skip to main |
skip to sidebar
මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක් නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්‌ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෙµaස් පිට්‌ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක් පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක් පසසනු පිණිසය.
අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන් ගෝල්ෙµaස් පිට්‌ටනිය මැද සදමින් සිටියදී, සෑදීම අත්හිටුවන ලද වරායේ නත්aතල් ගහ ගැනය. මෙය ලොව උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට සැළසුම් කරන ලදී. ඒ
එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක් පැවැති කාලයේ යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශකර තිබිණි.
යාපනය පුස්‌තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක් බව රහසක් නොවේ. කිහිපදෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක් අත්විය. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන සමස්‌ත ජාතියම
රංගන දිවිය අතහැර දේශපාලන ලෝකයට පිවිස සමස්‌ත ඉන්දියාවේම බලවත්ම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස කිරුළ දිනා සිටි ජයලලිතා ජෙයරාම් සිය දිවි සැරිය නිමකර ඇත.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමැතිනිය නොහොත් අම්මා සඳුදා රාත්‍රි 11.30 ට සිය අවසන් සුසුම් පොද වාතලයට මුදා හැරියාය.
මහඇමැතිනියගේ තත්ත්වය අසාධ්‍ය බව දැනගත් ඇගේ ආධාරකරුවෝ ඇපලෝ රෝහල ඉදිරිපිට පමණක් නොව චෙන්නායි නුවර වීදි දිගේ මහ
ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ.
ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ
ඩෙංගු රෝග මර්දනය වෙනුවෙන්ද රුපියල් 25,000 ක "දඩයක්" නියම කරන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පවසා තිබිණි.
සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ විෂයය ක්‍ෂේත්‍රයට අදාළ නොවන ප්‍රශ්නයක් වුව, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරද හතක් සඳහා දඩය රුපියල් 25,000 බැගින් නියම කිරීම වෙනුවෙන්ද මාරාන්තික ලෙස
මනරංජන වැඩවර්ජන රැල්ලකින් පසුගිය සතිය අවසන් විය. පෞද්ගලික බස් වැඩ වර්ජකයන් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, "මේ ගැන සොයා බලන්නට මම විෂය භාර ඇමැතිවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස් දෙනවා... එතැනින් හරි විසඳුමක් නොලැබුණොත් මම ඒ සඳහා කමිටුවක් පත් කරනවා. එතැනිනුත් හරි විසඳුමක් නොලැබුණොත් මේ ප්‍රශ්නයට මම මැදිහත් වෙනවා...." යනුවෙනි.
කෙසේ හෝ "අන්තිම විසඳුම" මුලට ගනිමින් පෞද්ගලික බස් වර්ජනය අවසන් කෙරිණි. කෙසේද යත්, "පරණ පුරුදු" ආකාරයටය. මේ රටේ
2016 දෙසැම්බර් 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි අසූපන් ලක්‌ෂ නවසිය විසිපහකි. මෙම ජනගහණයට සාපේක්‌ෂව 2015 වසරේ පමණක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රථ වාහන ගණන හැටහය ලක්‌ෂ අටදහස් නවසිය හතකි.
මෙම වාහන ප්‍රමාණයෙන් සියයට 10 ක් පමණ දිනපතා කොළඹ නගරයට පැමිණෙන අතර මේ සියලු වාහන තවමත් පැමිණෙන්නේ
ජාතික මාර්ග ආරක්‍ෂණ සතිය ඊයේ ආරම්භ වූ අතර, එය ලබන 07 වැනිදායින් අවසන් වේ. පදිකයන්ගේ, මඟී ජනතාවගේ සහ රියෑදුරන්ගේ ආරක්‍ෂාව තහවුරු කර රිය අනතුරු වළක්‌වාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත.
ඇත්තෙන්ම වසරින් වසර ලංකාවේ මහාමාර්ගවලට අලුතෙන් වාහන එක්‌වීම වැඩිවන්නාසේ ම රිය අනතුරු ද වේගයෙන් ඉහළ යන බව
ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක් දක්‌නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ.
