානායකතුමා ගැන..තුන්වෙනි එක බැසිල් ඇමතිතුමා ගැන..හතර ගෝඨාබය රාජපක්ෂ ඇමතිතුමා ගැන..ක්‍රීඩා පුවත්වල යනවා නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ රගර් ක්‍රීඩා කරා කියලා.
ගරු කතානායකතුමනි,අන්තිමට ඕකෙන් බැනුම් අහන්න වෙන්නේ අර පැත්තක ඉන්න මල්ලිලා දෙන්නයි අපේ අහිංසක අම්මයි..පවුල් වාදය නිසා..
මම ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමන්ලට ඒ ආයතනවලින්...මන් හිතන්නේ ජනාධිපතිතුමා දවසකට රැස්වීම් දහයකට පහළොවකට සහභාගී වනවා..කතානායකතුමා මේ සියලු දෙනාම...
රටේ සෑම ජනකොට්ඨාශයක් සමගම කටයුතු කරනවා..
ඉතින් අවශ්‍යය දේ පමණක් දාන්න..මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා..පළාත්සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා..ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න.චෝදනා ඉදීරිපත් කරන්න..මොකද එතකොට තමා රජයේ මාධ්‍යය ජනතාවට වඩා සමීප වෙන්නේ..ජනතාව ඒ මාධ්‍යය කියන දේවල් පිළිගන්න" 
 

 
Related Posts with Thumbnails