Ads 468x60px

.

දැඩි ලෙස රෝගාතුර වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත වෙනුවෙන් ආධාර පතයි

90 දශකය ආරම්භයේ සංගීත ලොව සිසාරා නැගුණු මියුරු නැවුම් ගී හඬක හිමිකරුවා ලෙස සුවහසක්‌ ගී රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත දැඩි ලෙස රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

මොළයේ හටගත් විෂබීජ ආසාදනයක්‌ හේතුවෙන් රෝගී වු ප්‍රින්ස්‌ගේ මතක ශක්‌තියද ගිලිහී ගොස්‌ ඇති අතර කතාකර ගැනීමටද නොහැකිව සිටී. 


ගිලන් ඇඳමත වැතිර දියර ආහාර මගින් පමණක්‌ යෑපෙන ප්‍රින්ස්‌ සුවපත් කර ගැනීම සඳහා දායකවීමට කැමැති රසික රසිකාවියන්ට 0769111838
දුරකථන අංකය අමතා ප්‍රින්ස්‌ගේ සොයුරියක වන ශිරානි ප්‍රියංගිකා ගෙන් විස්‌තර විමසිය හැක.

ප්‍රින්ස්‌ගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහයක්‌ දැක්‌වීමට කැමැති රසිකයන්ට ඇල්පිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ 10094880 අංක දරන ගිණුමට මුදල් බැර කර හැක.
 
Related Posts with Thumbnails