එම වර්ෂයේ සමස්‌ත රිය අනතුරු සංඛ්‍යාව 36,894 කි. මියගිය සංඛ්‍යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක රිය අනතුරු" සංඛ්‍යාව 2566 කි. යතුරුපැදි අනතුරු සංඛ්‍යාව 9329 ක් වන අතර යතුරුපැදිකරුවන් 754
කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක් බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්‌ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක් හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්‍රදේශයක තෙල් තට්‌ටුවක්‌ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ සුන්දරත්වය මනාව දක්‌නට ලැබිණි. ඒ කාලයේ මෙය ගඳ ගසන නරා වළක් තත්වයෙන්
පසුගිය වසරට වඩා මේ වසර තුළදී (2016) ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ.
එම තොරතුරුවලට අනුව මේ වන විට මේ රටේ ඒඩ්ස් මරණ 405 ක් සිදුව ඇති අතර එයින් සියයට 50 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. වසර අවසන් වන විට මේ අසන්නට
යහපාලන රජයේ දෙවැනි අය වැය ද පසුගිය සතියේ ඉදිරිපත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් නොවන්නට අය වැය කතාව මේ රටේ මීටත් වඩා බරපතළ ලෙස කතාබහ කරන්නට ඉඩ තිබුණු බව අපේ හැඟීමය.
අනෙක් කාරණය මෙවර අය - වැයට වඩා ජනතාව වැඩිපුරම බලා හිඳින්නේ ඉදිරි වර්ෂය, එනම් 2017 පුරාම ඉදිරිපත් කරන අය වැය
මන්නාරමේ ධීවර විරෝධතාවක් පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ ධීවර උද්ඝෝෂණය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට් වෙබ් අඩවියේ ද ඉහළ ප්‍රචාරයක් ලබාදී තිබිණි. මේ ධීවරයන් උද්ඝෝෂණය කළේ කුමකටද?
මන්නාරමේ මුසලිනි සිංහල ධීවරයන් පදිංචි කිරීමේ උත්සවයකට එරෙහිවය. ඇත්තෙන්ම එම ප්‍රදේශයේ කවරකු පදිංචි කිරීමට යන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් නැත. නමුත් ඉඩම් මැනීමක්
වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් හත්දෙනෙක් මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලායැම ගැන පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුව තිබිණි.
ලංකාවේත් ඉන්දියාවේත් විශේෂ අවධානයට යොමු වී තිබුණු මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මිරිහානේ කඳවුරින් පැන ගියේ
ලොව මවිත කරවමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් පත්ව තිබේ. හිලරි ක්‌ලින්ටන්ගේ ආධාරකරුවන් හඬා වැටෙද්දී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් නටමින් ප්‍රීතිවන අයුරු සී. එන්. එන්. රූපවාහිනිය ඔස්‌සේ සජීවීව දැකගැනීමට හැකිවිය.
ඇමරිකානු මාධ්‍ය ජාල සියල්ලම බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණය මිස ට්‍රම්ප්ගේ ජය නම් නොවේ. ජනාධිපතිවරණයට පෙරදීම ප්‍රකාශ වී තිබුණේ එරට සියලු මාධ්‍ය පෙනී සිටින්නේ හිලරි වෙනුවෙන් බවයි. එහෙත් සියලු මාධ්‍ය විශ්ලේෂණ බොරු කරමින් 70 හැවිරිදි
දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය අවසන්ය. රටේ ජනතාව මාස ගණනාවක් පුරා මේ උණුසුම නිසා පීඩා වින්දාහ. දැන් මදි නොකියන්නට වහී. ඊයේ වන විට වාර්තා වී තිබූ ආකාරයට සමහර ප්‍රදේශවල නායයැමේ අවදානමක් ද මතුව තිබේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියන ආකාරයට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළ අඛණ්‌ඩව පැවතුණහොත්
අයවැය ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින තුනක කාලයක් පමණි. අපට (ජනතාවට) මේ දින තුනක කාලය පවා ඉවසා සිටින්නට බැරි තරමේ හදිසියක් තිබේ. ඒ බය හා සැකය මුසු හදිසියකි.
හදිසියට හේතුව මෙසේය.
පසුගිය අවුරුද්ද පුරාම මේ රටේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවුණු, විශාල දුක් කන්දරාවකට මුහුණපෑ මැති ඇමැතිවරු (ජනතා නියෝජිතයන්) වෙනුවෙන් ආණ්‌ඩුව දෙන්නේ මොනවාදැයි දැන ගැනීම
මියුරු බසින් රස මැවූ හෙළයේ මහා ගාන්ධර්වයා සිය දිවි සැරිය නිමා කර තිබේ. සිංහල සංගීත ඉතිහාසයේ අමරදේව යුගය ඊයේ දිනයෙන් අවසන් වූ බව සටහන් තබන්නේ කනගාටුවෙනි.
