Ads 468x60px

.

පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිල


ඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්‍රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්‍රශ්නයේ දී සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකය. සරු පසක් හා කෘෂිකර්මයට යෝග්‍ය කාලගුණයක් පැවතුණත් ශ්‍රී ලංකාව තවමත් ආහාර අතින් ස්වයංපෝෂිත නැත.

1948 නිදහස ලැබුවාට පසු වගා සටන් - වගා සංග්‍රාම, ගොවි රජවරුන් තේරීම, නිෂ්පාදන වර්ෂ ආදී නොයෙක් තේමා යටතේ කෘෂිකර්මාන්තය දියුණු කොට රටට ප්‍රමාණවත් ආහාර සම්පාදනය කර ගන්නට වසර 74ක් තිස්සේම තැත් කළ නමුත් ඒ සියලු‍ ප්‍රයත්න නිෂ්ඵල වූ බව පැහැදිලි යථාර්ථයයි.

රටේ ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනුණේ ජාතික අවශ්‍යතා සලකා බැලීමෙන් තොරව ඒ ඒ ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතා පමණක් සලකා බැලීමෙනි. බොහෝ අවස්ථාවල රටේ දුගී දුප්පත් පාරිභෝගිකයා තැලෙන්නේත් පීඩාවට පත්වන්නේත් රටේ විධිමත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති කමිනි. අප මෙම පූර්විකාව සටහන් කළේ පසුගිය දා මාධ්‍ය වාර්තා කළ එක්තරා පුවතක් හේතුවෙනි. එම පුවතට පදනම් වූයේ පාන් පිටි මිලය. පිටි මිල අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැක යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙය අපූරු කතාවකි. ඊට ද

කොරෝනා ආසාදනය වූ මිනුවන්ගොඩ ඇගලූම් සේවිකාවන් ගණන 80 දක්වා ඉහළට

 
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 80 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. 

අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි ඇගලූම් සේවිකාවන් දෙදෙනෙකු ද වනවා. මොනරාගල හා යාපනය ප‍්‍රදේශවල පදිංචි ඇගලූම්

කොරෝනා ආසාධිත පාසල් සිසුවියක් දිවුලපිටියේ - ඇය ඇසුරු කළ පාසල් සිසු සිසුවියන් හඳුනා ගැනේ.

 

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසලේ සිසුන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. 

මේ අතර දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූ‍ම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුද්ගලයින් පිරිසකගේ නාමලේඛනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින්

ඔබත් නම ගහ ගැනීමේ දුබල මානසිකත්වයෙන් පෙළෙන්නෙක්ද?


මේ සිදුවීම සිදු වූයේ 2012-12-16 දින උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහිදීය. ජයශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා දිනපතා සිදු කරන ආලෝක පූජාව සඳහා මුදල් භාරගන්නා කුටියක් එම පරිශ්‍රයේ පහල මළුවේ පිහිටුවා ඇත. 

එකවරම උස් හඬින් "නම් ලියන්නේ සල්ලි දුන්නු අයගේ පිළිවෙලට, කලින් අනිත් අය දීලා තියෙන නිසා මහත්තයාගේ නම ලියන්නේ 3 වෙනියට, ඒකට අපිට

කරුණාගේ නව පක්‍ෂය....


පසුගිය 10 වැනිදා මඩකලපු නගරයේදී උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' මැයෙන් මහජන රැලියක්‌ පැවැත්විණි. මෙහිදී උතුරු මහ ඇමැතිවරයා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට චෝදනා

රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 යි (ඒකෙත් හැටි...)


පසුගිය වසර තුනක කාලයේදී රාජ්‍ය ආයතන 15 ක පාඩුව කෝටි 11000 ක්‌ යෑයි ඊයේ වාර්තා කර තිබිණි. කිසිවෙකුත් මොළේ කොලොප්පං කරගත යුතු නැත. මේ කතාව කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවය. කවුරුත් දන්නා පරිදි ''කෝප්'' කමිටුවය. මේ කමිටුව බොහෝ

විග්නේශ්වරන් සුමන්තිරන් දබරය...


