Ads 468x60px

.

නාමල්ට සමිතාගෙන් ලක්ෂ 10ක තෑග්ගක්


ගායන ශිල්පී නාමල් උඩුගම  අසනීපවූ අවස්ථාවේ දී මුදල් පරිත්‍යාග කර බොහෝ පිරිසක් සහාය වූ බව  ඔබ දන්නා කරුණක්. මෙලෙස සහෝදර කලාකරුවෙක් දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවේ දී ඔහුට ආදරයෙන් සහාය වන තවත් කලාකරුවන් සහ කලාකාරිනියන් රැසක් අප දුටුවා.

ඒ අතර නාමල් උඩුගම තම නිවසට එන බොහෝ දෙනෙකු සමග කතා කරන නමක් තිබෙනවා. ඒ, සමිතා එරන්දතී කියන ආදරණිය ශිල්පිණිය ගේ නම. සමිතා, නාමල් උඩුගම රෝගී වූ අවස්ථාවේ ලක්ෂ 10 ක මුදලක් එකවර පරිත්‍යාග කළ බව ඇතැම් විට ඔබත් නොදන්නවා ඇති.

ඒගැන අපි නොදන්නේ සමිතා තමන්ගේ පරිත්‍යාගය ගැන කාටවත් කියමින් ප්‍රචාරයක් ගැනීමට උත්සාහ නොකළ නිසා විය යුතුයි. කලා

කරුවෙක් තවත් කලාකරුවෙකුට එවැනි පරිත්‍යාගයක් කළ බව ඇසීම තරමක් විරලයි.

නාමල් උඩුගම සමිතාගේ යහපත් ක්‍රියාව ගැන කිව්වට පස්සේ සමිතාගෙන් ඇතැම් අය මේ ගැන ඇහුවා.

"නාමල් සහ මම එකම කාලයක ගායන ක්ෂේත්‍රයට ආවේ.සංගීත ප්‍රසංගයකට යනකොට අපි දැක්ක දෙයක් තමයි නාමල් එනවා කියන කොට රසිකයො එන්නේ පිස්සු හැදිල වගේ .ඒතරමට නාමල්ට රසිකයො වහ වැටිල හිටිය කාලයක් තිබුණා. 


රජෙක් වගේ ස්ටේජ් එක උඩට ඇවිත් නාමල් සින්දු කියන හැටි තවම මට මතකයි. එහෙම හිටපු නාමල්ට ලෙඩ වෙලා මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා මම හිතුවේ නැහැ. මම නාමල්ව දකිත්දී මට විශාල දුකක් ඇති වුණා. අනෙක රුවන්තිත් මං වගේ දරුවන් දෙදෙනෙකුගේ මවක්. මගේ දරුවන්ගේ වයසේ පසුවෙන දරුවන් දෙදෙනෙක් මයි ඔවුන්ටත් ඉන්නේ.

රුවන්ති දුක් විඳිනව බලාගෙන ඉන්න මට බැරිවුණා. අපිට මේ දේ වුණා නම්... නාමල් ලෙඩ වී ඉන්න දවසක මම රුවන්තිට කතා කළා. ඇය කතා කරනවාට වඩා ඇය වැළපුණා. මට හැකි අයුරින් ඇගේ කඳුළු නවතන්න මම උත්සාහ කළා. අනෙක අපි මැරෙන දවසට අපි හම්බ කරපු සල්ලි අරගෙන යන්නේ නැහැ. මට අවශ්‍ය වුණේ මම 1992 දි 1994 දි දැක්ක නාමල්ව නැවත දකින්නයි."  ඒ අයට දුන්නේ එවැනි පිළිතුරක්.

නාමල්ට කරපු උදව්ව රහසින් කළේ ඇයි කියන එකත් ඇතැමුන් සමිතාගෙන් ඇහුවා.

" මම මේ දේවල් කතා කරන්නත් කැමැති නැහැ. මං දෙයක් කරන්නේ යළිත් ඒ දේවල් ගැන කතා කරන්න ආසාවෙන් නෙමෙයි. ඒ දේ දීලා නැවත් කිසිම දෙයක බලාපොරොත්තුවක් මගේ සිතේ නැහැ. නාමල් මේ ගැන කතා කළ නිසයි මම මේ දේ කිව්වේ."

සමිතා ඒ අයට කිව්වේ එහෙමයි.
 
Related Posts with Thumbnails