අමරදේවයන්ගේ මියුරු සර මින් ඉදිරියට සජීවීව අසන්නට නොලැබීම සමස්‌ත ජාතියේම අභාග්‍යයකි. එහෙත් කිසිවකුට මරණය පරාජය කළ
අද උදෑසන අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් අභාවප්‍රාප්තවූ බව ශ්‍රී ජයවර්ධන රෝහල් ආරංචි මාර්ග දන්වා සිටියා. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය. 1927 වසරේ දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ ඇල්බට් පෙරෙරායි.
සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය. මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා
ශ්‍රී පාදය මෙරට බෞද්ධයන්ගේ පූජනීය උරුමයකි. විවිධ ආගමිකයන් ශ්‍රී පාද වන්දනාවට එකතු වුවද එය බොදු පුද බිමකි. පසුගිය සති කිහිපය පුරාම විශේෂයෙන් ම සමාජ ජාලා වෙබ් අඩවිවල ශ්‍රී පාදය සම්බන්ධව නොයෙකුත් පුවත් පළවිය.
එයින් කියවුණේ ශ්‍රී පාද රක්‍ෂිතයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා මූලික සැලසුම් සකස් වී ඇති බවය. හෙලිකොප්ටරයකින් ශ්‍රී පාද අඩවියට පැමිණි විදේශිකයන් පිරිසකගේ ද ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි
අයවැය කටේ තිබියදී පාර්ලිමේන්තුවට කෝටි 5103 ක පරිපූරක ඇස්‌තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. වාර්තා වන අන්දමට ඒ පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත්
කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස් නොකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන්ට වීර පදක්‌කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි.
රටේ විධායක ජනපතිවරයා ලෙස ඔහු ජාතික ආරක්‍ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු සැකයක් නැත. ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද ඔහු මතය.
ජාතික ආරක්‍ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්‌වේ. විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම් යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛ අභිලාෂය
ඉකුත් සිකුරාදා යාපනය කොකාවිල්හිදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ සුන්දිරාජා සුලක්‍ෂන් හා නඩරාජා ගජන් වෙනුවෙන් මේ හර්තාලය පැවැත් වූ බව රහසක් නොවේ. ටැමිල් නෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට සිංහල පොලිසියේ වෙඩි පහරින් මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතනයට එරෙහිව මෙම හර්තාලය සංවිධානය වී තිබිණි.
පසුගිය කාලය පුරාම උතුරු පළාතෙන් ලැබෙන්නේ සතුටුදායක පුවත් නම් නොවේ. ඒ ලැබෙන පුවත්වලින් ප්‍රකාශ වන්නේ කුමක්‌ද? ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන යම් සිද්ධි ජාලයක් උතුරේ සිදුවෙමින්
පොලිස් වෙඩි තැබීමකින් මියගිය තරුණයන් දෙදෙනකු ගැන මේ දිනවල බොහෝ සේ කතාබහට ලක් වේ. ඒ දකුණේ නොව උතුරේ ය. උතුරේ පමණක් නොව මෙවැනි වෙඩි තැබීම් කොහෙත් සිදුවේ.
දකුණේ පසුගිය දිනවල ඒ ගැන වැඩි වශයෙන් කතා කරන්නට සිදුවූ සිදුවීම් ගණනාවක් වාර්තා වූ බව කිව යුතුය. ඒ නිසාම මේ "කොහෙත්" සිදුවන වෙඩි තැබීම් ගැන පහරදීම් ගැන අපේ ප්‍රසාදයක් නැත. එවැනි
පසුගිය සතිය අවසන් වූයේ කල්පිටිය යුද පිටියක් බවට පරිවර්තනය කරමිනි. යුද්ධය ඇතිව තිබුණේ ධීවරයන් අතරය. වරදවා වටහාගත යුතු නැත. ඒ, ඉන්දියාවෙන් පැමිණ මේ රටේ මත්ස්‍ය සම්පත කොල්ල කා යන ධීවරයන් හා අපේ රටේ ධීවරයන් අතර නොවේ.