දෙමළ සන්ධාන මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ඝාතනය ගැන මාධ්‍ය අවධානය අඩුව නොමැත. ජනවාරි 13 වැනිදා කිලිනොච්චියේදී ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ලකොට මෙම මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට උත්සාහ කළ හිටපු කොටි සාමාජිකයන් පස්‌දෙනෙක්‌ දැන්

වැසිකිළියටත් වැට්‌ බදු....!


පසුගිය ඔක්‌තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන අවධානය පිණිසයි' මැයෙන් පිටුවක්‌ පුරා විශේෂ දැන්වීමක්‌ පළකර තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්‌ද? 

ජනතාවට සතුටුදායක දෙයක්‌ නම් නොවේ. 2016 ඔක්‌තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට්‌ සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන 2016 නොවැම්බර් 01 වැනිදා සිට

වස්‌ දොස්‌ හැර නිදොස්‌ කරගත යුතු පස්‌ කතාව


රාජ්‍ය නිලධාරීන්ගේ "කොන්ද" නොව "හොම්බ" පිළිබඳ අර්බුදය මේ වන විට බොහෝ දුරදිග ගොස්‌ තිබේ. රන්ජන් රාමනායක හිටි හැටියේ මර්වින් සිල්වාට රූපාන්තරණය වූ ආකාරය ගැන සමාජයේ විවිධ කතාබහ මතුවිය. 

රන්ජන්ට පළමු ගල ගසන්නට එකතු වූ පිරිසට ප්‍රශ්නයේ දිග පළල වෙනත් ආකාරයකින් බැලිය යුතු බව හරිහැටි අවබෝධ වූයේ නැත. ඇත්ත.... රන්ජන් දේශපාලනඥයකු හැටියට රටේ ජනතාව තමන්ට

ඔබට ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. හිමිද?


සේවකයෙක්‌ ලෙසට ඔබට සේවක අර්ථසාධක අරමුදල් හිමිකම නොලැබේ නම් ඔබ කළ යුත්තේ වහාම ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස්‌ ඒ පිළිබඳ ලිත පැමිණිල්ලක්‌ කිරීමයි. ඔබේ අනන්‍යතාව හෙළි කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සේවා යෝජකයා පිළිබඳ තොරතුරු, සේවකයන් ගණන, වැටුප් විස්‌තර ආදිය ඉදිරිපත් කළ යුතුය. ඒ මගින්

මේ විකාර අදහස දැමූ අය මුහුදට පැනිය යුතු බව...


මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක්‌ නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්‌ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෙµaස්‌ පිට්‌ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක්‌ පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක්‌ පසසනු පිණිසය. 

අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන් ගෝල්ෙµaස්‌ පිට්‌ටනිය මැද සදමින් සිටියදී, සෑදීම අත්හිටුවන ලද වරායේ නත්aතල් ගහ ගැනය. මෙය ලොව උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට සැළසුම් කරන ලදී. ඒ

යාපනයේ පුස්‌තකාලය ගිනි තැබීමේ කතාව ඉතිහාස පිටුවෙන් ඉරා දැමිය යුතු බව හා ඒ වෙනුවෙන් ජාතිය විශාල වන්දියක්‌ ගෙවා ඇති බව


එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පැවැති කාලයේ යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශකර තිබිණි. 

යාපනය පුස්‌තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක්‌ බව රහසක්‌ නොවේ. කිහිපදෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක්‌ අත්විය. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන සමස්‌ත ජාතියම

මේ අයෝමය කාන්තාවගේ කාර්යය ඉදිරියට ගෙන යා හැකිද.?


රංගන දිවිය අතහැර දේශපාලන ලෝකයට පිවිස සමස්‌ත ඉන්දියාවේම බලවත්ම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස කිරුළ දිනා සිටි ජයලලිතා ජෙයරාම් සිය දිවි සැරිය නිමකර ඇත. 

