Ads 468x60px

.

විග්නේශ්වරන් සුමන්තිරන් දබරය...


දෙමළ සන්ධාන මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ඝාතනය ගැන මාධ්‍ය අවධානය අඩුව නොමැත. ජනවාරි 13 වැනිදා කිලිනොච්චියේදී ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ලකොට මෙම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට උත්සාහ කළ හිටපු කොටි සාමාජිකයන් පස්‌දෙනෙක්‌ දැන්
බන්ධනාගාරගතව පසුවෙති. මොවුනට එරෙහිව පොලිස්‌ ත්‍රස්‌ත මර්දන කොට්‌ඨාසය මගින් ඝාතන කුමන්ත්‍රණ චෝදනා ඉදිරිපත් කර ඇත. සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණය ගැන අදහස්‌ දක්‌වා ඇති ප්ලොට්‌ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ පරීක්‍ෂණ සැකකරුවන් අත්අඩංගුවට ගත් පමණින් අවසන් විය යුතු නැති බවයි. ගැඹුරින්ම පරීක්‍ෂණ කළ යුතු බව ප්ලොට්‌ නායකයාගේ අදහසයි. නැවතත් ප්‍රචණ්‌ඩත්වය කරළියට පැමිණීම තුළින් කිසිවකුට යහපතක්‌ නොවන බව සිද්ධාර්ථන් මහතා කියයි. එය සැබැවින්ම ඇත්තකි.

එහෙත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? මේ ඝාතන කුමන්ත්‍රණය යොදා ගනිමින් උතුරේ හමුදාව දිගටම රඳවා ගැනීම සඳහා කටයුතු කෙරෙනු ඇති බව විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුගේ අදහසයි. එය ප්ලොට්‌ නායක සිද්ධාර්ථන් මහතාගේ අදහසට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයකි. උතුර අනාරක්‍ෂිත වීම ගැන උතුරු මහ ඇමැතිවරයාට ප්‍රශ්නයක්‌ නොමැති බව මෙයින් පෙනීයයි. ක්‌ලේමෝ පිපුරුණත් උතුරෙන් හමුදාව ඉවත්ව ඇත්නම් එය විග්නේශ්වරන්ගේ සතුටට හේතුවකි. ඒකීය රාජ්‍යයට මෙන්ම හමුදාවට ද එරෙහි වන මොහු තම පක්‍ෂයේම සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට හිටපු කොටි සාමාජිකයන් සිදු කළ උත්සාහය ලඝූකොට තකයි. විග්නේශ්වරන්ට නම් මේ කොටි සාමාජිකයන් පූස්‌ පැටව් සේ පෙනෙන බව පැහැදිලි ය.

සුමන්තිරන් මහතා ඝාතන ප්‍රයත්නය උතුරු මහ ඇමැතිවරයා එතරම් තැකීමට ලක්‌ නොකර එය වෙනත් පැත්තකට හැරවීම මගින් අපට පැහැදිලි වන්නේ කුමක්‌ද? දෙමළ සන්ධානය තුළ පවතින බල අරගලය නොවේද? සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතන උත්සාහයට නොර්වේ රාජ්‍යයේ කොටි ඩයස්‌පෝරාවෙන් උදව් ලැබුණු බව රහසක්‌ නොවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කොටි ඩයස්‌පෝරාවේ නියෝග අනුව ක්‍රියා නොකිරීම මෙම ඝාතන කුමන්ත්‍රණයට මූලික වූ බව රහසක්‌ නොවේ. නමුත් උතුරු මහ ඇමැති වූ වහාම කොටි හිතවාදයෙන් ඔළුව උදුම්මාගත් විග්නේශ්වරන් මහතාත් කොටි ඩයස්‌පෝරාවේ කීකරු ගෝලයෙකි. "දෙමළුනි නැඟිටිව්" උද්ඝෝෂණ පැවැත්වූවේ ද දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීමට ය.

ඩයස්‌පෝරාවේ විරෝධයට ලක්‌ වූ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඝාතන කුමන්ත්‍රණය ද උතුරු මහ ඇමැති විසින් හාස්‍යයට ලක්‌ කරන්නේ ද එක්‌ හේතුවක්‌ මත ය. එය කවරක්‌ ද? ඩයස්‌පෝරාව තරහ කර ගැනීමට මොහු අකැමැති ය. ඩයස්‌පෝරාව තරහ කර ගන්නවා නම් සුමන්තිරන්ට කලින් මරණීය තර්ජන එල්ල වන්නේ විග්නේශ්වරන් මහ ඇමැතිsවරයාට ය. සිය ජීවිතය වෙනුවෙන් විග්නේෂ්වරන් මහතාම නාටකයක්‌ රඟපාන බව පැහැදිලි ය. එයින් උතුරට යහපතක්‌ සිදු වන්නේ නැත.

දෙමළ සන්ධානය හා උතුරු මහ ඇමැතිවරයා අතර කලක සිට පැවතියේ දුරස්‌ථභාවයකි. ඒ දේශපාලන අර්බුදය මේ සිද්ධිය මගින්ද මනාව තහවුරු වෙයි. එම නිසාම සුමන්තිරන් මන්ත්‍රීවරයා උතුරු මහ ඇමැතිගේ ප්‍රකාශ හෙළාදැක ඇත. ප්ලොට්‌ නායකයා උතුර අස්‌ථාවර වීම ගැන කනගාටු වුවත් විග්නේෂ්වරන් ඒ ගැන කම්පා නොවන්නේ තක්‌කඩිකමටද?

දෙමළ සන්ධානයේ මේ බල ගැටුම හේතුවෙන් කොටි ඩයස්‌පෝaරාවට උතුර අස්‌ථාවර කිරීමට නම් ඉඩ දිය යුතු නැත.
 
Related Posts with Thumbnails