Ads 468x60px

.

කොරෝනා ආසාදනය වූ මිනුවන්ගොඩ ඇගලූම් සේවිකාවන් ගණන 80 දක්වා ඉහළට

 
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 80 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. 

අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි ඇගලූම් සේවිකාවන් දෙදෙනෙකු ද වනවා. මොනරාගල හා යාපනය ප‍්‍රදේශවල පදිංචි ඇගලූම්

සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් පුද්ගලයින් 69 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දහවල් තහවුරු වුණා. මෙම ආසාදිත පොකුරේ බොහෝදෙනෙකු ඉකුත් සති අන්තයේ දීර්ඝ නිවාඩුවේදී සිය නිවෙස් බලා ගොස් සිටි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප‍්‍රකාශ කළේ

බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූ ආකාරය තවදුරටත් විමර්ශනය කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අදාළ ඇගළුම් කර්මාන්තශාලාවට ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවුවද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු සාක්ෂි නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇගළුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්, ඔවුන්ගේ ආශ‍්‍රිතයින් සහ එම කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ දරුවන් ඇතුළු 2000 කගේ පමණ ඡුක්‍ඍ පරීක්ෂණ අද දිනය තුළ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. දිවුලපිටිය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් 1,300 ක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. 

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය, ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින්ට ප‍්‍රතිකාර සේවා සැපයීම සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. 

කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගන්නා බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. යම් අයෙකු ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම ලගම ඇති රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කළේ. එලෙස රෝහල වෙත යාමේදී අනුගමනය කළ යුතු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙලෙස කරුණු පැහැදිළි කළා. 

මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

හෙට දිනයේදී ඇඳීරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි රජය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමුකරන විශේෂ නිවේදන විද්‍යුත් හා සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බව දන්වා සිටී.

 
Related Posts with Thumbnails