Ads 468x60px

.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවූ බොහෝ දෙනෙකු වෙනුවෙන්...


කාගේ කාගෙත් ඇස්‌ ඇරෙන, කාටත් බොහෝ දේ සිතන්නට ඉඩ හරින සෘජු ප්‍රකාශයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබ තිබිණි. ජනාධිපතිවරයාගේ මේ කතාවට නිමිත්ත වී තිබුණේ පසුගිය දිනවල හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද්ධය කළ නාවික හමුදාපති වරු උසාවි ගෙන ගිය ක්‍රමවේදයේ ඇති අවිධිමත්භාවය. 

එය ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවී තිබිණි. කොළඹ පදනම් ආයතනයේ පැවැති රණවිරු වැඩසටහනකට එක්‌වෙමින් ජනාධිපතිවරයා කළ ඒ කතාව තුළ වත්මන් රජයේ බොහෝ ක්‍රියාකලාපයන් තුළ ඇති
අර්බුදකාරී තත්ත්වය මැනවින් විග්‍රහ කරන්නක්‌ බව කිව යුතුය. 

කොටින්ම මේ රටේ ජනතාවට දැන් හොරු අල්ලීම, විහිළුවට කාරණයක්‌ වී හමාරය. එµa.සී.අයි.ඩි. ය, සී.අයි.ඩි. ය අල්ලස්‌ කොමිසම සම්බන්ධව රටේ ජනතාව තුළ ඇති හැඟීම ගෞරවනීය එකක්‌ නොවේ. ඊට හේතුව මේ ආයතන ක්‍රියාකරන ආකාරයේ විනිවිද භාවයක්‌ හෝ, විධිමත් බවක්‌ දක්‌නට නොලැබීමය. ජනාධිපතිවරයා සිය ප්‍රකාශයෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ ඒ කාරණයයි.

ඇත්තම කතාව මේ කිසිවෙකුත් උසාවියට දක්‌කාගෙන ඒමේ කතාව ජනපතිවරයාද දැන සිට නැත. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවික හමුදාපතිවරු උසාවියට කැඳවන්නේ නම් ජනාධිපතිවරයා ලෙස තමන් දැනුම්වත් කිරීමට අදාළ කොමිසම් සභා කටයුතු කළ යුතුව තිබුණු බව ජනාධිපතිවරයා කියන විට මේ ක්‍රමවේදය ගැන කාටත් සැකසංකා මතුවේ. ඊටත් ජනාධිපතිවරයා යනු මේ රටේ සේනාධිනායකයාය. 


ජනාධිපතිවරයාම කියන පරිදි මේ ස්‌වාධීන කොමිෂන්වල සිටින අය තමන්ගේ විෂය ක්‍ෂේත්‍රය හෝ එහි වපසරිය පිළිබඳ හරිහැටි අවබෝධ කරගෙන නැත. නැත්නම් ජනාධිපතිවරයාට මේ ගැන මහ සභාවක්‌ ඉදිරියේදී කියන්නට අවශ්‍ය වන්නේ නැත.

රට බේරාගත් රණවිරුවන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තමා කැපවෙන බව ජනාධිපතිවරයා කියන්නේ කිසිසේත්ම හමුදාව දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කරමිනි. ආරක්‍ෂාව පිළිබඳව බරපතළ ගැටලු මතුවන මොහොතක ජනාධිපතිවරයා කරන මේ කතාව අතිශය වැදගත්ය. අත්අඩංගුවේ සිටිනා හමුදා බුද්ධි නිලධාරීන් ගැනද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. 


රණවිරුවන් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා තුළ පැහැදිලි දැක්‌මක්‌ ඇති බව පෙනෙන්නට තිබේ. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ හෝ තොරතුරු පවා හෙළිදරව් කරමින් කෙරෙන අත්අඩංගුවට ගැනීම්, හෙළිදරව් කිරීම් වරින් වර විවිධ කොමිෂන් සභාවලට ප්‍රශ්න කිරීම් සඳහා කැඳවීම් වැනි කාරණා ගැන මීටත් වඩා සැලකිලිමත් විය යුතු බව ජනාධිපතිරවයාගේ කතාව පෙන්වා දේ. 

එමෙන්ම ජනාධිපතිවරයාත් නොදන්නා මේ ආකාරයේ "මෙහෙයුම්" කරන්නේ කවුරුන්ද යන්නත් රටට හෙළිදරව් කිරීම වැදගත්ය. 

එසේ නොවේනම් ජනාධිපතිවරයාම කියන ආකාරයට අදාළ ස්‌වාධීන කොමිෂන්වල උදවිය ක්‍රියාත්මක වන්නේ දේශපාලන වාසිය වෙනුවෙන් තීන්දු තීරණ එළැඹීමටද යන වග රටේ ජනතාවගෙත් මතය වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. ජනාධිපතිවරයාගේ කතාවේම කොටසකට ඌනපූරණයක්‌ එක්‌ කරමින් මේ කතාව අවසන් කළ යුතුය. ඒ මෙසේය. 

ජනාධිපතිවරයා ඒ විදියට පත්වුණේ උසාවියට ටෙලිෙµdaන් කෝල් දෙන්නවත්, ස්‌වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්නවත්, විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නවත්, නීතිපතිවරයා ලවා බරපතළ අපරාධකරුවන් උසාවියෙන් නිදහස්‌ කරගන්නටවත් නොවේ.

ජනාධිපතිවරයාගේ උත්සාහය මේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවූ බොහෝ දෙනෙකු වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමටය.
 
Related Posts with Thumbnails