මෙරටෙහිම ධීවරයන් දෙපිරිසක් අතරය. පැය ගණනාවක් පුරා ඇදී ගිය යුද්ධයට අඩුව තිබුණේ ගිනි අවි සහ යුද ටැංකි පමණය. ප්‍රදේශයේ ආගමික නායකයන්ට පවා තත්ත්වය වළක්‌වා ගැනීමෙහි හැකියාවක්
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ඒකක තුන අතුරින් එකක් ඉක්‌මනින් අලුත්වැඩියා කර තිබේ. බොහෝ දෙනෙක්‌ගේ පුදුමයට එය හේතුවක් වන බවට සැකයක් නැති මුත් ඇත්ත කතාව ඒකය.
තවත් ඒකක දෙකක් අලුත්වැඩියා කරන්නට නියමිතය. ඒකක තුනෙන්ම මෙගාවොට් 900 ක විදුලි උත්පාදනයක් සිදු වේ. ඒ එක් ඒකකයකින්
ඖෂධ 47 ක මිල අඩු කරන ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තාවී තිබිණි. ඉක්‌මනින්ම කළ යුතු දෙයක් පමාවී හෝ ඉටුකිරීම ගැන අදාළ බලධාරීන්ට ස්‌තුතිය පිරිනැමිය යුතුය.
මේ ආණ්‌ඩුව පත්වූදා පටන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන ලද බොහෝ දේ ගඟට කැපූ ඉනි මට්‌ටමේ ඒවා බවට පත්වී තිබෙන බව කිව යුතුය. මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ
කාගේ කාගෙත් ඇස් ඇරෙන, කාටත් බොහෝ දේ සිතන්නට ඉඩ හරින සෘජු ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබ තිබිණි. ජනාධිපතිවරයාගේ මේ කතාවට නිමිත්ත වී තිබුණේ පසුගිය දිනවල හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද්ධය කළ නාවික හමුදාපති වරු උසාවි ගෙන ගිය ක්‍රමවේදයේ ඇති අවිධිමත්භාවය.
එය ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවී තිබිණි. කොළඹ පදනම් ආයතනයේ පැවැති රණවිරු වැඩසටහනකට එක්‌වෙමින් ජනාධිපතිවරයා කළ ඒ කතාව තුළ වත්මන් රජයේ බොහෝ ක්‍රියාකලාපයන් තුළ ඇති
නොවැදගත් කාරණා ගැන වැඩිපුර කතා කරනවිට කතා කළ යුතු වැදගත්ම කාරණා බොහෝමයක් අපට මගහැරේ. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් ද, සමාජයීය වශයෙන් ද, සංස්‌කෘතිකමය වශයෙන් ද සිදුවෙමින් පවතින්නේ එවැනි බරපතළ මගහැරීම්ය.
කරුමයකට මෙන් එවැනි මගහැරීම් සියල්ලටමද, වැඩිපුර අවධානය යොමු කරන නොවැදගත් කාරණාවලටද හේතුව වී තිබෙන්නේ දේශපාලනය වීමය. අප මේ කියන්නට යන කාරණය ද එබන්දකි.
මේ ආණ්‌ඩුව බලයට පත්වූයේ දූෂණයට වංචාවට වැට බඳින බව කියමිනි. සමහර තැන්වලට තාප්ප ද බැන්දේය. දැන් වැටවල්වල පැළ ඉනි ගැලවී ගිය ගාණය. තාප්පවල කෑලිත් නැත. හිත හදා ගන්නට ඇති එකම කාරණය රූපවාහිනී ප්‍රවෘත්තිවල හිටපු හොරු දකින්නට ලැබීමය.
වංචාව දූෂණය මැඬපවත්වන්නට, හොරු අල්ලන්නට ඇති ආයතන බොහෝමයකි. මේවා ගැන නිතර නිතර ප්‍රවෘත්ති අහන, දකින, බලන එකත් හිතට සතුටුය. ඇත්තටම අපට තිබෙන දුක වන්නේ මෙපමණ
වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය පවුල් 138,585 කට අයත් පුද්ගලයන් 519,527 ක් දක්‌වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. පෙනෙන්නට ඇති පරිදි තත්ත්වය දවසින් දවස දරුණු වන බව කිව යුතුය.
වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති දිස්‌ත්‍රික්‌ක ගණන 17 කි. අවුරුද්දේ මුල් මාස කිහිපයේදී ඇතිවූ ගංවතුර තර්ජනය, නාය යැම්, සාලාව ෙ€දවාචකයන් වැනි ආපදා තත්ත්වයන්ට හරි හැටි සහන
මේ දිනවල රටේ ප්‍රධානතම මාතෘකාව පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය. පහේ ශිෂ්‍යත්වය යනු දරුවන්ගේ සේම මවුපියන්ගේද "දස්‌කම්" උරගා බලන කඩඉමක් බවට පත්ව තිබේ.
මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්ගේ නොමඳ සතුටට හේතුවන කාරණයක් බවට සැක නැත. ඒ හේතු දෙකක් නිසාය. පළමුවැන්න මෙවර ප්‍රතිඵල වයඹ පළාතට, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට, කුලියාපිටිය ආසනයට අතිශය වැදගත් නිසාය.
පහේ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දෙවැනි ස්‌ථාන දෙකක්‌ද, තෙවැනි ස්‌ථාන නවයක්‌ද සටහන්ව තිබේ. ඉන් දෙවැනි සහ තෙවැනි ස්‌ථාන දෙකක් හිමිව ඇත්තේ කුලියාපිටිය අස්‌සැද්දුම සුභාරතී කනිටු විදුහලටය.
තවත් තෙවැනි ස්‌ථාන තුනක් පිළිවෙළින් කුරුණෑගල ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයටත්, ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයටත්, වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයටත් හිමිව තිබේ. ඒ තමන්
නව වැට් බදු පනතට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ඊයේ වාර්තා කර තිබිණි. ඒ අනුව සියයට පහළොවක් වූ වැට් බද්ද 2017 අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වැට් බදු බෝම්බය වරින් වර පත්තු වී රටේ වැඩි දෙනකුට තුවාල සිදුකළ බෝම්බයකි. හතුරෙකුට වුව පිටිපස්‌සෙන් ගොස් පිහියෙන්
"ඇඩ්‍රස් නැත" යනුවෙන් කියන්නේ කිසියම් ආයතනයක - නිවසක ලිපිනයක් නැති විටය. එහෙත් මේ දිනවල "ඇඩ්‍රස් නැහැ" යන වචනය වැඩි වශයෙන් භාවිත වන්නේ සොයාගන්නට බැරි ඕනෑම දෙයක් හැඳින්වීමටය.
කලින් කලට භාෂාවට මෙවැනි අමුතු යෙදුම් එකතුවීම සාමාන්‍යය. අපටත් "ඇඩ්‍රස් නැත" යන වචනය යොදන්නට හැකි මාතෘකාවක් මේ
හැමදාමත් උත්තර සොයන එහෙත් විසඳුම බොහෝ දුර ඇති ප්‍රශ්න දෙකක් තිබේ. ඒ දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ ප්‍රශ්නය. ඒවා දුරලීම කෙසේ වුව "අවම" කිරීම වුව එතරම්ම අසීරු
වර්තමානයේ ගමනක්, බිමනක් යැම සඳහා මහමඟට බැසීම අවසන් කැමැති පත්‍රය ලියා තබා කළයුතු දෙයක් බවට පත්වෙමින් තිබේ.
මාසයක් ගතවන විට, රිය අනතුරක් සිදු නොවූ දිනයක් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව කිවයුතුය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස්‌පතිගේ වෙස් ගෙන ෆේස්‌බුකියේ ලව් කළ අමුතු ඉලන්දාරියකු අල්ලාගත් නමුත් අද අපට කියන්න තිබෙන්නේ කාට කාට හෝ පොලිස්‌පතිගේ වෙස් ගෙන පොලිසිය නටන ගරා නැටුම් නැවැත්වීමේ හැකියාවක් තිබේ නම් එය අගනා බවය.
අලුත් පොලිස්‌පතිවරයා පත්වන විට අප බොහෝ දේ කීවෙමු. වැසිකිළි වළක ලැග, පොලිස් ලාංඡනයේද අශූචි තවරන සමහර පොලිස්‌කාරයන් ගෙන් පොලිසිය බේරාගෙන පොලිසිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම අලුත් පොලිස්‌පතිවරයා ඉටුකරනු ඇතැයි අපි එකහෙළා විශ්වාස කළෙමු. ඒ
පසුගිය දිනවල අඹන්පොල ප්‍රදේශයේ මවක හා දියණියක අපූරු අත්දැකීමකට මුහුණ දුන්හ. මේ දෙදෙනා ගමන් කරමින් සිටි මාර්ගයේ හිටිහැටියේ "තනි අලියකු" මතුව තිබේ.
