Ads 468x60px

.

අවසාන 6 පාර 4 ද ඇතුලත් විස්සයි විස්ස ෆයිනල් හයිලට්ස් වීඩියෝව



අද ඉන්දියාවේ කල්කටාවේ ඊඩ්න්ගාඩ්න් පිටියේ පැවති විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය පරදා කුසලානය අත්කරගන්නට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා.

කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්ත ඉනිම 155 කට කඩුළු 9 ක් ලෙස සීමා කරන්නට සමත්වූ

අතර පිළිතුරු ඉනිමේදී අනපේක්ෂිත ලෙස බටහිර කොදෙව්

ප්‍රහාරක පිතිකරුවන් මුල් ඕවර තුළදී දැවී ගොස් ඔවුන් අසරණ වුණා. පසුව සැමුවෙල්ස් හා බ්‍රාවෝ බටහිර කොදෙව් ඉනිම නගා සිටුවා තියුණු පිළිතුරක් ලබාදෙන්නට උත්සාහ කළා. සටන අත් නොහළ කොදෙව්වන් අවසාන ඕවරය දක්වා කරට කර සටනක නියැළුණ නමුත් අවසාන ඕවරය තෙක් ජයග්‍රහණයේ වැඩි වාසි එංගලන්තය සතු විය. 


දිනන්නට ලකුණු 19 ක් ගතයුතුවූ අවසාන ඕවරයේ කාර්ලොස් බ්‍රැත්වෙට් ගැසූ 6 පහර හතරක් සමග ඔවුන් ජයග්‍රහණය කරා පැවති පීඩා ඉවත් කරගත්තා. ඒ අනුව මෙවර විස්සයි 20 ලෝක කුසලානය ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිළයි.

තරගයේ වීරයා මාලන් සැමුවෙල්ස්ය. තරගාවලියේ වීීරයා වූයේ ඉන්දීය පිලේ කෝලිය. බටහිර කොදෙව්වන් කාන්තා ලෝක කුසලානයද අද අත්කරගැනීම විශේෂිතය. මින් ටික දිනකට ඉහත 19 න් පහළ ලෝක ශ+රයන් බවටද කොදෙව්වන් පත්විය.
 
Related Posts with Thumbnails