Ads 468x60px

.

රූපවාහිනී ප්‍රේක්ෂිකාව විමසූ පැනයට අනර්කලී තුෂ්නිම්භූත වෙයි

පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ අනර්කලී ආකර්ෂා ඉදිරිපත් කරන වැඩසටහනකට සජීවී ලෙස දුරකථනයෙන් සම්බන්ධවූ ප්‍රේක්ෂිකාවක ඇසූ ප්‍රශ්නයක් නිසා ඇය මහත් අකරතැබ්බයකට ලක්වුණා.මෙම වැඩසටහනේ ප්‍රේක්ෂිකාව ඇගෙන් විවිධ විකාර ප්‍රශ්න අසන අතරතුර එක්වරමදුමින්ද සිල්වට හොඳ වැඩේ නේද වුනේ ? යනුවෙන් ප්‍රසිද්ධියේ විමසූ අවස්ථාවේ අනර්කලීට කට උත්තර නැති වුණා.ඇය උත්තර නොදී තුෂ්ණිම්භූතව බලා සිටි අතර එයට පිලිතුර දෙනු වෙනුවට ප්‍රේක්ෂිකාවටත් සමු නොදී වහාම අපි ගීතයකට යමු කියා වැඩසටහන වෙනස් කරා.මේ අවස්ථාවේ අනෙක් පස ප්‍රේක්ෂිකාවගේ දුරකතන සබඳතාවයද වැඩසටහන් නිෂ්පාදකයින් අත්හිටවා තිබුණා.එම දෙබස මෙසේය


ප්‍රේක්ෂිකාව- හරි ෂෝක් අනේ ඔයා ත්‍රීවීල් එකේ පොල්ල අල්ලන් එන සීන් එක
අනර්කලී- හාහ් හාහ් හාහ් (සිනා) ඉතින් නම කිව්වේ නෑනේ ඔබගේ

ප්‍රේක්ෂිකාව- ලක්ෂ්මී
අනර්කලී- ලක්ෂ්මි මහත්මිය කොහෙන්ද කථා කරන්නේ

ප්‍රේක්ෂිකාව- මොරටුවෙන් අනේ
අනර්කලී- ආනේ’’’(සිනා)

ප්‍රේක්ෂිකාව- මේ ඔයා ඔය වගේ රණවිරු වැඩ කරන්න ඕන ආ
අනර්කලී- අනිවාර්යෙන් අනිවාර්යෙන්

ප්‍රේක්ෂිකාව-තව එකක්
අනර්කලී- කියන්න

ප්‍රේක්ෂිකාව- දුමින්ද සිල්වට හොඳ වැඩේ නේද වුණේ
අනර්කලී- ‘’’’’’’’’’’’’’’’’’’’’

(අනර්කලී තුෂ්නිම්භූත වෙයි දුරකතන සබඳතාවයද අනෙක් පසින් නතර කර ඇත)
අනර්කලී- මම හිතන්නේ මේ වෙලාවේ අපි ලෑස්ති කරල තියන ගීතයකට යමු
 
Related Posts with Thumbnails