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට චෙන්නායිහි ඇපලෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තමිල්නාඩු මහ ඇමැතිනිය නොහොත් අම්මා සඳුදා රාත්‍රි 11.30 ට සිය අවසන් සුසුම් පොද වාතලයට මුදා හැරියාය. 

මහඇමැතිනියගේ තත්ත්වය අසාධ්‍ය බව දැනගත් ඇගේ ආධාරකරුවෝ ඇපලෝ රෝහල ඉදිරිපිට පමණක්‌ නොව චෙන්නායි නුවර වීදි දිගේ මහ

ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි.


ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. 

ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ

ඩෙංගු දඩයත් රුපියල් 25000 යි....


ඩෙංගු රෝග මර්දනය වෙනුවෙන්ද රුපියල් 25,000 ක "දඩයක්‌" නියම කරන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා පවසා තිබිණි. 

සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ගේ විෂයය ක්‍ෂේත්‍රයට අදාළ නොවන ප්‍රශ්නයක්‌ වුව, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරද හතක්‌ සඳහා දඩය රුපියල් 25,000 බැගින් නියම කිරීම වෙනුවෙන්ද මාරාන්තික ලෙස

දඩ ප්‍රශ්නය පසුගිය සතියෙන් ඉවරද...?


මනරංජන වැඩවර්ජන රැල්ලකින් පසුගිය සතිය අවසන් විය. පෞද්ගලික බස්‌ වැඩ වර්ජකයන් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, "මේ ගැන සොයා බලන්නට මම විෂය භාර ඇමැතිවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස්‌ දෙනවා... එතැනින් හරි විසඳුමක්‌ නොලැබුණොත් මම ඒ සඳහා කමිටුවක්‌ පත් කරනවා. එතැනිනුත් හරි විසඳුමක්‌ නොලැබුණොත් මේ ප්‍රශ්නයට මම මැදිහත් වෙනවා...." යනුවෙනි.

කෙසේ හෝ "අන්තිම විසඳුම" මුලට ගනිමින් පෞද්ගලික බස්‌ වර්ජනය අවසන් කෙරිණි. කෙසේද යත්, "පරණ පුරුදු" ආකාරයටය. මේ රටේ

ආණ්‌ඩුවට ජනතාව ඉදිරියේ දණ ගැසීමට සිදුවන බව..


2016 දෙසැම්බර් 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය දෙකෝටි අසූපන් ලක්‌ෂ නවසිය විසිපහකි. මෙම ජනගහණයට සාපේක්‌ෂව 2015 වසරේ පමණක්‌ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති රථ වාහන ගණන හැටහය ලක්‌ෂ අටදහස්‌ නවසිය හතකි. 

මෙම වාහන ප්‍රමාණයෙන් සියයට 10 ක්‌ පමණ දිනපතා කොළඹ නගරයට පැමිණෙන අතර මේ සියලු වාහන තවමත් පැමිණෙන්නේ

නිරපරාදේ ජීවිත විනාශ වීමට ඉඩදිය යුතු නැති බව


ජාතික මාර්ග ආරක්‍ෂණ සතිය ඊයේ ආරම්භ වූ අතර, එය ලබන 07 වැනිදායින් අවසන් වේ. පදිකයන්ගේ, මඟී ජනතාවගේ සහ රියෑදුරන්ගේ ආරක්‍ෂාව තහවුරු කර රිය අනතුරු වළක්‌වාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත. 

ඇත්තෙන්ම වසරින් වසර ලංකාවේ මහාමාර්ගවලට අලුතෙන් වාහන එක්‌වීම වැඩිවන්නාසේ ම රිය අනතුරු ද වේගයෙන් ඉහළ යන බව

දඩ ගැසීමෙන් පමණක්‌ විනය රැකීමට යැම නිරර්ථක කාරණයක්‌ වන බව...


