Ads 468x60px

.

මේ විකාර අදහස දැමූ අය මුහුදට පැනිය යුතු බව...


මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක්‌ නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්‌ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෙµaස්‌ පිට්‌ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක්‌ පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක්‌ පසසනු පිණිසය. 

අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන් ගෝල්ෙµaස්‌ පිට්‌ටනිය මැද සදමින් සිටියදී, සෑදීම අත්හිටුවන ලද වරායේ නත්aතල් ගහ ගැනය. මෙය ලොව උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට සැළසුම් කරන ලදී. ඒ
එය ගිනස්‌ ලෝක වාර්තා පොතට නම එක්‌කරගනු පිණිසය. 

නත්තල් ගහේ වියදම රුපියල් ලක්‍ෂ 120 කි. ඒ සඳහා යකඩ ටොන් 3000 ක්‌ ද දේවදාර ගෙඩි කිලෝග්‍රෑම් 15000 ක්‌ ද අවශ්‍ය විය. නත්තල් ගසට සමගාමීව ගාලු මුවදොර පිට්‌ටනියේ කානිවල් එකක්‌ දැමීමටද කටයුතු සංවිධානය කර තිබුණේය.

ගාලු මුවදොර පිට්‌ටනිය යනු බර වාහනයක්‌ තබා ත්‍රීවීලරයක්‌වත් ගමන් කිරීමට ඉඩ නොදෙන තැනකි. මේ භූමියේ භාරකරුවා වන්නේ වරාය අධිකාරියයි. වරාය ඇමැතිව සිsටි කාලයේදී මංගල සමරවීර මේ භූමිය සංවර්ධනය කළේය. මෙහි තිබෙන ගහකොළවලට වතුර දැමීමට භූගත නළ මාර්ගයක්‌ ද ඔහු විසින් ඉදිකරවන ලදී. 


ඉන්පසු ගෝඨාභය රාජපක්‍ෂගේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ භුමිය ඉතා උසස්‌ ලෙස සංවර්ධනය කර තාප්ප බැඳ පඩිපෙළ තනා නඩත්තු කරවීය. එහෙත් ගාලු මුවදොර පිට්‌ටනිය ගාලුමුවදොර හෝටලයට මුහුණපා ඇති කොටසේ හැම විටෙකම කුමක්‌ හෝ විකාරයක්‌ සිදුවනු දක්‌නා ලදී. එක්‌කෝ එහි සංගීත සංදර්ශනයකි. 

නැතිනම් පිට්‌ටනියේ තැනූ වේදිකාවක්‌ මත නටන ලද වෙනත් නාඩගමකි. මේ වේදිකා සෑදීම සඳහා මේ පිට්‌ටනියේ හැමවිටකම වළවල් හාරන ලදී. එහෙත් නත්තල් ගස සඳහා හාරන ලද වළවල් ගෝල්ෙµaස්‌ ඉතිහාසයේ හාරන ලද සියලු වළවල් අතර අග රජු ය. 

මේ වළක ගැඹුර අඩි 8 කි. එවැනි වළවල් 24 ක්‌ හාරා කොන්ක්‍රීට්‌ දමා නත්තල් ගහේ පාදම සකස්‌ කරන ලදී. මෙය කිසිදු ඉංජිනේරුමය දැනුමක්‌ නැති මහතකුගේ හෝ මහත්වරුන් කිහිපදෙනකුගේ උපදෙස්‌ මත සිදු විය. නත්තල් ගහේ අත්තිවාරම සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ වරාය ඇමැති අර්ජුන රණතුංග, තමන් කිසිවකදී දෙවැනි වීමට නොසිතන බැවින් උසින් ලොව පළමු තැනට එන නත්තල් ගස සෑදීමට කල්පනා කළ බව කීවේලු·

නත්තල් ගසේ මූලික කටයුතු සඳහා ගාලු මුවදොර භූමියට බර වාහන පැමිණීම නිසා මංගල සමරවීරගේ භූගත වතුර පයිප්පයක්‌ සම්පූර්ණයෙන් තැලී ගොස්‌ ඇතැයි දැනගන්නට තිබේ. ගෝඨාභයගේ තාප්ප සහ පඩිපේළිවලින් කොටසක්‌ විනාශ වූවයි කියනු ලැබේ.


නත්තල් ගහ බලන්නට එන ජනයා කානිවල් එකට රිංගීමෙන් එන ආදායමෙන් මේ සියලු හානි ප්‍රතිසංස්‌කරණය කිරීම මෙහි නිර්මාණකරුවන්ගේ අපේක්‍ෂාව වන්නට ඇති. එය "කොමර්ෂල් මයින්ඩ්" එකකින් හෙවත් "වාණිජ මනසකින් " ගන්නා ලද තීන්දුවකි. 

එහෙත් ගාලුමුවදොර වැනි පිට්‌ටනියක්‌ පස්‌ කපන ගඩොල්වළක්‌ බවට පරිවර්තන කරමින් නත්තල් ගසක්‌ වැනි දෙයක්‌ සෑදීමට යැමේදී මතුවිය හැකි ප්‍රායෝගික සංස්‌කෘතික ගැටලු ගැන එහි නිර්මාතෘවරුන් කල්පනා කළේ නැත. මෙතැන කිසිදු ආගමික ප්‍රශ්නයක්‌ නැත. 

වෙසක්‌ එකට ලෝකයේ උසම හෝ ලොකුම වෙසක්‌ තොරණ ගාලු මුවදොර ඉදිකර කානිවල් එකක්‌ දමන්නේ නම් එයට එරෙහිව මහා සංඝරත්නය නැගී සිටින බව අපට විශ්වාසය. මන්ද, තොරණට යට කරන මුදලින් පවුල් සිය දහස්‌ ගණනකට සහන සැලසිය හැකිය. එසේම ලොව උසම නත්තල් ගහ තනන විට එයට වැය කරන රුපියල් එක්‌කෝටි විසි ලක්‍ෂයෙන් පවුල් බර ගණනකට උපකාර කළ හැකිය.

උසම නත්තල් ගහට එරෙහිව ප්‍රතිපත්තිමය සහ චර්යාත්මක ප්‍රකාශයක්‌ කළ මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් එවැනි උත්සාහයක ඇති අධ්‍යාත්මික නිසරු බව වටහා දී ඇත. එය හේතුවක්‌ ලෙස සළකා හෝ හේතුවක්‌ ලෙස නොසළකා නත්තල් ගස සෑදීම අත්හිටුවන ලදී. 


ගස සෑදීමට මිලට ගත් යකඩවලට දැන් ඇත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්‌ හෙවත් පරණ යකඩ මිලකි. එය පරණ යකඩ මුදලාලිලාට ලාභය. දේවදාර ගෙඩිවලින් නම් කළ හැකි කිසිම දෙයක්‌ නැත. 

මේ ව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමඟම ඒ සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ අර්ජුන රණතුංගට සිදුවන්නේ උසම නත්තල්ගහේ උසට වඩා උසම තැනකට ගොස්‌ සැඟවීමටය. ඔහුගේ ඔලුවට එම විකාර අදහස දැමූ අය මුහුදට පැනිය යුතුය.
 
Related Posts with Thumbnails