Ads 468x60px

.

මිස්කෝල් එකෙන් අනියම් පෙම්සුව වින්ද හැටි වීඩියෝ කරපු එකා මිල්ල ගහක එල්ලිලා මැරිලා...


වනචාරීන් බඳු වූ තරුණයන් පිරිසක්‌ තිදරු මවක බලහත් කාරයෙන් රැගෙන ගොස්‌ සිය පහත්පෙළේ කාමුක ආශාවන් සන්තර්ප‍නය කර ගැනීමෙන් නොනැවතුණු මේ නරුමයන් තිදරු මවට අතවර කරන ආකාරය සිය ජංගම දුරකථන මගින් වීඩියෝ කර තිබූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඒ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නරුමයන් රැළ මොරවක නම් ගම්මානයේ කැලයකදී මෙම මහා අපරාධය සිදු කර ඇති අතර ඒ අපරාධයට එක්‌වූ වනචාරීන්ට නායකත්වය දී ඇත්තේ උසස්‌ පෙළ පංතියක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් බවයි. අනෙක්‌ පස්‌ දෙනාද ලාබාල තරුණයන්ය.

මේ අවලස්‌සන කතාන්තරයේ කතා නායිකාව 39 හැවිරිදි වන අතර දරුවන් තිදෙනකුගේ මවක වූවාය. ඇගේ සැමියා ඇයහැර ගියේ මීට වසර ගණනකට උඩදීය. ඒ දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල් නිසාය.

සැමියා වෙන්ව ගියපසු ඇය සිය දරුවන් තිදෙනා ලොකු මහත් කිරීමේ භාරදූර කාර්යයට අතගැසුවාය. 


දරු තිදෙනාට කිසිම අඩුපාඩුවක්‌ නොකිරීමට ඇය හැමවිටම උත්සාහ කලාය. දරුවන් පාසලේ බෝඩිමේ නතර කළ ඇය කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියේ ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමේ අරමුණෙන්ය.

සතියක්‌ තිස්‌සේ වෙහෙස වී රැකියාව කරන
ඇය දරුවන් බලන්නට අකුරැස්‌සට යන්නේ සති අන්තයේදීය. කොග්ගල සිට අකුරැස්‌ස බලා බස්‌ රථයෙන් යැමට ඇය පුරුදුව සිටියාය.

මනබඳිනා රූපකායකට හිමිකම් නොකීවත්
ඇය ප්‍රියමනාප කාන්තාවක වූවාය. දකිනා ඕනෑම කෙනකු සමඟ සුහදශීලීව සිනාසීමට ඇය දෙවරක්‌ සිතා බැලුවේ නැත. මහේෂ් නමැති ලාබාල තරුණයා ඇයව මුණ ගැසෙන්නේ අකුරැස්‌ස බස්‌ රථයේදීය. ඒ මීට මාස තුන හතරකට උඩදීය.

මහේෂ් අපොස උසස්‌ පෙළ පංතියක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. වයසට වඩා පෙනුමක්‌ ඇති මහේෂ් තවමත් පාසල් යන වයසේ ශිෂ්‍යයකු ලෙස පෙනුණේ නැත.

අක්‌කා කොහාටද යන්නේ... මහේෂ් බොහොම ලෙන්ගතුව
ඇයගෙන් විමසුවේ කාලයක සිට දන්නා හඳුනන බවක්‌ පෙන්වමින්ය. අකුරැස්‌සේ යනවා. ඔයා කොහෙද යන්නේ........ ඇය ලාබාල යෞවනයා ඉදිරියේ තොෙදොල් වූවාය.

කොග්ගල සිට අකුරැස්‌ස බලා යන අතරතුර මහේෂ්
ඇය සමඟ බොහොම කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. අපි ආයෙත් හම්බවෙමු. මට අක්‌කගෙ පෝ‍fන් නම්බර් එක දෙන්න. මම කෝල් කරන්නම්......... මහේෂ් ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගන්නේ බෙහෝ දුරගමනක්‌ යන සිතුවිල්ලෙන්ය.

