Ads 468x60px

.

නැටීම අඩුවීමෙන් නිරෝෂට ටෙලි වැඩි වෙලා !

තමා මේ දිනවල නර්තනයට නැඹුරුවීම අඩුවී ඇතිබවත්, ටෙලි නාට්‍ය සඳහා දායකවීම වැඩිවී ඇති බවත්, රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රය ටෙලි නාට්‍ය දෙකක් වන වැස්ස නුඹ වගේ සහ ආදර වසන්තයක් හි චරිත මවන නිරෝෂා තලගල කියයි. සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ඇය මෙසේ පවසා තිබිණි. එසේම චන්දන හේවාපතිරණගේ කුණු දැමීම තහනම්, රංජිත් රූපසිංහගේ රණමොනරු, තාරකා සිහිනයක්, චන්දන එදිරිසිංහගේ පූජනීයයි උත්පලා හා සමනල සිහිනයක් ටෙලිනාට්‍යවලට පසුගිය දිනවල දායකවූ බවද පවසන්නීය.
එවකට පෙම්වතාව සිටි දැන් සැමියා වන අසේලගේ දැඩි ආශාව තමා රංගන ශිල්පිනියක් ලෙස කරලියට පැමිණීමට හේතුවූ බවද එහි දක්වා ඇත. ප‍්‍රදීපා ආරියවංශ යටතේ නර්තනය හදාරන හැදෑරූ තමා මුල් කාලයේදී වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිට පසුව පබා ටෙලිනාට්‍යයෙන් නිළියක් හැටියට ජනපි‍්‍රයවූ බවද පවසන්නීය.

බන්දුල විතානගේගේ රාත‍්‍රි භෝජනය, ගාමිණී එස්. බණ්ඩාරගේ නිකරුණේ ගැවසීම තහනම් වේදිකා නාට්‍ය සඳහාත් රොහාන් වැලිවිටියගේ සුසීමා ඇතුළුව තවත් චිත‍්‍රපටයකට දායක වී ඇතැයි  ද ඇය සඳහන් කරතිබේ. නර්තනය, රංගනය හැරුණු විට යූ. ඩාන්සින් ඇකඩමි නමින් නර්තන පාසලකුත් යූ. සැලූන් නමින් රූපලාවන්‍යාගාරයකුත් පවත්වාගෙන බව නිරෝෂා පවසන්නීය.
 
Related Posts with Thumbnails