Ads 468x60px

.

මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් - සමන්තභද්‍ර හිමි

පිටිදුව සිරිධම්ම හිමියන් නමින් ප්‍රසිද්ධව සිටි දැනට සකෘදාගාමී පල ලබාගෙන ඇතිබව ප්‍රකාශ කරන සිරිසමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමය වන බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමය පසුගිය 7 වනදා සිංහල රාවය ජාතික සංවිධානය විසින් වටලනු ලැබිය.

ඒ පිටිදුව සිරිධම්ම හිමි අනෙක් භික්ෂුන්ට නිගා දෙන අයුරින් සිදු කල ප්‍රකාශ හා මතකාලයේදී උන් වහන්සේ විසින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන්.

මෙම වැටලීම පිලිබඳ දෙපාර්ශවයෙන් මතුවන්නේ එකිනෙකට පරස්පර අදහස්ය.මේ පිලිබඳ අදහස් දක්වන සිරි සමන්තබද්‍ර හිමියෝ ප්‍රකාශ කර සිටින්නේ පසුගිය 7 වනදා භික්ෂූන් පිරිසක් හදිසියේ තම ධර්ම ආශ්‍රමයට කඩාවැදී එහි දේපළවලටද හානි සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් එකී භික්ෂූන් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණවදිමින්,නින්දා අපහාස කරමින් තර්ජනය කල බවත්ය.

ඊයේ සිදුවීමෙන් පසු තමන් මෙතෙක් කරගෙන ආ ආකාරයේ ධර්ම ප්‍රචාරක කටයුතු නොකරන බවට පොරොන්දුවී ඇති බවට මෙම සිදුවීමට අදාළ අනෙක් භික්ෂු පාර්ශවය විසින් මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් මිස සත්‍යයක් නොවන බව සමන්තභද්‍ර හිමියන් සඳහන් කරයි. 

එම සිදුවීමෙන් අනතුරුව සිරි සමන්තබද්‍ර හිමියන් සමාව ගත්බව ප්‍රතික්ෂේප කලද එම ගැටුම ඇතිවී අවස්ථාවේ එම හිමියන් මාධ්‍යයට ලබාදුන් ප්‍රකාශය මෙසේයි.


"මම පිරිසිදු ථෙරවාදී බුදු දහම අදහන භික්ෂුවක්.මම කල සමහර දේශනා වලදී අපේ භික්ෂුන් වහන්සේලාගේ හිත රිදෙන්න ඇති.මම එකට සමාව ඉල්ලනවා.කිසිම අවස්තාවක භික්ෂුන් වහන්සේලා සමග අමනාපයක් තරහක් නැහැ.


ගැටළු ඇතිකරගන්න අවශ්‍යයතාවයකුත් නැහැ.මම හැම කෙනෙක් සමගම සුහදව ජිවත් වෙන්න කැමතියි.එත් මම පිළිගන්න දර්ශනයක් තියෙනවා.ත්‍රිපිටක ධර්මය ගැඹුරින් අධ්‍යනය කරපු මම තවමත් තේරවාදී භික්ෂුන් සම්ප්‍රදාය තුල ජිවත්වන භික්ෂුන් වහන්සේ නමක්.

මින් ඉදිරියට කිසිවෙකුට හානි නොවන අන්දමින් බුදුන් වහන්සේ දේශනා කරපු නිවැරිදි වූ පාරිශුද්ධ ධර්මය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා.ගම්වාසීන් සමග මගේ කිසි අමනාපයක් නැහැ".

සිරිසමන්ත බද්‍ර හිමියන් විසින් සිංහල රාවයට එල්ල කරන ලද චෝදනාවේ සත්‍යය අසත්‍ය විමසීම සඳහා අප අක්මීමන දයාරතන හිමි දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ සිරි සදහම් ආශ්‍රමයට ගියේ ඉතා සුළු පිරිසක් බවත් එහිදී කලකෝහාල කිරීමේ කිසිදු අරමුණක්
නොතිබුණු බව හා එසේ නොකළ බවත්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ යමෙකු සෝවාන් වී සකෘදාගාමි තත්වයට පත්වූ බව කීම බරපතල ප්‍රකාශයක් බවයි.තවද අනෙකුත් භික්ෂුන් වහන්සේලාට ගැරහීම හා භික්ෂුන්ට නොගැලපෙන ක්‍රියා සිදුකිරීම හේතුවෙන් සිරිසමන්ත බද්‍ර හිමියන් ශාසනයෙන් නෙරපීමට අදහස්කරගෙන සිටි බවත් පසුව උන්වහන්සේ සමාව ගත් නිසා ඉදිරියේ එම වැරදි සිදුනොකරන බලාපොරොත්තුවෙන් දෙපාර්ශවය එකඟතාවයකට ආ බවත්ය.

මෙම ගැටුමේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාද භූමිකාවක් රඟපෑ අතර එහිදී ඝෝෂා කරමින් භික්ෂුන්වහන්සේලාට බිය කිරීමට උත්සාහ දරා ඇත.

 

සිරි සමන්ත බද්‍ර හිමියන්ට අසාධාරණයක් වුවහොත් තමා ගිනි තබාගන්නවායයි මර්වින් කිය.
 
Related Posts with Thumbnails