Ads 468x60px

.

එළැඹෙන නත්තල් සමයට ඇල්කොහොල් නැති විස්කි


මත්පැන් පරිභෝජනය ඉහළ යන එළැඹෙන නත්තල් සමයේදී ලොව ප‍්‍රථම ඇල්කොහොල් නොමැති විස්කි ලෙස හඳුන්වාදෙන පානයක් වෙළඳපොලට නිකුත්කිරීමට ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සමාගමක් සැරසෙන බව වාර්තා වේ. ආකේ (Arkay) නම් මෙම පානය රසින් හා පෙනුමෙන් විස්කි වලට සමාන වුවද එහි කිසිඳු ඇල්කොහොල් අන්තර්ගතයක් නොමැති බැවින් වෛද්‍ය හා ආගමික හේතූන් මත මත්පැන් පානයෙන් වැළකී සිටින පුද්ගලයන් හට ද මෙම පානය උචිත බව එය නිෂ්පාදනය කරන ස්කොටිෂ් ස්පිරිට්ස් සීමිත සමාගම පවසයි.
පැනමාවේ නිෂ්පාදනය කරන මෙම පානය හලාල් සහතිකයක්ද ලැබී ඇතැයි වාර්තා වේ. දෙසැම්බර් 01 දා සිට ලොවපුරා වෙළඳපොලවල් වල අලෙවි වීමට නියමිත මෙම පානයේ බෝතලයක් බි‍්‍රතාන්‍යයේ යූරෝ 10කට , කෑන් එකක් යූරෝ 4කට අලෙවි වීමට නියමිතය. කෙසේ වෙතත් මෙම පානයට දැඩි විරෝධය දක්වන ස්කොට්ලන්තයේ විසිකි නිෂ්පාදකවරුන් පවසන්නේ ඇල්කොහොල් නොමැති විස්කි නිෂ්පාදනය කළ නොහැකි බවත්, මෙම පානය මෙලෙස වගකීම් විරහිත ලෙස අලෙවි කිරීමෙන් විස්කි වල කීර්තිනාමයට කැළලක් ඇති කිරිමට උත්සහ කරන බවයි.
 
Related Posts with Thumbnails