Ads 468x60px

.

රුපියල් 3 කින් කෑම පිසගැනීමට - විදුලි දර ලිප-ගෑස්‌ හා දර ප්‍රශ්නයට විකල්පයක්‌

දිනෙන් දින මිල ඉහළ යන ගෑස්‌ හා දර ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසින් දිනකට රුපියල් 3 ක පමණ වියදමකින් ගෙදර දොර  කෑම පිසගැනීමට හැකි විදුලි දර ලිපක්‌ දුම්මලසූරිය තුංතොට  පදිංචි හැත්තෑ හැවිරිදි ඩී. ඒ. ගුණතිලක මහතා විසින් නිපදවා ඇත. රන් රිදී වැඩවලින් තම ජීවිතය ආරම්භ කළ ගුණතිලක මහතා කුඩාකල සිටම කාර්මික කටයුතු පිළිබඳ උනන්දුවක්‌  දක්‌වා ඇත්තේ පොතක පතක දැනුමෙන් නොව දැතේ හුරුවෙන්මය. 

මෙම තාක්‍ෂණික දර විදුලි ලිප සකස්‌ කිරීමේදී පාරම්පරික රන් රිදී උණු කිරීමට යොදාගන්නා සම්ප්‍රදායික උණුසුම් ක්‍රම අනුසාරයෙන් කුඩා විදුලි පංකාවක්‌ මාර්ගයෙන් ගිනි බෝකරගන්නා ක්‍රමය මෙම ලිපට ඇතුළත් කර ඇත. පොල්කටු අඟුරු ස්‌වල්පයක්‌ හෝ කුඩා දරකැබලි කීපයක්‌ ලිපට සවිකර ඇති පංකාව මගින් නිරතුරු ගිනි අවුලවන අතර එමගින් බතක්‌ මාළු පිනි දෙක තුනක්‌ විනාඩි ගණනකින් පිස ගත හැක.

මේ ලිප උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් ආර්. ඒ. බී. පී. රූපසිංහ මහතා වෙත ඉදිරිපත්කොට විදාතා මධ්‍යස්‌ථානයට යවා ඇති අතර ඒ හරහා මෙයට වෙළෙඳ බලපත්‍රයක්‌ ලබාගෙන වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට ගුණතිලක මහතා කැමැත්තෙන් සිටී. මේ පිළිබඳ වැඩි විස්‌තර ඩී. ඒ. ගුණතිලක තුංතොට, දුම්මලසූරිය, ලිපිනයෙන් ලබාගත හැකිය.
 
Related Posts with Thumbnails