Ads 468x60px

.

ඒඩ්ස්‌ මර්දන ප්‍රචාරයත් සමලිංගික සංවිධානයකට

ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සමලිංගික සංවිධානයක්‌ වෙත භාරදීම සඳහා ඒඩ්ස්‌ සහ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා කර තිබේ.ඒ අනුව ඒඩ්ස්‌ පිළිබඳ සම්පූර්ණ ප්‍රචාරන කටයුතු මෙම සංවිධානයට පැවැරෙන අතර එය අනියම් ආකාරයෙන් මෙරට තුළ සමලිංගික සබඳතා නිත්‍යනුකූල කිරීමක්‌ වනු වාර්තාවේ සදහන්වේ.

ඒඩ්ස්‌ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා 2010 වසරේ සිට 2015 දක්‌වා රුපියල් කෝටි 2000 කට අධික මුදලක්‌ වෙන්කර ඇතැයිද, තවත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මේ සඳහා රුපියල් කෝටි 250 ක්‌ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට ලබා දී ඇති බවද එම වාර්තාවේ පළවේ.
සමලිංගික කණ්‌ඩායමක්‌ යොදා ගනිමින් මෙම ඒකකය පසුගිය දිනවල උපත්පාලන කොපු සහ තවත් ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබූ බවද වැඩිදුරටත් කියා සිටියි.ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය‍ හේතුවෙන් පුද්ගලයින් 246 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන සඳහන් කරයි.ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිත පුද්ගලයින් 12දෙනෙකු මසකට වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ශාන්ත හෙ‍ට්ටිආරච්චි මහතා පවසයි.පසුගිය වසරේදී මෙම සංඛ්‍යාව 10ක් වූ අතර මෙම වසරේදී එම සංඛ්‍යාවට අලුතින් රෝගීන් දෙදෙනෙකු එකතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට එච්.අයි.වී ආසාදිතයින් 1431 දෙනෙකු හමුවී ඇති අතර එයින් 52ක් ළමුන් වෙති.2010 සැප්තැම්බර් වන විට එච්.අයි.වී ආසාදිතයින් 1285 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ සැප්තැම්බර් වන විට නව රෝගීන් 146 දෙනෙකු හඳුනාගෙන ඇති බවශාන්ත හෙ‍ට්ටිආරච්චි මහතා පැවසීය.අදට (01) යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එම කරුණු හෙළිදරවු කළේය.

‘එච්.අයි.වී ආසාදිතයින් අවම කරගනිමු, එච්.අයි.වී නිසා ඇතිවන මරණ අවම කරගනිමු, එච්.අයි.වී රෝගයෙන් කොන් කිරීම අවම කර ගනිමු’ යන්න මෙවර තේමාවන් ලෙස යොදා ගනිමින් ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි. මේ වන විට ලොව පුරා එච්.අයි.වී ආසාදිතයින් මිලියන 34ක් වාර්තා ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් තායිවානයේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් ඊයේ එච් අයි වී ධාරකයින් හා ඒඩ්ස් රෝගීන් සඳහා වන “ආදරය හා රැකවරණය “දක්වන රතු රිබන් සංකේතය විදහා දැක්වෙන පරිදි මිනිස් දම්වැලක නිරත වූ අයුරු ජායාරුපයේ දැක්වේ.

 
Related Posts with Thumbnails