අහම්බෙන් හමුවූ ලාබාල තරුණයා සමඟ
ඇය කුළුපග වූයේ තවත් තමන් තිදරු මවක්‌ බව මොහොතකට අමතක කර දමමින්ය.

මහේෂ් නිතර නිතරම
ඇයට දුරකථන ඇමතුම් දුන්නේය. ඇයද ඒ ඇමතුම් හැම එකකටම පිළිතුරු දුන්නේ බොහොම ප්‍රේමාන්විත ලෙසය. "අක්‌කා හරිම ලස්‌සනයි. මම ඇත්තටම අක්‌කාට ආදරෙයි. අපි ළඟදීම හම්බවෙලා ටිකක්‌ කතා කරමු. මහේෂ් ඇයගේ ආදරය පතන්නට වූවේය.

මහේෂ් ඔයා මට වඩා ගොඩක්‌ වයසින් බාලයි. අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි යාළුවෝ වගේ ආශ්‍රය කරමු. උණු නිසා බොන්නත් බැරි කිරි නිසා ඉවත දමන්නත් බැරි තත්වයක
ඇය පත්වූවාය.

"අක්‌කේ අපි කොහෙ හරි ගිහින් ටිකක්‌ කතා කර කර ඉමු. මොරවක ඇතිමලේ පැත්තෙ තියෙනවා ලස්‌සන දියඇල්ලක්‌. එතැන හරිම නිස්‌කලන්කයි. අපිට ගොඩක්‌වෙලා කතා කර කර ඉන්න පුළුවන්.

මහේෂ්ගේ යෝජනාව ඉවත දැමීමට
ඇයට හැකියාවක්‌ තිබුණේ නැහැ. ඇගේ යටි සිත ද මහේෂ්ගේ තාරුණ්‍යට කැමැත්ත දී හමාරය. අවුරුදු ගාණකින් පිරිමියකුගේ ඇසුරක්‌ නොලබා සිටි ඇය ලාබාල යෞවනයාගේ ඇසුරට බෙහෙවින් ප්‍රිය කළාය.

"හරි අපි හම්බවෙමු.. මම එදාට නොවරදවාම මොරවක ටවුන් එකට එනවා."
ඇය මහේෂ්ගේ ඉල්ලීමට කැමැත්ත ප්‍රකාශ කළාය. නියමිත දින මහේෂ් මොරවක නගරයට ආවේ දහවල් 12.00 ට පමණය. 

ඇයද තම නොගැලපෙන ප්‍රේමවන්තයා සොයා මොරවක නගරයට ආවේ ප්‍රේමාන්විත හැඟීම් හිතේ හිර කරගෙනය. "එදා දැක්‌කට වඩා අක්‌කා අද ලස්‌සන වෙලා....." මහේෂ් ඇය දෙස ගිජු බැල්මක්‌ හෙලමින් කීවේය.

"අනේ යන්න මහේෂ් මල්ලි මාව මුරුංගා අත්තේ තියන්නේ නැතිව හැම පිරිමියම එකයි........
ඇය කීවේ තම අතීත අත්දැකීම් තුළින්ය. ත්‍රිරෝද රථයක නැඟුනු මහේෂ් ඇයද කැටිව මොරවක ඇතිමලේ ඇල්ල ප්‍රදේශටය ඉගිල ගියේ දහසකුත් හැඟීම් සඟවාගෙනය.

කැලෑබද ප්‍රදේශයක පිහිටි මොරවක ඇතිමලේ ඇල්ල නැරඹීමට එතරම් සංචාරකයන් පැමිණෙන්නේ නැත. පෞද්ගලික සමාගමක්‌ මගින් මොරවක ඇල්ලේ විදුලි බලාගාරයක්‌ ඉදිකිරීමට උත්සාහ කළ ද මහජන විරෝධය නිසා එය අතරමග නතර කර දැමීමට සිදු විය. 


