Ads 468x60px

.

පස්වරු දෙක වන විට ප්ලාස්ටික් කූඩ නීතිය ඉවත් නොකලොත් ගොවියකු ගිනි තබා ගන්නවලු


එළවළු ප‍්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැස්ව සිටි  ගොවියෙක් වෙළෙඳුන් හා මාධ්‍යවේදීන් අමතා කීවේය.එක් ගොවියෙක් විදුලි කණුවක නැග සිටියි. අමුඩයක් ගසාගත් තවත් ගොවියෙක් ඔරලෝසු කණුවේ නැග සිටියි. දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහු පන්දහක් පමණ මීනිපෙට්ටි ද රැගෙන මහනුවර යාපනය ඒ නවය පාර මුළුමනින්ම සිය විරෝධය පළකළහ.  
ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර තුබූ කඩ ද ඇතුළු කඩ 140 ම ඒ සමග වසා දැමිණි. එළවළු රැගත් කිසිම ලොරියක් අද එහි පැමිණියේ නැත.
ඊයේ(11) මධ්‍යම රාත්‍රීයේ සිට අද(12) අලුයම දක්වා සිදුකළ වැටලීම්වලින් ගෝනි මගින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කළ ලොරි රථ 40 ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබිණි. පෑලියගොඩ, කැලණි පාලම අසල හා හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන 5 ක දී මෙම වැටලීම් සිදුකර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

 









 
Related Posts with Thumbnails