Ads 468x60px

.

විශිෂ්ට කතාවක ඉතිරි ටික...


වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය පවුල් 138,585 කට අයත් පුද්ගලයන් 519,527 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව වාර්තාවේ. පෙනෙන්නට ඇති පරිදි තත්ත්වය දවසින් දවස දරුණු වන බව කිව යුතුය. 

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති දිස්‌ත්‍රික්‌ක ගණන 17 කි. අවුරුද්දේ මුල් මාස කිහිපයේදී ඇතිවූ ගංවතුර තර්ජනය, නාය යැම්, සාලාව ෙ€දවාචකයන් වැනි ආපදා තත්ත්වයන්ට හරි හැටි සහන
ලබාදීමටත් නොහැකි වූ තත්ත්වයක්‌ තුළ එක්‌ වරම වියළි කාලගුණයද ආපදාවක්‌ බවට පත්වූ පසු ඇතිවන අර්බුදය ගැන අමුතුවෙන් කිවයුතු නැත. 

අදාළ බලධාරීන් මේ ගැන දක්‌වන උනන්දුව අතිශය උදාසීනය. මේ ගැන අපට බරපතළ විවේචන තිබෙන්නේ ඒ නිසාය. මෙතරම් පීඩාකාරී තත්ත්වයකට රටේ ජනතාවගෙන් පිරිසක්‌ මුහුණ දී සිටියදීත් සමහර දේශපාලනඥයන්, තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ සටනක යෙදී සිටීම පිළිකුල දනවන්නකි. 

රටේ ජනතාවට මේ වන විට දැනෙන පීඩනය ගැන වගේ වගක්‌ නැති එවැනි උදවිය පාර්ලිමේන්තුවෙන් නොව දේශපාලනයෙන්ද අතුගා දැමීමට ඊළඟ මැතිවරණයකදී හෝ ජනතාව පෙරමුණ ගත යුතු බව අපේ විශ්වාසයයි.

කෙසේ හෝ රටේ ජනතාවගේ මේ බිඳුණු හිත හැදෙන දෙයක්‌ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබ තිබිණි. කාගෙ කාගේත් දැනගැනීම පිණිස එය කෙටියෙන් මෙසේය. 


ශ්‍රී ලංකාවේ හටගත් දරුණුම ජල ගැලීමෙන් සහ කොස්‌ගම සාලාව හමුදා අවි ගබඩාවේ පිපිරීමෙන් පසුව විනාශ වූ නිවාස පිළිසකර කර ගැනීමට අවශ්‍ය සියලුම මුදල් වෙන්කර අවසන් කර ගන්නා තුරු මැති ඇමැති වරුන් සඳහා වාහන ආනයනය කිරීමට කිසිදු මුදලක්‌ නොදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහා භාණ්‌ඩාගාරයට නියෝග කර තිබේ.

(මේ නියෝගය පවතින වියළි කාලගුණයටද අදාළ කරගන්නා ලෙස අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිමු.)

මෙය අගනා නියෝගයකි. සිත් ඇදගන්නා සුළුය. අගමැතිවරයා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගෙන සිටින බව අපට ඒත්තු ගන්වයි. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආණ්‌ඩුව පත්වුණුදා පටන්ම මෙවැනි නියෝග අගමැතිවරයා පමණක්‌ නොව ජනාධිපතිවරයා පවා නිකුත් කර තිබියදීත් අදාළ නිලධාරීන්, දේශපාලනඥයන් එය කනකට නොගන්නා තත්ත්වයක්‌ පෙනෙන්නට තිබීමය. 


අගමැතිවරයා මේ නියෝගය නිකුත් කරන මොහොත වන විටත් තමන්ගේ "ආසාවට" ගැළපෙන වාහනය ඇණවුම් කර ඇති බව අපේ විශ්වාසයයි. එමෙන්ම බොහෝ දෙනෙක්‌ මේ වන විටත් වාහන ගෙන්වා අවසන්ව ඇති බවත් අපේ විශ්වාසයයි. 

ඇත්ත වශයෙන්ම අගමැතිවරයාගේ ප්‍රශංසනීය නියෝගයට තවත් බොහෝ දේ ඇතුළත් විය යුතුය. පිටරට සවාරි නවතා දැමීම, සුපිරි පහසුකම් සහිත කාර්යාල සෙවීම, ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, මහජන මුදල් කෝටි ගණනින් ගෙවා මිලදී ගත් කාර්යාල ගොඩනැඟිලි කුලී ගෙවමින් ඔහේ තිබෙන්නට හැරීම, මහජන මුදල් නාස්‌ති කරමින් උත්සව පැවැත්වීම මේ ආදී සියලුම දේ මේ ලැයිස්‌තුවට ඇතුළත් විය යුතුය. 

එසේ කළ යුතු යෑයි කියන්නට අගමැතිවරයාගේ කතාවෙන්ම කොටසක්‌ අප හුවා දක්‌වමු. ඒ,

"යහපාලන ප්‍රතිපත්ති යටතේ රජයේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ජනතාවගේ අවශ්‍යතා සඳහා පමණකි" යන්නය.

ඊටත් වඩා මේ රටේ ආර්ථිකය දුවන්නේ රිම් එකෙන් බව කීවේද මේ ආණ්‌ඩුවම බව අපි සිහිපත් කර සිටිමු.
 
Related Posts with Thumbnails