"තනි අලියා" යන්න, අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල ජනතාවට බිය ගෙන දෙන වචනයක් බවට පත්ව තිබේ. දෙදෙනා අසලට පැමිණි තනි
වී ගොවියාට ඇති ප්‍රශ්නය සරලව ගත හැකි එකක් නොවන බව තවමත් අදාළ බලධාරීන් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. පසුගිය දිනවල මහියංගන ප්‍රදේශයේ වී හා බඩඉරිඟු අස්‌වනු තොග මිලට ගන්නා කාලයේදී කූට ලෙස තරාදි වෙනස් කර ගොවීන් රවටා අස්‌වනු මිලදී ගැනීමේ ජාවාරමක් ගැනද වාර්තා වී තිබිණි.
වී ගොවියා බොහෝ රැවටීම්වලට ලක්‌වන බවට ඒ එක් උදාහරණයක් පමණි. තවමත් වී ගොවියාට තම අස්‌වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන තත්ත්වයක් තිබේ. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද නිසි ලෙස සිදු නොවන බවට ගොවීහු මැසිවිලි නඟති. යල
එකම කාරණය නිතර නිතර ලිවීම අපටත් ආණ්‌ඩුවටත් දෙකටම කරදරයකි. එහෙත් නොලියා සිටීම ඊටත් වඩා කරදරයකි. දිගින් දිගටම ලීවා යෑයි ප්‍රතිඵලයක් නැති කාරණා බොහෝය.
ඖෂධ හිඟය, ඖෂධ මිල අඩු කිරීම, බාල ඖෂධ ගෙන්වීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඊට හේතුව මේ ප්‍රශ්න විදෙස්‌ගතව ප්‍රතිකාර ගන්නා අයගේ ප්‍රශ්න නොව රටේ ජනතාවගේ ප්‍රශ්න වීමය.
සමස්‌ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඖෂධ මිල අඩු නොකළොත් ඇමැතිවරයාට නඩු පවරන බවය. ඖෂධ මිල පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති නිසා ඖෂධ
සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට හූ කීවා යෑයි කියන නසරාණියන් පිරිසක් අත්අඩංගුවට ගන්නට "වත්තල පොලිසිය" සමත් වී තිබේ යෑයි කියන ප්‍රවෘත්තියක් ඊයේ පෙරේදා පුවත්පත්වල පළ වී තිබිණි.
එක්‌කෝ මෙය වැරදීමකි. එහෙමත් නැතිනම් පසුගිය ආණ්‌ඩුවෙන් ණයට ගත් "ආශ්චර්යකි". මේ "වත්තල පොලිසියටම" පසුගිය කාලයේ වත්තල, මාබෝල මංතීරුව ගලවා දමා (ඩෝසර් කර) රජයේ දේපළවලට අලාභ
කොළඹ - මහනුවර අධිවේගයට
අත්පත් කර ගන්නා දේපළවලට සාධාරණ වන්දි දෙන්න.
කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අත්පත් කර ගන්නා නිවාස, ඉඩම් හා කුඹුරු සඳහා තුට්‌ටු දෙකේ වන්දි ගෙවීම නවතා සාධාරණ වන්දියක් ලබාදෙන ලෙස බල කරමින් අධිවේගී මාර්ගය නිසා
ඊයේ මුල් පුවතකට පාදක වී තිබුණේ ජනාධිපති වෙබ් අඩවිය අවුල් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ පුවතයි. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 17 ක පාසල් සිසුවෙකි. පදිංචිය කඩුගන්නාවේය.
මේ තරම් ලාබාල වියෙහි පසුවන සිසුවෙකු මේ ආකාරයේ "පරිගණක අපරාධයකට" යොමුවී යෑයි කීමම බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතුවී තිබෙන බව පෙනේ. එහෙත් වෙබ් අඩවිවලට පිවිස දත්ත, රහස්
මහ පාරේ ගමන් කරන කාගේත් අවධානයට ලක් විය යුතු ප්‍රවෘත්ති දෙකක් ඊයේ (24 දා) සියලුම පුවත්පත්වල පළ වී තිබිණි. පළමු ප්‍රවෘත්තිය වන්නේ අධික ලෙස බීමත්ව, මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියෑදුරෙකු අත්අඩංගුවට ගැනීම ය.