විදුලිබලාගාරය ඉදිකිරීම සඳහා යොදා තිබූ අත්තිවාරම ඒ ආකාරයෙන් තවමත් ඇතිමලේ ඇල්ලේ නිසොල්මනේ තිබෙයි. මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා මුරකරුවකු ද අදාළ සමාගම මගින් යොදවා සිටියි. මහේෂ් ඇයද සමග ඇතිමලේ ඇල්ල ප්‍රදේශයේ වූ ගල් තලාව තරණය කරමින් කැලෑ ප්‍රදේශයට ඇතුළු වුණේය.

මිනිස්‌ වාසයක්‌ නොමැති කැලෑවේ තනි වූ මහේෂ්
ඇය තම සිත් පතුලේ සඟවාගෙන සිටි ප්‍රේමනීය හැඟීම් එකින් එක ඉවත දමන්නට වූහ. මහේෂ්ගේ තාරුණ්‍යයට හැඟීම්වලට ඉඩ දුන් ඇය නිසොල්මනේ එහි ආශ්වාදය විඳින්නට වූවාය.

නිරුවත් වූ සිරුරු ගල් තලාව සිපගන්නට වූයේය. වසර ගණනාවකට පසු පිරිමියකුගේ පහසක්‌ ලැබීමෙන්
ඇයද කුල්මත්ව සිටියාය. කාලය ගෙවී යන බව මහේෂ්ටවත් ඇයටවත් තේරුණේ නැත. ඔවුන් දෙදෙනා ඔවුන්ටම වෙන් වූ ලෝකයක තනිව සිටියෝය.

"මහේෂ් මල්ලි අපි දැන් යමු නේද මට හෙට වැඩට යන්නත් ඕනෙ. ගෙදර වැඩ ගොඩගැහිලා...
ඇය මහේෂ්ගේ හිස අතගාමින් කීවාය.

"අක්‌කෙ මට කෝල් එකක්‌ ගන්න දෙන්න මගේ පෝ‍fන් එකේ සල්ලි ඉවරවෙලා. හදිසියේ කිසිවක්‌ මතක්‌ වීමෙන් කලබල වූ මහේෂ් ඇයගේ ජංගම දුරකථනයෙන් කාටදො ඇමතුමක්‌ ලබා ගත්තේය.

විනාඩි පහක්‌ දහයක්‌ නොව අඩ හෝරාවකට ආසන්න වේලාවක්‌ මහේෂ් කිසිවකු සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ කළේය. ඒ කතාබහ
ඇයගේ සිතේ ද සැකයක්‌ ජනිත කළේය.

"කාටද මහේෂ් මල්ලි ඔය හැටිවෙලා කතා කරන්නෙ.
ඇය තරමක කෝපයෙන් මෙන් විමසුවාය. "මගේ යාළුවෙක්‌ අක්‌කෙ. මිනිහා එක්‌ක මට පොඩි ප්‍රශ්නයක්‌ තියනවා. ඒක බේරුමක්‌ කර ගන්න කතා කළේ. අපි දැන් මෙතනින් මාරුවෙමු.

මහේෂ් ඇඟටපතට නොදැනීම කීවේය. කලකට පසු ලැබූ ආශ්වාදයෙන් කුල්මත්ව සිටි
ඇය මහේෂ්ගේ දකුණු අත දැඩිව ග්‍රහණයට ගෙන ඇතිමලේ ඇල්ල ප්‍රදේශයෙන් ඉවත් වන්නට පිය එසවූවාය."අක්‌කා ඉස්‌සරවෙලා යන්න මම පස්‌සෙන් එන්නම්.ඇය ඉදිරියෙන් යෑවූ මහේෂ් ඇගේ පිටුපසින් ගමන් ගත්තේය. 

කැලෑව මැදින් ටික දුරක්‌ එද්දී මහේෂ් හිටි හැටියේම අතුරුදන් විය. ඇයගේ සිතට මහා බියක්‌ දැනෙන්නට විය. 'මහේෂ් මල්ලී' යෑයි කියමින් ඇය කෑගසන්නට වූවාය. කැලෑව තුළින් මිනිස්‌ රූප කීපයක්‌ මතුවුණේ ඔය අතරතුරදීය.

