Ads 468x60px

.

රටේ මහා පෙරළියක් - නොවැම්බර් 15 සෙනසුරු මාරුවක්

ජ්‍යෝතීර් විද්‍යාවේ ගනණය කිරීම් අනුව එළඹෙන නොවැම්බර් 15 වන දින විශේෂ දිනයක් ලෙස කතා බහට ලක්වෙලා තියනවා. ඒ ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම රජයටත් මුළුමහත් ලෝකයටමත් සුවිශේෂී බලපෑමක්‌ ඇති කෙරෙන සෙනසුරු මාරුව එදිනට සිදුවන නිසා බවයි පැවසෙන්නේ.
සමස්ථයක් වශයෙන් සෙනසුරුගේ ගමන බලවත් වීම නිසා ඒකාධිපති පාලන තන්ත්‍රයන් බිඳ වැටීම්, හමුදා බලයෙන් යුතු රාජ්‍ය තන්ත්‍රයන්ගේ බිඳ වැටීම් ලොව පුරා සිදුවිය හැකි බවත් එනම් රටුන් රජුන් වන, පොදු ජනයාගේ සිතුම් පැතුම් සපුරාගන්නට හැකිවන කාලයක් උදාවන බවත් පසුගිය දින වල පුවත්පත් මඟින්
ජ්‍යෝතීර්වේදීන් ප්‍රකාශ කළා.
එම එක් වාර්තාවක දැක්වුනේ වසර 30කට වරක් සිදුවන මෙම සෙනසුරු තුලා රාශිගතවීම මීට පෙර ආසන්නතම දෙවතාවක් සිදුවූ කාලයේදී 1953 හර්තාලයද, 1983 කලු ජූලියද ඇතිවු බවත් නැවත එලස සෙනසුරු තුලා රාශිගත වන්නේ 2013දී බවත්ය.
 
Related Posts with Thumbnails