Ads 468x60px

.

වස්‌ දොස්‌ හැර නිදොස්‌ කරගත යුතු පස්‌ කතාව


රාජ්‍ය නිලධාරීන්ගේ "කොන්ද" නොව "හොම්බ" පිළිබඳ අර්බුදය මේ වන විට බොහෝ දුරදිග ගොස්‌ තිබේ. රන්ජන් රාමනායක හිටි හැටියේ මර්වින් සිල්වාට රූපාන්තරණය වූ ආකාරය ගැන සමාජයේ විවිධ කතාබහ මතුවිය. 

රන්ජන්ට පළමු ගල ගසන්නට එකතු වූ පිරිසට ප්‍රශ්නයේ දිග පළල වෙනත් ආකාරයකින් බැලිය යුතු බව හරිහැටි අවබෝධ වූයේ නැත. ඇත්ත.... රන්ජන් දේශපාලනඥයකු හැටියට රටේ ජනතාව තමන්ට
ඉදිරිපත් කළ ප්‍රශ්නයට විසඳුම් සෙවූ ආකාරය "වන්ෂොට්‌" පන්නයේ එකක්‌ වීම ගැන විවාදයක්‌ නැත. 

එහෙත් රටේම කෙරෙන මහාපරිමාණයේ පස්‌ වැලි, වනාත්තර කැපීමේ මහාපරිමාණ ජාවාරම් පිළිබඳවත්, එවැනි අපහසුතාවන්ට දැන හෝ නොදැන අනුබල දෙන රාජ්‍ය සේවය ගැනත් මීට වඩා වෙනස්‌ ආකාරයකින් දැකිය යුතු බව අපේ විශ්වාසයයි. 

එමෙන්ම රාජ්‍ය සේවකයා තමන්ට ඉදිරිපත් වන ප්‍රශ්නය කෙරෙහි මීට වඩා සෘජු හා ජනතා හිතවාදී අයුරින් කටයුතු කිරීම වඩා වැදගත්ය. වර්තමානයේ රජයේ කන්තෝරුවකට ගොඩවදින කාට වුව තමන්ගේ ප්‍රශ්නය ඉක්‌මනින් විස¹ ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත.

බොහෝ රාජ්‍ය නිලධාරීන් සිටින්නේ බුම්මාගෙනය. උදේ කෑමට, දවල් තේ විවේකයට, දහවල් කෑමට, සැඳෑ තේ විවේකයට කාලය වෙන් කෙරූ විට බොහෝ දෙනාට වැඩ කරන්නට ඇත්තේ ඉතාම කෙටි කාලයකි. 


ඒ කාලය අතරතුර ද අදාළ "µයිල්" එක සොයන්නට පොලිසියට බාරදිය යුතු ආකාරයේ ප්‍රශ්න වැලක්‌ රාජ්‍ය සේවකයන්ට තිබේ. එක්‌කෝ අදාළ නිලධාරියා නැත. අත්සන ගැනීමට ඉහළ පුටුවල අය නැත. රන්ජන් "හොම්බ" පිළිබඳව කතාවක්‌ ඇදගත්තේ ද අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ එවැනි දියාරු උත්තර නිසාය.

දිවුලපිටියේ පමණක්‌ නොව රට පුරාම කෙරෙන අනවසර පස්‌ කැපීම්, දැව ජාවාරම්, කැලෑ කැපීම්, වැලිගොඩ දැමීම් එකී මෙකී නොකී සියලු අක්‍රමිකතාවන්හිදී රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සියයට සියයක්‌ හොඳ මට්‌ටමේ තිබුණේ නැත. 


රන්ජන් දුෂ්ඨයාට ඇන්ද නමුත් දිවුලපිටියේ ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත්වීම ද පෙර කී මට්‌ටමේ එකක්‌ වූ බව කිව යුතුය. ලිත පැමිණිල්ලක්‌ කරන ලෙස ඇය කියන නමුත් ඊට පෙර ප්‍රාදේශීය ලේකම්වරියට ඒ ගැන දන්වා එන ලද ලිපිවලට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැන කිසිවෙකුත් සඳහන් කරන්නේ නැත.

අපට මෙතැනදී දේශපාලනඥයා හෝ අදාළ රාජ්‍ය සේවකයා හරිද වැරදිද යන්න විග්‍රහ කරනවාට වඩා වැදගත් වන්නේ දිවුලපිටියේ පස්‌ ප්‍රශ්නය නිසා මතු වූ මෙවැනි අර්බුද ගැන මැදහත්ව බැලීමය. රාජ්‍ය සේවකයා අර්ධ වශයෙන් නොව පූර්ණකාලීනව දේශපාලන ක්‍රියාධරයකු බවට පත්කරන්නට 77 න් පසු එළැඹි දේශපාලනික වටපිටාව සමත් වී තිබේ. 


බොහෝ විට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නැගෙන චෝදනා බොහෝමයකදී "පසුබිමේ" තීන්දු තීරණ ගෙන ඇත්තේ දේශපාලනඥයන්ය. එහෙත් දංගෙඩියට හිස තබන්නේ රාජ්‍ය සේවකයාය. රාජ්‍ය නිලධාරීන් තේරුම් ගත යුත්තේ මේ කාරණාවය. දිවුලපිsටියේ "හොම්බ තැලීමේ" කතාව උගන්වන්නේ ඒ පාඩමය.
 
Related Posts with Thumbnails