Ads 468x60px

.

තාත්තා එක දවසක් නංගිට කුණුහරුප පිංතූර වගයක් පෙන්නලා තිබුණා - පියා මැරූ පු‍තකුගේ කතාව


චිත්‍රාගල 
කම්පාවෙයි

තාත්තගේ නොහොබිනා බීමත්කම නිසා මගේ අධ්‍යාපනයත් නංගිගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙලා යනවා. 

මගේ අම්මාට හැමදාම කරන දරුණු වධහිංසා මම කොහොම විඳ දරාගෙන ඉන්නද? එදා රාත්‍රී මගේ අම්මට පයින් ගහනවිට මම ඇසුවා ඇයි මෙච්චර කියද්දී මගේ අම්මට ගහන්නෙ කියා.

මගේ තාත්තා මගෙන් ඇසුවේ තෝ කව්ද? මගේ ගෑණිට ගහන්න එපා කියන්න. බමන මතින් සිටිය පියාට ඒ පුතාගේ අම්මා බව තේරිලා නැහැ.


පොර බදාගෙන අම්මාට ගහන එක නතර කරන්න උත්සාහ කරා. ඒත්.... ඒ අසල තිබුණු පොල්ල අතට ගත්තේ මගේ අම්මා බේරගන්න.
හිස පිටුපසට පහර වැදිලා තාත්තා බිම උඩුබැලි අතට වැටුණා” යැයි රුවන් පතිරණ කසුන් තුෂාර (17) කීය.

උඳුවප් මහේ සීතලට දරුවෝ තුරුල්ලට අරගෙන දෙමාපියන් සෙනෙහෙබස් කියමින් පාසල් නිවාඩුවට විනෝද ගමන් බිමන් යන්න සූදානම් වෙනවා. තවත් විටක අලුත් පාසල් පොත්වලට කවර දානවා.

නිල ඇඳුම් රෙදි කෑල්ල මහන්න අරගෙන යනවා. ඒත් පුංචි පියුම්ගේ නිවසේ එවැනි පසුබිමක් තිබුණේ නැහැ. පුංචි පියුමි තුෂාර රුවන් පතිරණ වයස අවුරුදු 11ක දියණියක්. ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හය වසරේ අධ්‍යාපනය ලබන්නේ. ඇයගේ අයියා කසුන් තුෂාර වයස අවුරුදු 17යි. අධ්‍යාපනය අතරමග නතර කළේ දෙමාපියන්ගේ ප්‍රශ්න මත අඬ දබර කෝලහල නිසා.

ප්‍රේම සම්බන්ධතාවයකින් 1995.03.30 දින රුවන් පතිරණ උදාර දයාමන් සහ දේවාලමල්ල ගමගේ ප්‍රියංකා නන්දනී විවාහ විය. මෙම යුවළ දාව කසුන් සහ පියුමි දරු පැටව් ‍දෙදෙනෙක් බිහිවිය.

මූසල රාත්‍රීය

ඒ කාලයේ සිටම මතට ලොල්වී සිටි සැමියා නිරන්තරයෙන් මත්පැන් පානය කරගෙන බිරිය සමඟ නොයෙක් වචන හුවමාරු කර ගැනීම් කර තිබේ. මෙසේ කාලය ගතවනවිට සැමියා තවත් කාන්තාවක් සමඟ ප්‍රේමසම්බන්ධතාවක් ගොඩ නගාගෙන එම අනියම් බිරිය නිවසට එක්කරගෙන ඒමට කටයුතු කිරීමෙන් නිවසේ මහත් ආරවුලක් ඇතිවිය.

කෙසේ හෝ දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් රත්නපුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මේ දෙපළ දරු දෙදෙනා සමඟ එහි ජීවත්ව සිට තිබේ. ලොකු පුතා කසුන් හුංගමදෙණිය අම්මාගේ අම්මා ළඟ නැවතී අධ්‍යාපනය ලබා ඇත.

රත්නපුරයේද කුලියට ගෙන ජීවත් වන නිවසේ පවා නොයෙක් අඬදබරකම් ඇතිවන නිසා ලොතරැයි අලෙවි කිරීමට රැකියාවක් පවා සොයා දී තිබේ. එහෙත් ඒ කිසිවක් ඉවතලා වේලිඔය ප්‍රදේශයේ ඉඩමෙම මියගිය ස්වාමිපුරුෂයා නැවතී ඉඳ තිබේ.

මේ කාලය තුළ අම්මාට නිතර වදහිංසා පමුණුවන හෙයින් ආච්චිගේ ගෙදර සිට අධ්‍යාපනය ලැබූ දරුවා රත්නපුර නිවසට ගොස් ඇත. එම නිවසේදීද නිතරම අම්මාට කරදර කර තිබේ.

2013.12.11 දින රත්නපුරයේ සිට නංගි සමඟ අම්බලන්තොට සුබෝධාරාම පාරේ මානජ්ජාවේ ඉඩමේ පදිංචියට පැමිණ තිබේ. නංගි සමඟ තාත්තා පැමිණීම නිසා අම්මාත් අයියාත් එම දිනයේම සවස අම්බලන්තොටට පැමිණ තිබේ. එතැන් සිට සිද්ධිය මෙසේ දිගහැරෙති.

සීතල උඳුවප් මහේ තරමක හඳඑළිය මිදුලට හොඳට වැටිලා තිබුණා. එදා මූසල රාත්‍රියක් කියා හිතුවේ නැහැ. තියන දෙයක් උයාපිහාගෙන කාලා නින්දට යන්න සිතාගෙන සියලුම දෙනා සිතුවා. ඒත් බීමත්කමින් දොඩව දොඩව සිටිය තාත්තා නංගි සමඟ ඇඳමත ඉඳලා අම්මා සිටින කාමරයට ආවා. මමත් අම්මත් ළඟ කාමරයේ සිටියා.

