Ads 468x60px

.

ඖෂධ මිල අඩු කළාට අවධානය වැදගත්...


ඖෂධ 47 ක මිල අඩු කරන ප්‍රවෘත්තියක්‌ පසුගියදා වාර්තාවී තිබිණි. ඉක්‌මනින්ම කළ යුතු දෙයක්‌ පමාවී හෝ ඉටුකිරීම ගැන අදාළ බලධාරීන්ට ස්‌තුතිය පිරිනැමිය යුතුය.

මේ ආණ්‌ඩුව පත්වූදා පටන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන ලද බොහෝ දේ ගඟට කැපූ ඉනි මට්‌ටමේ ඒවා බවට පත්වී තිබෙන බව කිව යුතුය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ

ප්‍රතිපත්තියේ මත පදනම්ව ඖෂධ පනත ගෙන ආ බව කීවත් ඉනිදු යහපත් ප්‍රතිඵලයක්‌ අත්වූ වගක්‌ පෙනෙන්නට තිබුණේ නැත. අප දන්නා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් පසුගිය කාලය පුරාම "අර්බුද" වලින් තොරව දිව්වේ නැත. 

රටට අතිශය වැදගත් වන ආයතනයක ප්‍රශ්න ඇතිවීම රටට බලපාන්නේ අන්තිම නරක ආකාරයටය. එය සෘජුවම ජනතාවගේ ප්‍රශ්නයක්‌ බවට පත්වන්නේය. ඖෂධ නියාමන අධිකාරිය, අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලය මේ හැම තැනකම අර්බුද තිබේ. ඒවා විසඳීම තවමත් ඇත්තේ අසීරු මට්‌ටමේ බව අපේ විශ්වාසයයි.

වැඩිවූ බෙහෙත් මිල නිසා දැඩි අපහසුතාවට පත්වුණේ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන රෝගීහුය. පුද්ගලික ඔසු සලකින් ඖෂධ මිලදී ගැනීම එවැනි රෝගීන්ට දෙවියන් සිහිවන තරමේ කාරණයකි. රජයේ රෝහල්වලද බෙහෙත් නැත. ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත යටතේ ස්‌වාධීන ඖෂධ නියාමන අධිකාරියක්‌ පත් කළද එම අධිකාරියටද "ඇල්ලුවට හපන්න බැරි" මට්‌ටමට පත්ව තිබිණි. 


කොටින්ම එම අධිකාරියද ඖෂධ මිල පාලනය කිරීමේ හැකියාවක්‌ පසුගිය කාලයේ තිබුණේ නැත. ආණ්‌ඩු කිහිපයක්‌ම සීරු මාරු වුවද මේ ඖෂධ මාµsයාවට එරෙහිව සටන් කිරීමේ හැකියාවක්‌ තිබුණේ නැති බවද සිහිපත් කළ යුතුය. මිල සූත්‍රයක්‌ ගෙන එන්නට යන විටද "කල් මැරීමේ" සහ සූත්‍රයට සූත්තර දැමීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු දක්‌නට ලැබිණි.

ප්‍රධානතම කාරණය වන්නේ මෙවැනි යෝජනා නිසා කබලෙන් ලිපට වැටුණු පිsරිස අතර දියවැඩියා, වකුගඩු, ශ්වසන රෝග, හෘද රෝග වැළඳුණු රෝගීන් බහුල වීමය. මේ බොහෝ රෝගීහු රජයේ රෝහල්වල සායනයන්ට සහභාගි වී රෝහලෙන් ලබාදෙන බෙහෙත් පමණක්‌ ලබා ගැනීමට හුරුවී සිටිති. ඊට හේතුව රෝහලින් නිකුත් කරන පෞද්ගලික ඔසුසල්වලින් ලබා ගැනීමට නිර්දේශ කරන අවශ්‍යම බෙහෙත් වර්ග ගැනීමට මුදල් නොමැති වීමය.

කෙසේ හෝ මේ තත්ත්වය පිටු දැකීම තරමක්‌ අසීරු කාරණයක්‌ව තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනතාවට සහන ලබාදෙන ආකාරයේ ඖෂධ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ඕනෑම මොහොතක ඊට බාල්දි පෙරළන්නට සූදානම්ව සිටින බවද අමතක කළ යුතු නැත. 


ඖෂධ වර්ග 47 ක්‌ යනු ඖෂධ මාµsයාවේ ඒජන්තයන්ට අනුව විශාල ප්‍රමාණයක්‌ බව අපේ හැඟීමය. විශේෂයෙන් මේ බොහෝ ඖෂධ රටේ වැඩි වශයෙන් රෝගීන් භාවිත කරන ඖෂධ වීම නිසාම ඖෂධ මාµsයාවට පාඩු සිදුවීමේ ඇති ඉඩ කඩ වැඩිවීමය. 

ඒ නිසාම ඉදිරියේදී ව්‍යාජ ඖෂධ හිඟයක්‌ ඇති වීමේ අවදානමක්‌ද තිබේ. මේ වන විටත් එවැනි දේ සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව වාර්තාවේ. අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් ඉක්‌මන් පියවර ගත යුත්තෙත්, අවධානයෙන් සිටිය යුත්තෙත් මේ කාරණය ගැනය.
 
Related Posts with Thumbnails