Ads 468x60px

.

ඉන්දියාව පරදා බටහිර කොදෙව්වන් අවසන් සටනට..

ඉන්දියාව හා බටහිර කොදෙව්වන් අතර තරගයේ හයිලයිට්ස් (වීඩියෝ)

පරාජයෙන් පසු ඉන්දියාවේ දෙල් වුණු මූණු..

දැන් රිටායර් වෙන් නැද්දැයි ඇසූ මාධ්‍ය වේදියා දෝනි ලගට කැඳවයි..

අද ඉන්දියාවේ වැන්කඩේ හිදී පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරග යෙන් ඉන්දියාව පරදා ජය ගන්නට බටහිර කොදෙව්වන් සමත් වුණා. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගත් බටහිර කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාව කඩුළු 2 ක් පමණක් දැවී ඕවර 20කදී ලකුණු 192 ක්
රැස් කළ අතර පිළිතුරු ඉනිමේදී එම ලකුණු අභිබවා යන්නට කොදෙව්වන් ඔවුනගේ 20 වන අවසාන ඕවරයේ 4වන පන්දුවේදී සමත් වුණා.

කොදෙව් ඉනිමේ අඩු ලකුණු ගණනකට මුලදීම ක්‍රිස් ගේල් දැවී යාම නිසා බලාපොරොත්තු බිඳ දැමීම් සිදුවුවද ඔවුන් ජයග්‍රහණය කරා ගියා. මෙම ඉනිමේදී අවස්ථා දෙකකදීම නිපන්දුවලට උඩපන්දු රැකීම නිසා ලබාගන්නට තිබූ කඩුළු ඉන්දියාවට අහිමිවීම විශේෂත්වයකි. 

කොදෙව්වන්ගේ ලකුණු 83ක් නොදැවී ගත් සිමන්ස්ගේ ඉනිම කැපී පෙනේ. මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් තරගය බටහිර කොදෙව්වන් සමග එංගලන්තය අතර පවත්වනු ඇත.




ඉන්දියාව හා බටහිර කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි20 අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාදවීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් ඔබ ක්‍රිකට් පිලේ සිටිනවාදැයි විදෙස් මැධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරුදෙන්නට වීමෙන් තරමක කලබලයෙන් හැසිරුණ ඉන්දීය පිලේ මහේන්ද්‍ර සිං දෝණි ඔහුව ළගට කැඳවා කාටත් පෙනෙන සේ හිඳුවා තමා තවදුරටත් ක්‍රීඩාකරන්නට ශක්තියක් නැහැ යයි ඔබ සිතනවාදැයි විමසා සිටියා. 

එම අවස්ථාවේ තරමක ලජ්ජාවෙන් ඔහු ඇසූ පැන වලට පිළිතුරු දුන් විදෙස් මාධ්‍යවේදියා දෝණිට එරෙහිව කථා නොකළ අතර අවසානයේ දෝණි පැවසුවේ ඔබ මං ක්‍රීඩා කරනවාට කැමැත්ත දුන්නා යනුවෙනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails