Ads 468x60px

.

ලංකා ඊ නිවුස් නැවත දැනුම් දෙන දෙනතුරු අත්හිටුයි

විදේශයක සිට ක‍්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය නැවත දැනුම් දෙන දෙනතුරු මෙරට විකාශය වීම තාවකාලිකව අත්හිටුවන ලෙස නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ නඩු විධාන පනත යටතේ මෙම නියෝගය කර ඇති අතර මෙම නියෝගයේ පිටපතක් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙත ද යවනු ලැබ ඇත.

මෙම නියෝගය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද යවා ඇති අතර පුද්ගලයින්ට අපහාස කිරීම සහ අසත්‍ය ප‍්‍රවෘත්ති පළ කිරීම යන කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය ලබා දී ඇත.
 
Related Posts with Thumbnails