ගෙවෙමින් තිබෙන්නේ 2016 වර්ෂයයි. මේ අවුරුද්දේ ද රිය අනතුරුවල සැලකිය යුතු වර්ධනයක්‌ දක්‌නට ලැබිණි. අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී පසුගිය 2015 වර්ෂය වැඩිම රිය අනතුරු ප්‍රමාණයක්‌ වාර්තා වූ වර්ෂය ලෙස සැලකේ. 

එම වර්ෂයේ සමස්‌ත රිය අනතුරු සංඛ්‍යාව 36,894 කි. මියගිය සංඛ්‍යාව 2771 කි. එම වර්ෂයේ සිදුව ඇති "මාරක රිය අනතුරු" සංඛ්‍යාව 2566 කි. යතුරුපැදි අනතුරු සංඛ්‍යාව 9329 ක්‌ වන අතර යතුරුපැදිකරුවන් 754

මේ දුගඳින් ජනතාව බේරාගනු මැනවි.!


කොළඹ අලංකාර කළ බේරේ වැව අද ගඳ ගසන නරා වළක්‌ බවට පත්ව තිබීම සැබවින් කනගාටුදායකය. කොළඹ ගංගාරාම විහාරස්‌ථානය ආසන්නයේ ඇති බේරේ වැවේ දැඩි දුර්ගන්ධයක්‌ හමන බව ඊයේ පුවත් පළවී තිබිණි. එසේම බේරේ වැවේ විශාල ප්‍රදේශයක තෙල් තට්‌ටුවක්‌ද බැඳී ඇති බව වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

මීට වසර දෙකකට පමණ පෙර නම් බේරේ වැවේ සුන්දරත්වය මනාව දක්‌නට ලැබිණි. ඒ කාලයේ මෙය ගඳ ගසන නරා වළක්‌ තත්වයෙන්

ඊළඟ අවුරුද්ද ලබන්නට පෙරය....


පසුගිය වසරට වඩා මේ වසර තුළදී (2016) ඒඩ්ස්‌ රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව වැඩි වී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ. 

එම තොරතුරුවලට අනුව මේ වන විට මේ රටේ ඒඩ්ස්‌ මරණ 405 ක්‌ සිදුව ඇති අතර එයින් සියයට 50 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්‌ වාර්තා වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. වසර අවසන් වන විට මේ අසන්නට

අය වැය සෙස්‌ස පස්‌සට...


යහපාලන රජයේ දෙවැනි අය වැය ද පසුගිය සතියේ ඉදිරිපත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් නොවන්නට අය වැය කතාව මේ රටේ මීටත් වඩා බරපතළ ලෙස කතාබහ කරන්නට ඉඩ තිබුණු බව අපේ හැඟීමය. 

අනෙක්‌ කාරණය මෙවර අය - වැයට වඩා ජනතාව වැඩිපුරම බලා හිඳින්නේ ඉදිරි වර්ෂය, එනම් 2017 පුරාම ඉදිරිපත් කරන අය වැය

ධීවර විරෝධයේ සැඟවුණු අරුත...


මන්නාරමේ ධීවර විරෝධතාවක්‌ පිළිබඳව පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඒ ධීවර උද්ඝෝෂණය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ ද ඉහළ ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. මේ ධීවරයන් උද්ඝෝෂණය කළේ කුමකටද? 

මන්නාරමේ මුසලිනි සිංහල ධීවරයන් පදිංචි කිරීමේ උත්සවයකට එරෙහිවය. ඇත්තෙන්ම එම ප්‍රදේශයේ කවරකු පදිංචි කිරීමට යන්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ නැත. නමුත් ඉඩම් මැනීමක්‌

වකුගඩු ජාවාරම්කරුවන්ගේ පලා යැම හා අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීම..


වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් හත්දෙනෙක්‌ මිරිහාන රැඳවුම් කඳවුරෙන් පලායැම ගැන පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුව තිබිණි. 

ලංකාවේත් ඉන්දියාවේත් විශේෂ අවධානයට යොමු වී තිබුණු මේ වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් මිරිහානේ කඳවුරින් පැන ගියේ