Ads 468x60px

.

ඓශ්වර්යාගේ කුළුදුල් දරු උපත මාධ්‍යට තහනම්


සුපිරි ‍බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ කුළුදුල් දරු උපත වාර්තාකරණය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, දරු උපත සම්බන්ධ පූර්ව මාධ්‍ය ආවරණයන් මෙන්ම රෝහල් පරිශ්‍රයට කැමරා උපකරණ ගෙන ඒම ද තහනම් කර ඇති බවයි.කරුණු 10කින් සමන්විත මාර්ගෝපදේශන මාලාව අනුව 11.11.11 උපන්දිනය සහිත දරු උපතේ නක්ෂත්‍රාත්මක කරුණු පළ කිරීම ද තහනම් වනු ඇති.
ඒ අතර සිය ලේලිය වන සුපිරි බොලිවුඩ් නිළි ඓශවර්යා රායි බච්චන්ගේ කුළුදුල් දරු ප්‍රසූතිය පිළිබඳ මාධ්‍ය ආවරණයන් සම්බන්ධයෙන් සීමා පැනවීමට තමන් මැදිහත් වු බවට පළවන වාර්තා සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ප්‍රතික්ෂේප කරයි.

ලොකෙම ආදරේ දිනා ගත්ත ජනප‍්‍රිය තරුවක් වුණාම කිසිම දෙයක් කෙනෙක්ට හොරෙන් කරන්න බෑ. මොකද හැමෝගෙම ඇස ඔවුන්ට යොමුවෙලා තියෙන නිසා. ඒත් අපිට ලැබුණු ආරංචිවල හැටියට නම් හෙට අනිද්දා භච්චන් පවුලට එකතු වෙන පුංචි අමුත්තට වාර්තාකරුවන්ගෙන් කිසිම කරදරයක් වෙන එකක් නෑ. භච්චන් පවුලේ අය හිතාගෙන හිටියේ ඓයිශ්චර්යා බබා ලැබෙන්න රෝහල්ගත වුණාම මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්න බැරිවෙයි කියලා. කාටත් හොරෙන් හොස්පිට්ල් එකේ කැමරා හයි කරලා අම්මගෙයි බබාගෙයි ඡායාරූප ගනී කියලත් ඔවුන්ට සැකයක් තිබුණා. ඒත් එහෙම කිසිම කරදරයක් වෙන්නෑ කියලා මාධ්‍යවේදීන් භච්චන් පවුලෙ අයට නිල වශයෙන් පොරොන්දු වෙලා. හැබැයි සුපිරි නළු අමිතාබ් භච්චන් නම් තාමත් ඉන්නේ සැකෙන්.

 
Related Posts with Thumbnails