Ads 468x60px

.

කාලගුනේගේ බොරු නිවේදනයෙන් ඊයේ රාති‍්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක්

සුළි සුළං තත්වයක් පැමිණිය හැකි බවට පැතිර ගිය රාවයක් හේතුවෙන් දකුණේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ රාති‍්‍රයේ දැඩි නොසන්සුන් තාවට පත්ව තිබේ.සුළං තත්වයෙහි කිසියම් වර්ධනයක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශ දැනුම් දී ඇති බව අහංගම පොලීසිය ඊයේ රාති‍්‍රයේ ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් නිවේදනය  කර ඇත. මේ පිළිබඳ තොරතුරු කටකතා ඔස්සේ විවිධ ස්වරූපයෙන් පැතිර යාමත් සමග නොසන්සුන්තා හටගෙන තිබේ.  

මේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හා ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ දැඩි සුළං තත්වය ධීවර කටයුතුවලට අවදානමක්ව තිබූ බවත් එම නිවේදනය පොලීසිය විසින් ධීවරයින් වෙත මෙන්ම ගොඩබිමටද එක හා අදාළ කර නිකුත් කිරීම ගැටලූවට හේතුව වී ඇති බවත්ය.කෙසේවු, අද (01) දිනයේ අපරභාගයේදී හෝ සවස් කාලයේදීදිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ න්තුව පවසයි.එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
Related Posts with Thumbnails