Ads 468x60px

.

පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිල


ඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්‍රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්‍රශ්නයේ දී සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකය. සරු පසක් හා කෘෂිකර්මයට යෝග්‍ය කාලගුණයක් පැවතුණත් ශ්‍රී ලංකාව තවමත් ආහාර අතින් ස්වයංපෝෂිත නැත.

1948 නිදහස ලැබුවාට පසු වගා සටන් - වගා සංග්‍රාම, ගොවි රජවරුන් තේරීම, නිෂ්පාදන වර්ෂ ආදී නොයෙක් තේමා යටතේ කෘෂිකර්මාන්තය දියුණු කොට රටට ප්‍රමාණවත් ආහාර සම්පාදනය කර ගන්නට වසර 74ක් තිස්සේම තැත් කළ නමුත් ඒ සියලු‍ ප්‍රයත්න නිෂ්ඵල වූ බව පැහැදිලි යථාර්ථයයි.

රටේ ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනුණේ ජාතික අවශ්‍යතා සලකා බැලීමෙන් තොරව ඒ ඒ ආණ්ඩුවල දේශපාලන අවශ්‍යතා පමණක් සලකා බැලීමෙනි. බොහෝ අවස්ථාවල රටේ දුගී දුප්පත් පාරිභෝගිකයා තැලෙන්නේත් පීඩාවට පත්වන්නේත් රටේ විධිමත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති කමිනි. අප මෙම පූර්විකාව සටහන් කළේ පසුගිය දා මාධ්‍ය වාර්තා කළ එක්තරා පුවතක් හේතුවෙනි. එම පුවතට පදනම් වූයේ පාන් පිටි මිලය. පිටි මිල අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැක යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙය අපූරු කතාවකි. ඊට ද