එතකොට තාත්තා අම්මගේ ළඟට ඇවිත් අම්මාට හොඳටම බනින්න පටන් ගත්තා. මම කිව්වා ඒත් ඇයි තාත්තේ බනින්නේ අපේ අම්මාට. අපි හොඳින් ජීවත්වෙමු කියලා. ඒත් අම්මාගේ උකුල ප්‍රදේශයට තාත්තා හොඳට සැරින් පහරක් එල්ල කළා.

අම්මා විසිවී ගියා. මම ටිකක් වෙලා ඒ දෙස බලාගෙන සිටියා. කෝ තොගේ මහලොකු දෑවැද්ද මට දීපං. කෝ ඉඩම්කඩම් තොට තියන මට කියපං. මේ විදියට අම්මාට හොඳටම අපහාස කරමින් බනිනවා. නංගි සහ මම ඒ දෙස බලාගෙන ඉන්නවා. මට නංගි ගැනත් ලොකු බයක් තිබුණා. තාත්තා සෑම විටම නංගි ළඟට ගන්නවා.

එක දවසක් නංගිට කුණුහරුප පිංතූර වගයක් තාත්තා පෙන්නලා තිබුණා. ඒක පස්සේ නංගි අම්මාට කියලා තාත්තා ඒ කුණුහරුප පිංතූර සියල්ලම පුච්චලා දාලා තිබුණා.

ඒක නිසා නංගි ළඟට ගන්න එක ගැන මට බියක් සැකයක් ඇතිවුණා. නංගිත් කාමරයේ කෑ ගහනවා. අම්මාට හොඳටම තාත්තා පහර දෙනවා කියලා මෙය නතර කරන්න බැහැ. මම තාත්තා ළඟට ගියා මම ඇහුවා තාත්තේ මම හැමදාම කියනවා අම්මට ගහන්න එපා කියලා.


පහර දීමට යොදාගත් ෙමා්ල්ගස.

මේක නතර කරන්නකෝ කවුද බොල මට කියන්නේ මගේ ගෑණිට ගහන්න එපා කියලා. ඉඳපිය මම තොටත් කියා මටත් මගේ ඇඟට කඩාගෙන එන්න එනකොට මම අම්මව බේරගෙන තාත්තා සමඟ පොරබැදුවා. ඒත් තාත්තා මටත් අම්මටත් හොඳටම ගහනවා. ඒ අසල පොල්ලක් තිබුණා. මම එය අතට ගත්තා. එය කොහොම මගේ අතට ගත්තද කියලා මම දන්නේ නැහැ.

පිය පුතු ආරවුල නිසා පෙරලා දැමූ රෙදි රාක්කය.

ඒ අවස්ථාවේ ගමේ අවට අය මෙය බේරන්න කියා ගෙදරට එන්න හදනවා. මම ඒ අයට කෑගහලා කිව්වා එ‍ක්කෙනෙක්වත් ගෙදරට එන්න එපා. මෙය අපේ ප්‍රශ්නයක් නිසා අපි විසඳාගන්නම් කියලා කිව්වා. ඒ නිසා අවට අය කිසිවෙක් නිවසට ආවේ නැහැ. නිවස එකම ගාලගෝට්ටියක් වී තිබුණා. මගේ ඉවසීමේ සීමාව රතුඉර පැනලා තිබුණේ ඒ වෙලාවේ.

පියාගේ මළ සිරුර

අතට ගත් පොල්ල එකවරම තාත්තාගේ හිස පිටුපසට එල්ල වුණා. එකවරම තාත්තා උඩුබැලි අතට බිමට වැටුණා. මෙතෙක් වධහිංසාවලට ලක්වූ අම්මා තාත්තා ළඟ කෑගහගෙන වැටුණා. 

තාත්තා ඉස්පිරිතාලයට ගෙනියන්න කවුරුත් ආවේ නැහැ. මම එන්න එපා කිව්වා. ටික වේලාවකින් අම්බලන්තොට පොලිසියේ නිලධාරින් ගෙදරට ආවා. එවිට තාත්තා මියගොස් සිටින බව දැන ගත්තා.

ස්ථානාධිපති පො.ප . ඩබ්. ජී. විජේවර්ධන හා වැඩ බලන ස්ථානාධිපති අශෝක සමරනායක

යකඩ මාංචුව

රුවන් පතිරණ උදාර දයාමන් (37) හැවිරිදි පියා සිය පුතු වන රුවන් පතිරණ කසුන් තුෂාරගේ පොලු පහරින් නිවසේදීම මරණයට පත්වූ හෙයින් පොලිසියේ යකඩ මාංචුව කසුන්ගේ දෑතට වැටෙනවිට කසුන් පොලිසියට කීවේ මම මගේ තාත්තාව මැරුවා.

නීතියෙන් වරදක් වුවත් මගේ අම්මගේත් මගේත් නංගිගේත් ආරක්ෂාව දැන් තියෙනවා. කසුන්ගේ දෑස්වලින් කඳුළු රූටා වැටුණේය. බලා සිටි බොහෝ දෙනාගේ දෑස් අගට කඳුළු බිඳු ගලාගෙන ආවේ මියගිය පියාගේ දේහය දෙස බලා නොව කසුන්ගේ දෑතට විලංගු වැටුණු දෙස බලාය. 


සැකකාර පුතු රුවන් පතිරණ කසුන් තුෂාර මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
 
Related Posts with Thumbnails