Ads 468x60px

.

රටේ ජනතාවට බදු නොගහමින්, ආර්ථිකය ගොඩ දමන හැටි..


නව වැට්‌ බදු පනතට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇති බව ඊයේ වාර්තා කර තිබිණි. ඒ අනුව සියයට පහළොවක්‌ වූ වැට්‌ බද්ද 2017 අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වැට්‌ බදු බෝම්බය වරින් වර පත්තු වී රටේ වැඩි දෙනකුට තුවාල සිදුකළ බෝම්බයකි. හතුරෙකුට වුව පිටිපස්‌සෙන් ගොස්‌ පිහියෙන්

ඇනීම, බෝම්බ ගැසීම, වෙඩි තැබීම හොඳ වැඩක්‌ නොවේ. 

එය සදාචාරාත්මක නැත. ආණ්‌ඩුව මුල්වරට වැට්‌ ගෙන ඒමේදී කළේ එවැනි සදාචාරාත්මක නොවන වැඩකි. හිටි හැටියේ වැට්‌ බදු පනවා දිගට හරහට ගාණ කපා ගන්නා විට ජනතාව වුවද ඒ ගැන එතරම්ම කල්පනා කළේ නැත. 

එහෙත් කල්පනාවෙන් සිටි කිහිපදෙනකු එකතුව නීතිය ඉදිරියට ගොස්‌ පෙන්වා ඇත්තේ මේ කපන කැපිල්ල ජනතාවට කොළේ වසා කරන ගැහිල්ලක්‌ බවය. අවම වශයෙන් එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර පැනවූ බද්දක්‌ වී තිබිණි. උසාවිය එය පිළිගෙන වැට්‌ බදු අය කිරීමට වාරණයක්‌ පැනවීය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය වූයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නියමිත ක්‍රමවේදයන්ගෙන් තොරව ඉදිරිපත් කිරීම නිසා වැට්‌ පනත ශූන්‍ය බවය. එහිදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 වැනි වගන්තියේ විධිවිධාන අනුවත්, 133 පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග අනුව යමින් පනත ඉදිරිපත් නොකිරීමත් නිසා එම නියෝගය නිකුත් කර තිබිණි.

මුල්වරට ඉදිරිපත් කරන ලද වැට්‌ බදු පනතේද වැට්‌ බදු ප්‍රමාණය සියයට පහළොවක්‌ වූ අතර නව පනතින්ද එම බදු ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පැනවේ. එහෙත් තොග හා සිල්ලර වෙළෙ¹මට එයින් අහිතකර බලපෑමක්‌ ඇති නොවන බව කියෑවේ. තොග හා සිල්ලර වෙළෙ¹ම සඳහා වසරකට මිලියන 50 ක්‌ දක්‌වා වැට්‌ බද්දෙන් නිදහස්‌ කර ඇත. එය එම වෙළෙඳ ප්‍රජාවගේ හිතසුව පිණිසම හේතුවනු ඇත.

පසුගිය වැට්‌ බදු පැනවීමේදී දිනකට රුපියල් 33,000 ක වෙළඳාමක්‌ කරන සුළු වෙළෙන්දන් වැට්‌ බද්දට හසුවීම නිසා මුළු රටේම වෙළෙඳ ප්‍රජාව ආණ්‌ඩුවට දැඩි විරෝධයක්‌ එල්ල කළහ.

කෙසේ හෝ මේ වැට්‌ බදු කතන්දර මේ වනවිට අපේ රටේ ඇති කර ඇති අවුල ආණ්‌ඩුව පෙන්වා දෙන "ආර්ථික අවුලටත්" වඩා දරුණුය. කොටින්ම අපට එක තැන හිටගෙන හිඳින්නට සිදුව තිබෙනවා විනා එක අඩියක්‌ හෝ ඉදිරියට ගැනීමට නොහැකි තත්ත්වයක්‌ වැට්‌ නිසා උදාවිය. 


නව වැට්‌ බදු පනත එම තත්ත්වය වෙනස්‌ කරන්නට උදවු නොවේ නම් ඊට විපක්‍ෂය හෝ මෙයට සම්බන්ධ වෙනත් පාර්ශවයන්ගේ ගෙනෙන සශෝධනවලට ඉඩක්‌ ලබාදීම ප්‍රඥගෝචරය.

කොහොමත් ආණ්‌ඩුවට වැට්‌ බදුවලින් හැරෙන්නට ගොඩ යා හැකි ක්‍රමයක්‌ නැති බව ආණ්‌ඩුවේම උදවිය කියන නිසා ජනතාවට ඊට අකැමැත්තෙන් වුව එකඟවන්නට සිදුව තිබේ. ජනතාවගේ බෙල්ල මිරිකන්නේ නැතිව ආර්ථිකය ගොඩදැමිය හැකි ක්‍රමයක්‌ ගැන ආණ්‌ඩුවට හිතාගන්නටවත් බැරි යෑයි කීමම විහිළුවකි. 


පසුගිය ආණ්‌ඩුව වැට්‌ බදු ඉහළ නංවන විට එවකට විපක්‍ෂයේ සිටි, අද ආණ්‌ඩු කරන උදවියට එය "නරක" "ජනතාවට බර ගෙනෙන" බද්දක්‌ විය. එදා මේ උදවියම කීවේ රටේ ජනතාවට බදු නොගහන, ආර්ථිකය ගොඩ දමන හැටි අපේ ආණ්‌ඩුවක්‌ ආ විට බලාගන්නට පුළුවන් බවය. දැන් එය ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය.
 
Related Posts with Thumbnails