Ads 468x60px

.

බැරක් ඔබාමා 45 වැනි ජනාධිපතිවරයා ලෙස නැවතත්...

ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ජන්ද 270ක් ලබාගත යුතුයි...

බැරක් ඔබාමා කෙතරම් නිහතමානී නායකයෙකු දැයි පහත ජායාරූප වලින් පැහැදිලි වේ...

තවමත් ජන්ද ගනන් කරමින් පවතින මේ මොහොත වනවිට ආසන 538න් ඔබාමා ආසන 303ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු රිපබ්ලිකන් පාක්ෂික මිට් රොමිනි දිනාගෙන ඇත්තේ ආසන 203කි.

ඒ අනුව ඊයේ ආරම්භ වූ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රථිපල මේ වනවිට නිකුත්වී ඇති අතර එයින් පැහැදිලි ජයක් ලබාගනිමින් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්වීමට හිටපු ජනාධිපති බැරක් ඔබාමා සමත්වී තිබෙනවා.

ඇමරිකාවේ සිටින බොහෝ ලාංකිකයන් තම ජන්දය පාවිච්චි කර තිබෙන්නේ බැරක් ඔබාමාට බව වාර්තා වේ. ඒ ඔහු කලු ජාතිකයෙක් නිසාය.



ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම අධික අවුරුද්දකම නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසු දිනය වන අඟහරුවාදා ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයින් සෘජුව ජන්දය පාවිච්චි කලද ජනාධිපතිවරයා තෝරාගන්නේ ජන්ද ප්‍රමාණය අනුව නොවේ. ඒ ඒ ප්‍රාන්ත වල ජයග්‍රාගී අපේක්ෂකයා තෝරාගන්නේ සුවිශේෂී ආකාරයකටය.

කිසියම් අපේක්ෂකයෙක් ජන්ද කොට්ඨාශයකින් බහුතරය ලබාගතහොත් එහි සියළුම ආසන ඔහුට ලැබුනා සේ සැළකේ. ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ජන්ද 270ක් ලබාගත යුතුය.

බැරක් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාය. ඔහු එම තනතුරේ නැවත දිවුරුම් දෙන්නේ ජනවාරි 20 වෙනිදාය.

ලෝකයේම බලගතු රටේ නායකයා වුවද බැරක් ඔබාමා කෙතරම් නිහතමානී නායකයෙකුදැයි පහත ජායාරූප වලින්ම පැහැදිලිවේ.















































 
 
Related Posts with Thumbnails