Ads 468x60px

.

වෙබ් ලියාපදිංචියට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවමත් සූදානම් නැහැ

පසුගිය 05 වැනිදා සිට වෙබ් අඩවි කිහිපයක් ශී‍්‍ර ලංකාව තුළ පිවිසීම අවහිර කර පසුව ප‍්‍රවෘත්ති දෙපාර්ත මෙන්තුව විසින් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව අද (09) දෙවැනි වරටත් වෙබ් අඩවිය ලියාපදිංචි කිරීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේසඳහා තවමත් සූදානමක් නොමැති බවයි.
එසේම වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ මූලික කටයුතු සඳහා තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්, ඉන් පසුව ප‍්‍රවෘත්ති
දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වෙබ් ලියාපදිංචියට අදාළ තොරතුරු හා අදාළ අයදුම්පත‍්‍රය පල කරන බවත් ඔවුන් පවසා තිබිණි.කෙසේවුවද පසුගිය 05 වැනිදා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයේ දක්වා තිබුනේ වෙබ් ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය දුරකතනයෙන් (94112513943) ඇමතීමෙන් ලබාගත හැකි බවයි.

මේවන විට ලිපියක් මගින් දෙවැනි වරටද වෙබ් අඩවි ලියාපදිංචියට අවශ්‍ය ඉල්ලීම රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා වන මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගෙන් කර තිබේ.අදාළ ලිපි විද්‍යුත් තැපෑල මගින්ද එසේම ලියාපදිංචි තැපෑලෙන්ද රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා වෙත යොමුකරනු ඇත.
 
Related Posts with Thumbnails