Ads 468x60px

.

වෙබ් අඩවි ලියාපදිංචියට අයැදුම්පත‍්‍ර කැඳවයි

ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව ප‍්‍රවෘත්ති පලකරනු ලබන වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා වන අයැදුම්පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය විසින් අද (09) නිකුත් කර තිබේ.අදාළ අයැදුම් පත‍්‍රය ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.media.gov.lk හි පළකර ඇත.පසුගිය 05 වැනිදා සිට වෙබ් අවඩි කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ පිවිසීම අවහිර කිරීමෙන් පසුව ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරිනිය ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්, (සංවර්ධන හා සැලැසුම්), කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය පත්කර තිබේ.අයදුම්පත‍්‍රය බාගත කිරීම සඳහා http://www.media.gov.lk/pdf/website-registration-form.pdf
 
Related Posts with Thumbnails