එම බස් රථය කොට්‌ටාව - පිටකොටුව ධාවනය වන්නකි. දෙවැන්න මඟීන් සමඟ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක රියෑදුරු ද හොඳ හැටි බීමත්ව සිටි ප්‍රවෘත්තියයි. බීමත්ව සිටියා මදිවාට මේ අමන
යල කන්නයේ වී අස්‌වැන්න මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබේ. එහි අතුරු කතාව වන්නේ හැමදාකම මෙන් මෙවරද තම අස්‌වැන්නට නිසි මිලක් ලබාගත නොහැකි වීමේ අර්බුදයට වී ගොවියාට මුහුණ දෙන්නට සිදුවන බවය.
අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 65 ක් නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තිහක් හා මහ කන්නයට
සෑම වසරකම ශිෂ්‍යත්ව හපනුන් රැසක් රටට බිහිවන මුත් ශිෂ්‍යත්ව "ජංජාල" වලින් නම් අඩුවක් වූයේ නැත. ඊයේ (22 දා) පුවත්පත් ප්‍රධාන සිරස්‌තලය වූයේද එවැනි "ශිෂ්‍යත්ව ජංජාලය"ක් ගැනය.
එක ජංජාලයක් නොව බොහෝ ජංජාලය. මහියංගනය විල්ගමුව විභාග මධ්‍යස්‌ථානයේ දරුවන්ට ආරම්භක සංඥව නොදී බොහෝ වේලාවකට
පසුගිය දිනෙක මාතරදී පැවැති උත්සවයකදී පොලිස්‌පතිවරයා වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එය සංක්‍ෂිප්තව මෙසේය.
"අද වන විට පොලිසිය පෙරට වඩා රාජකාරිය අකුරටම ඉටු කරන්නේය. එමෙන්ම පොලිසිය සාර්ථක වීමට නම් මහජන සහාය අත්‍යවශ්‍ය කරුණක්‌ය." එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණි.
"පොලිස් නිලධාරීන් ඔබගේ පවුලේ අය, ඥතීන්, හිතවතුන්, සහෝදර, සහෝදරියන්, දූ දරුවන් ලෙස සලකා අවශ්‍ය කරන සහයෝගය
කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරුණේ ජුනි 05 වැනි ඉරිදා ය. මේ වන විට එම සිදුවීමට දෙමසකට වැඩි කාලයක් ගත වී තිබේ.
කොස්‌ගම සාලාවේ සිදුවීමෙන් එතරම් කාලයක් ගතවීත් ආපදාවට ලක්‌වූ ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය ජීවිතයට එළැඹීමට අවශ්‍ය වටපිටාව සකස් වී
උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. ඒ. පුෂ්පකුමාර මහතා දුම්රියෙන් අනුරාධපුරය බලා යමින් සිටියදී දුම්රිය මග දෙපස සිටින මොළේ කොලොප්පන් වූ එකෙකු විසින් ගසනු ලැබූ ගල් පහරක් වැදී ජීවිතක්‍ෂයට පත්වූ පුවත වාර්තා වුණේ පසුගිය සතියේය.
කෙසේ හෝ එම සතිය අවසාන වන විට තවත් එවැනි සිදුවීම් දෙකක්‌ම වාර්තා විය. වාසනාවට කිසිවෙකුටත් හානි සිදුවී තිබුණේ නැත. මේ
දූෂිත රාජ්‍ය ආයතන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හිමිවන්නේ මුල් තැනකි. එහි මුල් පුටුව හොබවන්නන්ටද බොහෝ විට හිමිවන්නේ නරක නාමයකි. වර්තමානයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය දරන්නාටද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇතැයි ඊයේ අනාවරණය කර තිබිණි.
දෙපාර්තමේන්තුවේ සෑම අංශයකින්ම සතිපතා මුදල් එකතු කරමින් ජනරාල්වරයා මසකට ලක්ෂ 50ක් පමණ පෞද්ගලිකව උපයාගන්නා බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව පොදු දේපොළ පනත ප්‍රකාරව හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව යම් වරදක් කර ඇද්ද යන්න පිළිබඳව