"ඒයි උඹ කවුද? උඹ මේ කැලේ මොනවද කරන්නෙ.. කැලෑවෙන් මතු වූ එක්‌ තරුණයකු
ඇයගෙන් විමසුවේය. ඒ වන විට ඇය බියෙන් ගැහෙමින් සිටියාය. "මම මගේ යාළුවෙක්‌ එක්‌ක ඇල්ල බලන්න ආවා. මට එයාව මගඇරුණා. අනේ කරුණාකරලා මට යන්න උදව් කරන්න.

"ඇය නාඳුනන තරුණයන් ඉදිරියේ ආයාචනා කරන්නට වූවාය. උඹ කොල්ලත් එක්‌ක මේ කැලේ නටපු නාඩගම අපි දන්නෑ කියලද හිතන්නෙ. උඹට ඌත් එක්‌ක නටන්න පුළුවන්නම් අපි එක්‌කත් නටන්න පුළුවන් වෙන්න ඕනෙ. 

නාඳුනන තරුණයන් ඇයට තර්ජනය කරන්නට වූහ. අනේ මට කරුණාකරලා යන්න දෙන්න. මට දරුවො තුන්දෙනෙක්‌ ඉන්නවා. උන් මං එනකල් බලාගෙන ඉන්නවා. ඇය හඬා වැටෙන්නට වූවාය. එහෙත් තරුණයන්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැත.

අපි කියන විදිහට හිටියෙ නැත්නම් උඹව මේ ඇල්ලෙන් පහළට තල්ලු කරලා මරලා දානවා. ඒ නිසා අපිත් එක්‌ක යන්න වරෙන්. නාඳුනන තරුණයන්ගේ තර්ජන ගර්ජන ඉදිරියේ අසරණ වූ
ඇය ඔවුන්ගේ නියෝගවලට අවනත වූවාය.

අසරණ කාන්තාවක්‌ කැලෑවට බලහත් කාරයෙන් රැගෙන යන අයුරු ඇතිමලේ ඇල්ලේ ඉදිකිරීමට නියමිත විදුලිබලාගාරයේ ආරක්‍ෂාවට සිටි මුරකරුගේ නෙත ගැටිණි.

"උඹලා කොහෙද ඔය ගෑනිව අරගෙන යන්නෙ. ඔය ගෑනිට යන්න දීපල්ලා... මුරකාරයා තරුණයන්ගේ ගමන නතර කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔවුන් කිසිවකු මුරකාරයාගේ තර්ජන ගර්ජන ගණනකට ගත්තේ නැත.

අපේ වැඩවලට ඇඟිලිගහන්න උඹට අයිතියක්‌ නැහැ. ඒ නිසා පැත්තකට වෙලා හිටපන්. තරුණයන් මුරකරුටද තර්ජනය කර
ඇයව රැගෙන කැලෑ වැදුනේය. ඇතිමලේ ඇල්ලට ඉහළින් වූ ගල්තලාවක්‌ මත නතර වූ තරුණයන් පිරිස ඇය සිය ග්‍රහණයට ගත්තේය. 

වනචාරීන් ලෙස හැසිරුණු ඒ නරුමයන් වරින් වර ඇයට අතවර කරන්නට වූවේය. බියෙන් සලිත වී සිටි අසරණ ගැහැනිය ඒ නරුමයන් ඉදිරියේ බැගෑපත් වූවාය. 

අමු නිර්වස්‌ත්‍රයෙන් කැලෑව තුළ හැසිරුනු මේ වනචාරීන් පිරිස තමන්ගේ රංගනයන් ජංගම දුරකතන මාර්ගයෙන් වීඩියෝගත කරන්නට වූහ. මේ පාපතරයන් සිදුකරන අපරාධය පිළිබඳව ඒ වන විට මොරවක පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ ද කන වැකී තිබිණි.

තරුණයන් පිරිසක්‌ කාන්තාවක්‌ රැගෙන ගොස්‌ මොරවක ඇතිමලේ ඇල්ල කැලෑවේ සිරකරගෙන අතවර කරන පුවත රත්නායක මහතා ඒ මොහොතේම සිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ දේශබන්ධු තෙන්නකෝන් මහතාට ද දැනුම් දුන්නේය. ඔහොම ගිහින් ඔය මිනිස්‌සු ටික ඇරස්‌ට්‌ කරන්න. එකෙකුටවත් පැනලා යන්න දෙන්න එපා. 


මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් සියලු උපදෙස්‌ ලැබුණේය. මොරවක පොලිස්‌ ස්‌ථානාධිපති රත්නායක ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විනාඩි ගණනක්‌ ඇතුළතදී ඇතිමලේ ඇල්ල ප්‍රදේශය වට කළහ. 

පොලිසිය තමන් වටකර ඇති බව දැනගත් නරුම රැල කලබල වූහ. ඔවුන් නිරුවතින්ම කැලෑව පුරා දිවයන්නට වූහ. කීපදෙනකු ඇතිමලේ ඇල්ලෙන් පහළට පැන බේරී යැමට උත්සාහ කළෝය.

එහෙත් ඔවුන්ට පොලිස්‌ නිලධාරීන්ගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. අහිංසක කාන්තාව බලහත් කාරයෙන් රඳවාගෙන ඇය දූෂණය කළ වනචාරීන්ගෙන් තිදෙනෙක්‌ ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සමත් වූහ.
 

ඇය විනාශ කළ තවත් නරුමයන් තිදෙනකු පලා ගියහ. අතවරයට පත් වූ ඇය මොරවක රෝහලට ඇතුළත් කළ පොලිස්‌ නිලධාරීන් පලාගිය සෙසු සැකකරුවන් සොයන්නට වූහ. 

සිද්ධිය වූ දිනට පසු දින සවස මොරවක පොලිසියට දුරකතන ඇමතුමක්‌ ලැබුණේය. ඉන් කියෑවුණේ ඇය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක්‌ තරුණයකු මොරවක ගලගාව වත්ත ප්‍රදේශයේ ගසක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි.

පොලිස්‌ නිලධාරීන් ඒ මොහොතේම අදාළ ස්‌ථානයට ගියහ.
ඇය දූෂණය කිරීමේ කල්ලියේ තවත් ප්‍රධාන සැකකරුවකු මිල්ල ගසක අත්තක එල්ලී මියගොස්‌ සිටියේ තමන් සිදුකළ මහඟු අපරාධයට ස්‌වෙච්ඡාවෙන්ම දඬුවම් විඳගෙනය. 

ගසේ එක්‌ දෙබලක්‌ මත ජංගම දුරකථනයක්‌ විය. ජංගම දුරකථනයේ ගීත හඬ ඇසෙන්නට සලස්‌සවා තරුණයා සිය දිවි හානිකරගෙන සිටියේය. තරුණයා අසල තිබූ ජංගම දුරකථනයේ තවත් දේ වීඩියෝගත වී තිබිණි. කැලෑව තුළදී ඇය දූෂණය කරන තරුණයන් සිවුදෙනකු ඒ අතර වූහ.

මේ පාපතර ක්‍රියාවට සම්බන්ධ වූ තවත් අපරාධකරුවන් දෙදෙනෙක්‌ නීතියේ ඇසට වැලි ගසමින් සැඟවී සිටිති. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මෙවැනි අවලස්‌සන කතාන්තර අද සමාජයේ සුලභය. ඒ තරමටම අප පිරිහීමට ලක්‌ව සිටියි. රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යැමට පෙර මිනිසුන් තුළ යහපත් සිතුවිලි වර්ධනය කළ යුතුය. 


යහපත් සංස්‌කෘතියක්‌ ගොඩනැගිය යුතුය. ගුණයහපත් මිනිසුන්ගෙන් පිරි සමාජයක්‌ ගොඩනගන තාක්‌කල් රට මොන ආකාරයේ සංවර්ධනයක්‌ ලැබුවත් පලක්‌ නොවනු ඇත.

මිස්කෝල් එකකින් සුහදවී අනියම් පෙම්සුව විඳින්න ගිය නිසංසලාට වෙච්චි දේ...
 
Related Posts with Thumbnails