Ads 468x60px

.

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි ආසනයක්

පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. e-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අවර පෙති 16 ක් මගින් ක්‍රියාත්මක වන මෙම උපකරණය "නම්‍යශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්‍රවාහන උපකරණයක්" ලෙස හඳුන්වා දී ඇත. 2011 ඔක්තොම්බර් මාසය අවසන් වනවිට මෙම උපකරණය නිර්මාණය හා ඊට අදාළ පර්යේෂණ කටයුතු ද අවසන් කර ඇති බව සඳහන්ය. නිරිතදිග ජර්මනියේ ගුවන්පථයක ප්‍රථමවරට අත්හදාබලන ලද මෙම උපකරණය මිනිත්තු 01 තත්ත්පර 30 ක කාලයක් සම්පූර්ණ කර තිබේ.


පියාඹන ආසනයක්
 
Related Posts with Thumbnails