නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ඒකක තුන අතුරින් එකක් ඉක්‌මනින් අලුත්වැඩියා කර තිබේ. බොහෝ දෙනෙක්‌ගේ පුදුමයට එය හේතුවක් වන බවට සැකයක් නැති මුත් ඇත්ත කතාව ඒකය.
තවත් ඒකක දෙකක් අලුත්වැඩියා කරන්නට නියමිතය. ඒකක තුනෙන්ම මෙගාවොට් 900 ක විදුලි උත්පාදනයක් සිදු වේ. ඒ එක් ඒකකයකින්
මෙගාවොට් තුන්සියය බැගිනි. නොරොච්චෝලේ පසුගිය දිනවල අක්‍රිය වූයේ විසිනව වැනි වතාවටය.
කරුණු කාරණා සිදුවන ආකාරයට ඉදිරියේදීත් සිදුනොවෙතැයි කිසිවකුටත් කිව නොහැකිය. අපි විශ්වාස කරන්නේ මෙය කැඩෙත්ම සදා ඇති එකක් බවය. කැඩුණු බලාගාරය නිතර නිතර පිළිසකර කරන අපේ ඉංජිනේරුවන්ට, කාර්මික නිලධාරීන්ට ගල්අඟුරු බලාගාරයක් හරිහැටි නඩත්තු කරන්නේ කොහොමද කියන කාරණය ගැන මනා අවබෝධයක් ලැබේ.
නොකැඩෙන්නට සාදා ඇති හොඳම බලාගාරය චීනය අපට ලබාදෙන්නට තීරණය කරනවා ඇත්තේ මෙන්න මේ පළපුරුද්දෙන් පසුව විය යුතුය. ඒ නිසාම නොරොච්චෝලේ බලාගාරය ඉදිරියේදීත් කැඩෙන්නට නියමිත බව සිහියේ තබාගෙන විදුලිය භාවිත කිරීම, අනවශ්‍ය සිත්තැවුල් ඇති නොවීමට හේතු වේ.
ගල්අඟුරු බලාගාරයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන්නට යෝජනා වූයේ දශක තුනකටත් පෙරාතුව ය. කොටින්ම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති වරයාගේ කාලයේත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේත් ඊට පසුව ඩී. බී. විඡේතුංග ජනපතිවරයාගේ කාලයේත් ගල්අඟුරු බලාගාර යෝජනාව විටින් විට කරළියට පැමිණියේය.
ඇත්තෙන්ම මෙය ක්‍රියාත්මක තලයට පැමිණියේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේදීය. ඒ කාලයේ විදුලිය කැපීමද පුරුද්දක් වශයෙන් කරන මට්‌ටමේ තිබිණි. පැයකින් පමණකින් නොව පැය හත අට බැගින් විදුලිය කපා හැරුණේ මේ යුගයේදී ය.
මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා එනවිට බලාගාරය ගොඩනැඟීමට එකඟව සිටි ජපානය වැඩේ අතහැර දමා තිබිණි. චීනය මේ කාරණයට අත දමන්නේ ඊට පසුවය. චීනය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අපට දුන්නේය. 2011 මාර්තු 22 වැනිදා බලාගාරය විවෘත කෙරිණි.
එතැන් සිට බලාගාරය කැඩෙන්නට පටන් ගත්තේය. මෙය සැඟවුණු වාර්තාවක් විය හැකිය. මුලින් මුලින් බලාගාරය අකීය වනවිට ඉංජිනේරුවන් කීවේ "ඒවා සුළු සුළු යාන්ත්‍රික හා තාක්‍ෂණික දොaෂ" බවය. මේ දොෂ විසි වතාවකට වඩා සිදුවන විටත් ඒවා "සුළු" විය.
එහෙත් එයින් රටට සිදුවන පාඩුව සුළුපටු නොවන බව කිසිවෙකුත් කීවේ නැත. අක්‍රිය වීමට හේතුව පවා අපේ ඉංජිනේරුවරුන්ට කියන්නට නොහැකි වනවිට චීන ඉංජිනේරුවන් පවා මෙරටට ගෙන්වාගත් කාලයක් තිබිණි. වර්තමානය වනවිටත් ඒ තත්ත්වය එසේමය.
නිකමට හෝ දැඩි නියඟයක් ආවේ නම් හොඳම හරිය බලාගන්නට පුළුවන. දැන් බලධාරීන් කළ යුත්තේ නිතර කැඩෙන, කැඩෙන හරිය හදා ගන්නට බොහෝ කාලයක් ගතවෙතැයි කියන බලාගාරය වෙනුවට විකල්ප බලශක්‌තීන් ගැන අවධානය යොමු කිරීමය.
තවත් ගල් අඟුරු බලාගාරයක් ගැන හිතන්නට යන එක පවා රටේ ජනතාවගේ ඇඟේ හිරිගඩු නංවයි. ඒ, විදුලිය කැපෙනවාට නොව විදුලි බිල ගැන හිතෙන නිසාය.